වෙසක් සිරිය හැමතැනම සතියක් තිබුණ එක ඇත්ත. එත් ඒ සතියේ ඇත්තටම අපි සැමරුවේ වෙසක්ද? දන්න හැටියට නම් වෙසක් පෝය බෞද්ධ අපට ඇති උතුම්ම පෝයයි. අමා මෑණි බුදුරදුන්ගේ ඉපදීම බුදුවීම පිරිිනිවණ සිදුවුණේ මේ පෝය දවසේ. බුදුන් සියල්ල අත්හළ දිනයේ මේ සිදු කරන්නේ කා බී ප්‍රීති වීම නොවේද

මාධ්‍ය සැමටම හපන්ය. අනෙකා අභිබවා තමන් නැගෙන්නට දහසකුත් විගඩම්ය. බුදුන්ගේ ධර්මය විකුණන් කන්නේ සිත්පිත් නැත්තවුන් සේය. අහෝ සැදැහැවතුන්ද සාදු නද දී පොර කන්නේ බුදුන් වදින්නටය. එහෙත් ශ්‍රද්ධාවක් නම් නැත්තේ ය.
ජාත්‍යන්තර වෙසක් සැමරුමත් හරි අපූරුයි. රට රටවලින් පැමිණි උදවිය වෙසක් බැලුවෝය. දැන් දහසකුත් දේවල් කියනුත් නොඅනුමානය.
සැබවින්ම අපි වෙසක් සැමරුවෙමු. එහෙත් වෙසක් පෝය යනු සැමරුමක් නොවන බව නොදන්නෙමු. තවත් එක් සැණකෙළියක් නිම විය. සසර ගමන තවත් දිගු විය.