Wednesday, August 31, 2016

පැපරාසියන්ගේ සිහිනය වූ රජ ගෙදරට අමතකවූ ඩයනා කුමරිය

Image result
වේල්ස් හී රජ කුමරිය. ඩයනා.....බ‍්‍රිතාන්‍යයේ මෙන්ම ලොව සියලූ ජනතාව ඇයට ආදරය කළේ ය. ඒ ඇයගේ රූප ස්වභාවට මෙන්ම ඇය ළග තිබූ මිනිසත්කම හේතු කරගෙනය.  අවුරුදු 19 යේදී විවාහ දිවියට මුල පුරන ඩයනා කුමරිය එතැන් පටන් බ‍්‍රිතාන්‍ය පුවත්පත් වල පුවත් මවන්නියක්ද වුවාය.... එහෙත් අද ඒ කුමරිය සියල්ලටම අමතක වී ඇති අයුරු......

Image result for prince dayanaඩයනා ස්පෙන්සර් නම් වූ ඇය උපත ලබන්නේ 1961 ජූලි 01 වන දින එවකට 8වන අර්ල්වරයා වූ ජෝන් ස්පෙන්සර්ට හා ෆ‍්‍රාසන් ෂාන්ඞ් කීඞ්ට උපන් පස්වන දරුවා ලෙසිනි. ඇය උපතින්ම රූමතියක වූවාය. ඩයනා කුමරියට අවුරුදු 13 ලබන විට තම මව හා පියා දික්කාසාද වන්නේ ඇයට පිය සෙනෙහස අහිමි කරමිනි. එතැන් පටන් ඇය තම මවගේ උණුසුමෙහි පමණක් හැදී වැඞී ඇත. ඩයනා කුමරිය රූමතියක් වූවත් ඇය ඒතරම් ඉගෙනීමට දක්ෂ තැනැත්තියක් නොවුනාය. මේනිසාම ඇයට පළමු පෙළ විභාගය දෙවරක්ම අසමත් වන්නටද විය. එහෙත් ඇය පියානෝ වාදනයට හා පිහිනනීමට අති දක්ෂ විය. මව යටතේ පමණක් හැදී වැඩුනත් ඇය අධි සුඛෝපභෝගී දිවියකට හිමිකම් කීවාය.

ඩයනා හා චාල්ස් එකිනෙකා මුණගැසෙන්නේ 1978 වර්ෂයේ ඩයනා කුමරියගේ සහෝදරයාගේ සාදයකට පැමිණි අවස්ථාවකය. එලෙස ලියලන ඔවුනගේ ආදර කතාව 1981 ජූලි 9 වන දින ලොවම කතා බහට ලක් කරන විවාහ මංගල්‍යකින් අවසන් වෙයි. ඩයනා කුමරිය විවාහ වන විට අවුරුදු 19ක් වන අතර ඒ වන විට චාල්ස් කුමරු පසු වූයේ 32වන වියේය. විවාහ වී අවුරුද්දක් යාමට මත්තෙන් 1982 ඩයනා කුමරිය මව් පදවියට උරුමකම් කියන අතර ඇය මුලින්ම රජ පවුලට උරුමක්කාරයෙක් ලබාදෙන්නීය. ඔහු නමින් විලියම් නම් විය. ඉන්පසුව ඇය නැවතත් 1984 දී මව් පදවිය ලබන අතර ඇය එවරද බිහිකරන්නේ පිරිමි දරුවෙකි. ඔහු හැරි කුමරු නම් විය.
Image result for prince dayana
දරු දෙදෙනාගේ උත්පත්තියෙන් පසුව චාල්ස් හා ඩයනා අතර කැම්ලා නම් තරුණිය සමග චාල්ස්ගේ පැවති අනියම් සම්බන්ධය නිසා ඇතිවන විරසක උත්සන්න වන්නට වූයේ විවාහ ජීවිතයද දෙකඩ කරමින්ය. ඩයනා කුමරිය වරෙක මාධ්‍යට කියා සිටියේ දෙමාව්පියන්ගේ වෙන්වීම නිසා තමා විදී දුක් තම දරුවන්ට ලබා නොදෙන බවයි. එහෙත් ඇය 1992 චාල්ස් කුමරු හැරයන්නේ අවුරුදු 11ක විවාහ දිවියට තිත තබමිනි. ඉන්පසුව ඇය 1996 පෙබරවාරි මස 28 වන දින චාල්ස් කුමරු හා නීතියෙන්ද වෙන් විය..

Image result for prince dayanaචාල්ස් කුමරු හා නීතියෙන් වෙන් වූවද ඇයට වේල්ස් හී කුමරිය යන නම්බු නාමය හිමි වන්නේ අනාගත බ‍්‍රිතාන්‍ය රජුගේ මව ඇය වන නිසාවෙනි. චාල්ස්ගෙන් නිතියෙන්ම වෙන් වූ පසු ඩයනා කුමරිය ඉතා සැහැල්ලූ ජීවිතයකට හුරුවන අතර ඇය තම දිවියෙන් වැඩි කාලයක් අසරණයන්ට පිහිට වීමට යෙදෙවන ලදි. මේ කාලය තුළ ඇය තරුණයන් කිහිපදෙනෙකු සමගම සමීප ඇසුරක් පවත් වන අතර නමුත් ඇයගේ පෙම්වතා බවට ප‍්‍රසිද්ධ වන්නේ අරාබි ජාතිකයෙකු වූ ඬේවිඞ් අල්යාඞ්ය. කෙසේ වූවද ඇය මෙළෙවින් සමුගන්නේද තම පෙම්වතා වූ ඬේවිඞ් අල්යාඞ් සමගින් ඇයට ආදරය කළ දෙනෝදහක් ජනතාවගේ දෙනෙතට කදුළක් එක්කරමිනි. ඒ 1997 අගෝස්තු 31 වන දිනය. 

ආදරණිය ඩයනා කුමරිය මෙළොවින් සදහටම නික්ම ගොස් අදට වසර 19ක් ගෙවී ගොස් ඇත. මේ කාලය තුළ ඇයගේම දරුවන්ට හා සැමියාට ඇය ගැන කිසිදු මතකයක් නොමැති අයුරු කනගාටුවට කරුණකි. දින හතක් ඇය වෙනුවෙන් ශෝක වූ ඔවුන් අද ඇය වෙනුවෙන් දේව මෙහෙයක්වත් නොපවත්වයි. එහෙත් ඇය නිසා ජීවය ලද අසරණ මිනිසුන් නම් ඇය වෙනුවෙන් යාඥා කරනු නො අනුමානයි.ලොවක් කතා කළ විවාහ මංගල්‍යකින් යුග දිවියට පත්ඇය ලොවක් කතා කළ අවමංගල්‍යකින් අවසන් ගමන්දගියේය. රජපෙළපත විසින්ම සිතාමතා අහිමි කරගත් ඒ අපූරු ගැහැණිය අද තනිවම සාමාදානයෙන් මිහිකත තුරුලේ සැනසෙනු ඇත. 
Image result for prince dayana

Monday, August 29, 2016

ලොව කැතම කාන්තාව වූ ඇය...... එහෙත් ඇය ලොව ජයගත්තාය.


Image result for lizzie velasquez
Image result for lizzie velasquez childනමින් ඇය ලීසි වැලස්ක්වෙස්ට  නම් විය. ඇය උපත ලබන්නේ රීටා හා වැලස්ක්වෙස්ට නම් යුවළට දාව 1989 මාර්තු 13 වන දිනය. අඩු මාසකින් මෙන්ම අවම උපත් බරකින් යුත් ඇය උපතින්ම රූපයෙන් අවලස්සන බිළි`දියක වූවාය. වෛද්‍යවරුන් අය පිළිබ`ද මව්පියන්ට දැන්වූයේ සිත් දෙගෙඩියාවෙන් වූවද ඇයගේ මව්පියන් ඇයව ආදරයෙන් වැළදගත්තේය. ඒ අපිරිමිත දරු සෙනෙහස නිසාවෙනි. උරූලැවට ඌගේ පැටියා මැණිකකි. ඒ අපිරිමිත මව්සෙනෙහස නිසාවෙනි. රීටා හා වැලස්ක්වෙස්ට නම් යුවළටද තම කැදැල්ලට ආ ප‍්‍රථම අමුත්තිය කුමන රූපයකින් සිටියද ඇයව සුරගනක් විය.

ලීසි කෙමෙන් කෙමෙන් වැඩිවියට පත්වන විට ඇයට දැනුම්තේරුම් ඇති අවධිය වෙන විට ඇය තම රූපය කෙරෙහි කළකිරීමට පත් වූ බව ඇය වරෙක් සදහන් කරයි. ලීසි උපතින්ම කිතුනු භක්තිකයෙකි. ඇය ධර්මය බොහෝසේ විශ්වාස කරන්නට වූවාය. මෙනිසාම ඇය උදෑසනම අවධි වී ජනෙල් කවුලූවෙන් පිටත බලා දෙවියන්ට යාඥා කළ බවද ඇය වරෙක ප‍්‍රකාශ කර ඇත. පාසල් අවධිය තරම් අමිහිරි අත්දැකීම් විදි කාලයක් ඇයගේ දිවියේ නොමැති බව ලීසි පවසන්නේ දුක හා සතුට එක් කළ කදුළක් දෙනෙතේ රදවාගෙනය. වරෙක මිතුරන් ඇයව කොන් කළාය. ඇයට අපහස කළාය. ඇයව සිනාහවට ලක් කලාය. එහෙත් ලීසි තම දිවිය ජය ගත්තාය.

Image result for lizzie velasquez
ලීසි උසස් පාසලේ අධ්‍යාපනය ලබන කාලයේ ඇයගේ නමින් වීඩියෝවක් යූ ටියුබ් හී පළ කරන්නේ ඇය පිළිබ`දව මිනිසුන්ගේ සිත්වල යම් හැගීමක් ඇති කිරීමටයි. එහෙත් සිදුවී ඇත්තේ වෙනම දෙයකි. මිලියන 4කට අධික පිරිසක් මෙම වීඩියෝව නරඹා ඇති අතර ලබාදී ඇත්තේ සෘනාත්මක ප‍්‍රතිචාරයන්ය. අයෙක් පවසා ඇත්තේ ඇයට ඇය විසින්ම තම ආත්මය විනාශ කරගන්නේ නම් යහපත් වන බවයි.සමහර අයෙක් ඇයව හදුන්වා ඇත්තේ රකුසෙක් යන නාමයෙනි. ලීසි කියන්නේ ඇය ඒ හැම මොහොතකම ලොවට හොර රහසේම හැඩු බවයි. ඇය පසුව සැනසීමට ලක්ව ඇත්තේ තම හිසකෙස් පිළිබදව සිතාය. ලීසි උපතින් කෙතරම් අවලස්සන වූවත් ඇය අලංකාර කෙස් කළඹකට හිමිකම් කීවාය. ඇය ලද දෙයින් සතුටුවී ඇත්තේ අපටද යමක් කියා දෙමිනි. ලීසි තවත් වරෙක පවසන්නේ තමන්ව පිළිකුල් කෙරූ ජනතාව තුළින්ම ඇය ඇයව සෙවූ බවයි. ඇය අද ලොව ජයගෙන ඇත. ඇය අද ලේඛිකාවකි. උපදේශකවරයකි. ඇයව පිළිකුල් කළ ඇයට අපහස කළ දහස් ගණන්ගේ ජීවිත වලට අද ඇයම සිනාහවක් ගෙනෙන සුරදූතියක් වී ඇත.
සිතන්න..........

ලීසිට ඇත්තේ මොනවාද? අපට නැත්තේ මොනවාද? ලීසිට කෙතරම් අභියෝග තිබුණේද? අපට ඇති අභියෝග මොනවාද? ලීසි කෙතරම් ඉදිරියෙන්ද? අප කෙතරම් පසුපසින්ද? අපට ඇගෙන් ඉගෙන ගත හැකි පාඩම් නම් කොතෙක් ද?  

ලීසි ලියූ පොත්

Lizze Buautiful-The Lizze Velasque-2010
Choosing Happiness- 2014
Be Beautiful Be You



2010 වර්ෂයේ ඇය ලියු පොත Lizzie Buautiful - The Lizzie Velasque Story. ස්වැං චරිතාපදානයක් වේ.

Sunday, August 28, 2016

කැමරන් නිමවු ටයිටැනික්

Image result for titanic movie


තවමත් සිනමා ලෝලින් ආදරයෙන් වැළදගන්නා සිනමා පටය ටයිටැනික්. අපේ කාලයේ ආදර අන්දරය ඒ ටයිටනික්. ජැක් රෝස් ආදර අන්දරය තවමත් පෙම්වතුන් දකින සැබෑ සිහිනයක්. ආදරය ත‍්‍රාසය මෙන්ම වෛරය එක්ව දැවෙන මේ අපූරු සිනමාපටය ලෝක වාර්තා රාශියකට හිමිකම් කියන්නක්. මේ ඒ ටයිටැනික් ගැන නැවත විමසුමක්.

20 වන සියවස යනු යුරෝපය සාගරය පිළිබදව මෙන්ම නෞකා පිළිබදව දැඩි විමසිල්ලෙන් පසු වූ කාල වකවානුවකි. මේ නිසාම යුරෝපය තුළ අද්වීතීය නිර්මාණයක් ලෙස ටයිටැනික් නෞකාව නිර්මාණය වෙනු ලබයි. මෙය අති සුඛෝපභෝගී අයුරින් නිර්මාණය වූවක් නිසාම මෙහි යාත‍්‍රා කිරීමේ පූර්ණ අයිතිය හිමිවූයේ ඉහළ ධනපති පංතියට පමණි. මේනිසා ප‍්‍රභූවරු එකාට එකා පරයමින් මෙහි මුහුදු ගමනකට පොර කෑවෝය. එහෙත් ඔවුන් මේ පොර කන්නේ තමන්ගේ අවසන් ගමන යන්නට බව ඔවුන් නොදත් කරුණකි. මේ අපූරු නෞකාව මුහුදු ගමන් අරබන්නේ සොදුරු මතකයන් ගොන්නකට ඉඩහසර වෙන් කරමින් වුවද අවසන වූයේ එය සදා අමරණිය වූ අවාසනාවන්ත මතකයක් බවට පත් වීමය. එහෙත් මෙම සිදුවීම ලෝකයේ සිනමා නිෂ්පාදකයින්ට අධ්‍යක්ෂකයින්ට නම්  සිනමාව තුළ අද්විතිය නිර්මාණයක් සිදු කිරීමට අපූරු තේමාවක් විය.

Image result for real titanic rose
මුලින්ම ටයිටැනික් නමින් සිනමා පටයක් නිර්මාණය වන්නේ 1943 වර්ෂයේ ජර්මනියේ ගර්බට් සෙල්ෆින් අතිනි. ඒ සැබෑ ටයිටැනික් නැව මුහුදුබත් වී වසර 31කට පසුවය. පසුව 1950 1979 1980 යන වර්ෂ වලදීද මෙම සිදුවීම මුල් කර ගනිමින් විවිධ ප‍්‍රබන්ධයන් ඔස්සේ ටයිටැනික් නමින් සිනමා නිර්මාණයන් සිදු වූවද සිනමා රසිකයින් උන්මාදයට පත් කරමින් සිනමාවේ පෙරළියක් කළේ 1997 ජේම්ස් කැමරන් අතින් නිමැවුනු ටයිටැනික් සිනමා පටය වේ. 


කම්කරු පංතියක් නියෝජනය කරන තරුණයෙකු හා ඉහළ මධ්‍යම පංතියක් නියෝජනය කරන තරණියක් අතර ඇතිවන පේ‍්‍රම කතාන්දරයක් රැගත් මෙම ටයිටැනික් සිනමාපටය ඔස්කාර් සම්මාන 11ක් හා වෙනත් සම්මාන 81 හිමි කරගෙන තිබේ. එමෙන්ම සමාජය තුළ මේ සිනමා පටය පාදක කොට ගෙන අපූරු සංස්කෘතියක්ද නිර්මාණය වීමද විශේෂය. ටයිටැනික් හී අන්තර්ගත වූ Every night in my dream නම් ගීතය අදටත් කොයි කා අතරත් ප‍්‍රසිද්ධ ගීතයකි. එමෙන්ම වසර 10ක් යන තෙක්ම අඛණ්ඩව ආදායම් වාර්තා තිබූ සිනමා පටය වන්නේ ද කැමරන්ගේ මෙම ටයිටැනික් සිනමා පටයයි.

කැමරන් යනු අවි ආයුධ බෝම්බ මෙන්ම ගින්දර වලට මුල්තැන දෙමින් ත‍්‍රාස්‍යජනක සිනමාපට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමා අධ්‍යයක්ෂක වරයෙකි. ආදරය තේමාවක් කර ගනිමින් ඔහු නිර්මාණය කළ ප‍්‍රථම සිනමාපටය ටයිටැනික් වීම ද විශේෂ කාරණයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සිනමාපටය දිවෙන නැතිනම් තිරගත වන පැය 2යි මිනිත්තු 45ක කාලය සැබෑ ටයිටැනික් නෞකාව මුහුදු බත් වීමට ගතවූ කාලයට සමාන වීම. රෝස්ගේ මහල් චරිතයට පණ පොවන Gloria Stuart නම් නිළිය සැබෑ ටයිටැනික් අනතුරෙන් දිවි ගලවාගත් අයෙක් වීමද විශේෂ කරුණකි.

ටයිටැනික් නෞකාව
අයිස් පරයේ ගැටිණ 
ජැක් රෝස් නූඹ තවම පේ‍්‍රමයේ  
සිහිනයක.....
එක් වෙන්න නිව්යෝක් නගරයේ තොටුපලක
දුටුවාට සිහිනයක් එකම පෙම් ලොවක හිද....
දන්නවාද ටයිටැනික් තව ටිකෙන් ගිලෙන බව
ජැක් නුඹට රෝස් හැර යන්න වෙන බව
මූදු පතුලට......

Image result for titanic movie

Wednesday, August 24, 2016

ඔහු සැබෑ ආදර්ශමත් නායකයෙක් විය.

Image result for නෙල්සන් මැන්ඩෙලා


”හොද ඔලුවක් හා හොද හදවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබදතාවයකි.”

-නෙල්සන් මැන්ඩෙලා-



ඔහු ලෝක දේශපාලනය තුළ ආදර්ශමත් දේශපාලන නායකයෙකි. ”ඩිබා” මේ නිහතමානි නිරහංකාර නායකයාව ඔහුගේ ජනතාව හැදින්වූ ආදරණිය නාමය. ඔහු මැන්ඩෙලා නම් විය. නෙල්සන් මැන්ඩෙලා දේශපාලන මංපෙතේ ඔහු සැබෑ නායකයෙක් පමණක්ම නොව විප්ලවකාරයෙක් යැයි කිවද වරදක් නොවන්නේ ය. වර්ගවාදය නැති කිරීමේ පිතෘත්වය හිමි වන්නේ මැන්ඩෙලාටය. මේ නිරහංකාර මිනිසාගෙන් වත්මන් ලෝක දේශපාලඥයින්ට ගත හැකි ආදර්ශයන් බොහෝ වුවද ඔහුගේ ගමන් මග යන්නෙක් හමු නොවීම කනගාටුවට කරුණකි.

නෙල්සන් මැන්ඩෙලා  1918 ජූලි 18 වන දින දකුණු අප‍්‍රිකාවේ ඊස්ටන් කේප් ප‍්‍රදේශයේ උම්ටුටාහි මාවේසෝ ගම්මානයේ දී උපත ලබා ඇත. ගොපලූ කොලූ ගැටයකු ලෙස හැදී වැඩුණ මැන්ඩෙලා මුල්ම අධ්‍යාපනය ලබන්නේ මොතෝදිස්ත ක‍්‍රිස්තියානි පාසලෙන්ය. එයට හේතුව වන්නේ මැන්ඩෙලාගේ මවුපියන් ක‍්‍රිස්තු භක්තිකයන් වීමයි. එහෙත් මැන්ඩෙලාගේ පියා මිය යෑමෙන් පසු ඔහුගේ මව තෙම්බු රජ පවුලට මැන්ඩෙලා බාර කරන්නේ ඔහුගේ අනාගතය ගැන හීන දකිමින්ය. මැන්ඩෙලා ද මෙහිදී ඉංග‍්‍රීසි භාෂාව ඉතිහාසය භූගෝල විද්‍යාව ආදී විෂයන් රාශියක දැනුම තම දැනුමට එක් කර ගැනීමට සමත් විය..
මෙතැනින් නොනැවතුන මැන්ඩෙලා තම ද්විත‍්‍රීයික අධ්‍යාපනය සම්පූර්ණ කරගනු ලබන්නේ් ක්ලාන්බරි බෝටරින් විද්‍යාලයෙනි. ඉන්පසුව ගොට්හාරේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන මැන්ඩෙලාට එහිදී විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වන්නේ ඔහු කලූ ජාතිකයේ වීම යන කාරණාව හේතු කොටගෙනය. මෙයින් දැඩි සේ කළකිරීමට හා කෝපයට පත්වෙන මැන්ඩෙලා තම විප්ලවාකාරී ගමන් මගට අවතීර්ණ වීමේ මුල්ම පියවර තබන්නේ තම සගයෙකුගේ ද සහාය මතිනි. ඒ අනුව සුදු ජාතීන්ගේ කෙනෙහිලිකම් වලට විරෝධය පාමින් පෙළපාලියක් සංවිධානය කරන ලදි. මේ ක‍්‍රියාවලිය නිසා මැන්ඩෙලාට පංති තහනමකට මුහුණ දීමට සිදුවන අතර ඔහු තම උපාධිය සම්පූර්ණ කරගන්නේ බාහිරිනි. එයින්ද නොනවතින මැන්ඩෙලා නීතය පිළිබ`දව හැදැරීමට විට්වෝට්ස්ට‍්‍රාන්ට් විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙනු ලබයි.

Image result for නෙල්සන් මැන්ඩෙලාතම අධ්‍යාපනය මෙලෙස අවසන් කරන මැන්ඩෙලා සුදු ජාතීන්ගේ වර්ගවාදි පාලනයට එරෙහිව නැගී සිටින්නේ දකුණු අපි‍්‍රකාව තුළ ඔවුන් ගෙනගිය ඇපතයිඞ් නීති මාලාව පිළිබද කළකිරීමෙන්ය. මේ අනුව ඔහු 1944 දී ඔලිවර් නම් තම පාසල් සගයා හා එක්ව අපි‍්‍රකානු සංගමයේ තරුණ සංගමයක් පිහිටුවන ලදි. එහි සභාපතිවරයා බවට පත්වූයේ ද මැන්ඩෙලාය. එහෙත් දෙවන ලෝක යුද්ධයේ තත්වය දරුණු අතට හැරීමත් සමගම මෙම සංගමය සුදු ජාතීන් විසින් තහනමට ලක් කරන ලදි. එහෙත් මෙයින් පරාජය භාර නොගන්නා මැන්ඩෙලා නැවතත් 1944 වර්ෂයේ සැප්තැම්බර් මස අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් තරුණ ලීගය ආරම්භ කරනු ලබයි. මෙම සංගමය උපයෝගී කරගනිමින් කලූ සුදු වර්ණ භේද වාදයටත් රටේ මුල් උරුමක්කරුවන් වන කලූ ජාතිකයන් රටේ වහලූන් බවට පත් කිරීමත් යන කාරණා මුල් කොට ගනිමින් විරෝධය පා පෙරමගට බසී. මේ කාරණාව නිසා සිවිල් නීති කඩ කළාය යන වරදට මැන්ඩෙලා මුල්ම වරට සිරගත කරනු ලබයි. සිර මැදිරියෙන් නිදහස්ව ආ මැන්ඩෙලා තම ගමන එතැනින් නොනවැත්තු අතර නැවතත් 1962 දී වර්ණ භේදවාදී රජයට එරෙහිව ක‍්‍රියා කරන්නට විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ මැන්ඩෙලාට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වීමය. සිර මැදිරීයේ මැන්ඩෙලා ගෙන ගිය තරම් කටුක ජීවිතයක් වෙනෙකෙකුට හිමිව නැත. එහෙත් ක්ලාර්ක් නම් සුදු ජාතික නායකයා වර්ණවාදයට තිත තබමින් 1990 පෙබරවාරි මස 11 දින මැන්ඩෙලාටද නිදහස ලබා දුන්නේ සැබෑ මිනිසෙකුගේ අගය ඔහු තේරුම් ගත් නිසාවෙන් විය හැකියි.

Image result for නෙල්සන් මැන්ඩෙලාසිර ගෙදරින් නිදහසු වූ මැන්ඩෙලා නැවතත් තම දේශපාලන කටයුතු වල නිරත විය. එහෙත් එතනින් පසු ඔහු රුඩිකල් නායකයෙක් ලෙස කටයුතු නොකළේය. 1994 දී මැන්ඩෙලා අප‍්‍රිකානු ජාතික සංගමයෙන් මැතිවරණයට ඉදිරිපත්වන අතර එහිදී ඔහු පහසු ජයක් හිමි කරගන්නා ලදි. අප‍්‍රිකාවේ ප‍්‍රථම කලූ ජාතික ජනාධිපතිවරයා වන්නේද මැන්ඩෙලාය. මෙලෙස ජනාධිපති බවට පත් වීමෙන් පසුව මැන්ඩෙලා තම ජාතියට මෙන්ම සුදු ජාතීන්ටද සමසේ සැළකීම දක්නට ලැබීම ඔහුගේ චරිතයේ විශේෂ ලක්ෂණයකි. මොහුගෙන් උගත හැකි තවත් පාඩමකි බලයට ලෝභී නොවීම. මැන්ඩෙලා තම පළමු ධූර කලය අවසන් වූ විගසය තම දේශපාලන දිවියටද සමු දුන්නේය. එහෙත් ඔහු තම ජනහිතකාමි වැඩ පිළිවෙලට තිත නොතැබීම විශේෂ ලක්ෂණයකි. එච්.අයි.වී. වෛරසය අප‍්‍රිකාවේ වසංගතයක්ව තිබූ අතර එය අප‍්‍රිකාවෙන් තුරන් කිරීමට මුලිකව කටයුතු කරන්නේද නෙල්සන් මැන්ඩෙලාය. බලය පසුපස පිස්සුවෙන් මෙන්ම වියරුවෙන් පන්නන දේශ පාලූවන්ට මේ අසහයක නායකයා ගුරුවරයෙක් බදුය. 

ලෝක දේශපාලනයේ සැබෑම නායකයෙකු වූ මැන්ඩෙලා පාඩම් රාශියක්ම ලොවට ඉතිරි කර දෙමින් 2013 දෙසැම්බර් මස 15 වන දින ලොවෙන් සමුගත්තේය. ඔහුට කරන ගෞරවයක් ලෙස ජූලි මස 18 වන දින ලෝක මැන්ඩෙලා දිනය නමින් නම් කර තිබීමද විශේෂය. මැන්ඩෙලා නිරන්තරයෙන් කී කතාවකි. එමෙන්ම ඔහුගේ ජීවිතයේ තිබූ නීති තුනකි.
ඔබ නිදහස් වන්න
අන් අය නිදහස් කරන්න
සෑම දිනකම සේවයට වාර්තා කරන්න
සැබෑ දේශපාලන නායකයෙක් වූ මැන්ඩෙලා නම් උතුම් මිනිසටා කළ හැකි උසස්ම උපහාරය වන්නේ ඔහුගේ දේශපාලනය චරිතය ආදර්ශයට ගැනීමයි.
Image result for නෙල්සන් මැන්ඩෙලා

Sunday, August 21, 2016

ඔලිම්පික් යටගියාව හා රියෝ ඔලිම්පික් රසකතා



2016 වර්ෂයෝ රියොද ජැනේරෝ නගරයේ පැවැති 31 වෙනි ඔලිම්පික් නිමා වූයේ අපූරු පුවත් රාශියක් මවමිනි. කි‍්‍රඩාවේ රසබර තැන් සේම කි‍්‍රඩාව නිසා ඇතිවූ අසම්මත ආදරයන් විවාහ යෝජනා ද දැක ගැනීමට මෙහිදී හැකිවුණා. පිරිසක් මෙම කරුණු කාරණා සාධාරණීය කොට සනාසී සතුටු වෙද්දී තවත් පිරිසක් අශෝභන කි‍්‍රයා ලෙස ඉවතලමින් විවේචනයන් කිරීමටද අමතක කළේ නෑ. කොහොම වුවත් දැං රියෝ ඔලිමිපික් නිමාව සනිටුහන් වී අවසන්. පුරා දින පහළවක් උත්සවශී‍්‍රයෙන් පැවැත්තුණු මේ ඔලිම්පික් උළෙලට තිබූ තර්ජනද අතිවිශාලයි. කෙසේවුවත් දකුණු ඇමරිකානුවන් සාර්ථක ලෙස තම රටෙහි පැවති ඔලිම්පික් වසන්තය නිමා කොට තිබේ. අපට නැවතත් ඔලිම්පික් දැකිය හැක්කේ 2020 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නුවරදීය. ඔලිම්පික් සදහා සත්කාරක රට තේරීම සිදුවන්නේ වසර පහකට හෝ අටකට පෙර සිට වීමද විශේෂය.

ඇත්තටම මේ ඔලිම්පික් වල ආරම්භය කුමක්ද? කුමන රටේද? ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නැරඹුවාට ඒ ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඔලිම්පික ක‍්‍රීඩා වල ආරම්භය සිදුවන්නේ පුරාණ ග‍්‍රීසීයේ. පුරාවෘත්තයන්ට අනුව නම් මෙම ඔලිම්පික් කී‍්‍රඩා වල සැබෑ උරුමකරුවන් වන්නේ සියුස් හා ඔහුගේ පුතණුවන් වු හර්කියුලිස් ය. පුරාණ ඔලිම්පික් උළෙලෙහි විශේෂත්වය වන්නේ මෙම ක‍්‍රීඩා සදහා ග‍්‍රීක ජාතික පිරිමින් පමණක් සහභාගීවීමයි. මෙහි පැවැති තරග වූයේ දිවීමේ තරග මල්ලව පොර තරග බොක්සිං තරග හා තුරග තරගයන්ය. ගී‍්‍රසියේ පැවති මෙම ඔලිම්පික් උළෙල අභාවයට යන්නේ රොම් අධිරාජ්‍යයා ග‍්‍රීසිය තම අණසකට නතු කරගත් පසුවය. කෙසේවෙතත් පුරාණ ඔලිම්පික් නිමාවන්නේ කුමන කාල පරාසයකදීද යන්න පිළිබදව තොතුරු වාර්තා වී නොමැත.

මෙලෙස අභාවයට ගිය ඔලිම්පික් නැවත ජීවය ලබන්නේ ක‍්‍රි.ව. 1796 හා 1798 යන කාල පරාසයේදීය. මේ අනුව විවිධ පාර්ශව වල මැදිහත්වීම මත අභාවයට යෑමෙන් පසුව 1896 දී මුල්ම ඔලිම්පික් උළෙල පවත්වනු ලබයි. මේ අනුව විවිධ බාධා මැද පැවති මෙම ඔලිම්පික් වර්තමානයේ ඉතා සාර්ථක ලෙස පවත්වන ආකාරය දැකිමද සතුටට කරුණකි. ඔලිම්පික් හී පරමාර්ථය වන්නේද ඒක් එක් රටවල් අතර සහයෝගීතාව කී‍්‍රඩාව ආශ‍්‍රයෙන් ගොඩ නැංවීමයි. මේ කරුණ මුල් කොට ගනීමින් ඔලිමිපික් සංකේතයද නිර්මානය වී පවති. නිල් කහ කොළ රතු වර්ණයන්ගෙන යුතුව මෙම සගකේතය නිර්මාණය කර ඇත්තේද ඒ නිසාවෙනි. සෑම රටකම ජාතික කොඩියේ මෙම වර්ණයන් දැකිය හැකි වීම ඊට හේතුවයි.

Captureරියෝද ජනේරෝ හී පැවති 31වන ඔලිම්පික් උළෙල අනෙක් ඔලිම්පික් උළෙලවල් හා විමසීමේදි ඉතා විශේෂ සිද්ධීන් වාර්තා කරනු ලබයි. ඒ අතර අන්තර්ජාලය පවා කැළඹු පුවත්ද වාර්තාවීම විශේෂය. මේවර ඔලිම්පික් උළෙල තුළ සිදු වූ අසම්මත පේ‍්‍රමයක ඇරයුම ප‍්‍රථම කතාන්දරය විය. ක‍්‍රීඩාවට හා ආදරයට ඇත්තේ සමීප ලෙංගතු කමකි. එය කාන්තාව කෙරෙහි පිරිමියාට සිදු වන්නේද පිරිමියා කෙරෙහි කාන්තාවට සිදුවන්නේද නැත්නමි එය සම්මතයෙන් පිටත හිද අසම්මතයට අනුව සිදුවන්නෙද එය ආදරය ලෙස කීවද වරදක් නොමැත. මෙතෙක් පැවති කිසිදු ඔලිපික් උළෙලක දැකිය නොහැකි වූ මෙය රියො ඔලිම්පික් හි මතක සැමරුමක් වනු නොඅනුමානයි. රියෝ ඔලිම්පික් ආදර කතා මෙතනින් නිමා නොවෙන අතර කී‍්‍රඩිකාවන් දෙදෙනෙකුටද තම පෙමිවතුන් විසින විවාහ යෝජනා ගෙන එන ලද්දේ ඔවුනට මංගල සීනු හඩවමිනි. 


පේ‍්‍රමයේ සැමරම් එලෙසින් කී‍්‍රඩා පිටියේ දෝලනය වන විට අනාවැකිකරුවන්ගේ සිහින බොද කරමින් රියෝ ඔලිමිපික් වසන්තය උසේන් බොල්ට් විසින් තවත් වර්ණවත් කලේ සමාජයට බොහෝ දෑ පසක් කර දෙමිනි. එමෙන් ම රියෝ ඔලිම්පික් හී කාන්තා වෙරළ වොලිබෝල් තරගයේදී ඊජිත්තුව හා ජර්මනි තරගය පේ‍්‍රක්ෂකයන් උන්මාදයට පත් කළ තරගයක් විය. ඊජිත්තු කී‍්‍රඩිකාවන් තම සිරුර මුලුමනින්ම වසා කී‍්‍රඩාවේ නියෙලෙන විට ජර්මනි කී‍්‍රඩිකාවන් අඩක් ම නිරුවත්ව බිකිනියෙන් තරග වැදුණි. රටවල් දෙකක සංස්කෘතින් දෙකක් තම අනන්‍යතාව විදහා පෑ අවස්ථාව කාගෙත් නෙත් පිනවන් දසුනක වූයේ ද රියෝ වසන්තයේ රස මොහෙතක් වෙමිනි.
කෙසේ වෙතත් මෙලෙස රසබර මතකයන් ඉතිරි කරමින් නිමාවු රියෝ ඔලිම්පික් හී ජය තහවුරු කරගත්තේ ඇමරිකානුවන්ය. පදක්කම් 121 ලබා ගත් ඇමරිකානුවෝ රියෝ ඒමට පෙර රියෝ වර්ජනය කළ බවද අවසාන වශයෙන් කිව යුත්තකි. සනීපාරක්ෂක කටයුතු හී අඩුපාඩුකම් ගැන කතා කරමින් රියෝ ආ ඇමරිකානුවන් රියෝ ඔලිම්පික් කිරුළ ගෙන අද එරටින් පිටව යන්නේ සුන්දර මතකයන් සමගින් බව නම් ස්ථිරය.

තරගයක් ඇත්නම් දිනුමක් මෙන්ම පැරදුමක්ද තිබෙන බවද එය මධ්‍යස්ථව දරා ගත යුතු බවද රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල මුලු ලෝකයටම මතක් කර දී ඇත. තවත් වසර හතරකින් පැමිණෙන ටෝකියෝ ඔලිපික් කවර වෙනසක් කරාවිද......? අපි බලා සිටිමු.


Saturday, August 20, 2016

යුද්ධයෙන් බැට කන සිරියාවේ වැසියෝ

යුද්ධයෙන් සිදුවන්නේ මිනිස් ජීවිත මේන්ම දේපළ හානි පමණමය. ලේ වැගිරීම් මතින් ගොඩ නැගෙන දේශයක සිනා හඩක් කොයින්ද.....? දෙමව්පියන්ට දරුවන් අහිමි වන දරුවන්ට මව්පියන් නැතිව යාම බිරින්දෑවරු කනවැන්දූම් වීම හැරෙන්ට වඩ වැඩි දෙයක් යුද්ධයකින් ආප්ක්ෂා කළ නොහැක. අප ද බිහිසුණු යුද්ධයකට මුහුණ දී සිටිෙයමු. යුද්ධයේ කුරිරු බව අපිද දැක ඇත්තෙමු. මම අද කතා කරන්නේ අපේ රට ගැන නෙවයි. සිරියාව ගැන. සිරියාවේ සිවිල් වැසියන් ගැන. අප සැවොම මනුෂ්‍යන්ය. මේනිසාම ජාති ආගමි දේශ සීමාවන්ගෙන් තොරව මිනිසුන් වෙනුවෙන් දුක්වීම අප කාටත් පොදු වූවකි. මේ දිනවල අන්තර්ජාලයේ පළවු විඩියොවක් මා හද සසළ කලේ ඒ නිසා විය හැකියි. ඇමරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදා මෙන්ම රුසියාවද සිරියාවට බෝම්බ හෙළති. මේයින් පීඩා විදින්නේ අසරණ සිවිල් වැසියන්ය. කිසිත් නොදන්න කුඩා දරුවන්ය. බෝම්බ මොනවාද යුද්ධය යනු කුමක්ද මරණය යනු කුමක්ද ඔවුන් දන්නේද නැත. ඒ නිසා විය හැකි හමුදාවට හමුවු මේ කුඩා දරුවා තම සිරුරෙන් වැටෙන් ලේ බිදු පවා පිහදමින් බියෙන් බලා සිටියේ. පහළින් දැක්වෙන්නේ එකී විඩියෝවේ ඡුායාරූපයන් වේ.

This still image, taken from a <a href="https://www.youtube.com/watch?v=7cfBmRW3isc" target="_blank">video posted by the Aleppo Media Center,</a> shows a young boy in an ambulance after an airstrike in the northern Syrian city of Aleppo on Wednesday, August 17. The boy has been identified as Omran Daqneesh, and the video of him has been circulating on social media.Omran silently wipes blood from his head in one of the last images we see in the video. He has since been released from the hospital. The doctor who treated him said his injury was light compared with the others wounded in the bombing.It took nearly an hour to dig Omran out from underneath the rubble, an activist told CNN. He and other rescuers used flashlights to bring out several people trapped beneath the bombed-out building. Syria is now in its fifth year of civil war, with the <a href="http://scpr-syria.org/publications/policy-reports/confronting-fragmentation/" target="_blank">Syrian Center for Policy Research</a> estimating the death toll at a staggering 470,000. Aleppo may be one of the hardest-hit cities. Mustafa al Sarouq, the cameraman who filmed the video of Omran, <a href="http://www.cnn.com/2016/08/17/world/syria-little-boy-airstrike-victim/index.html" target="_blank">told CNN's Nima Elbagir:</a> "The truth is that the image you see today is repeated every day in Aleppo."



සිිරියාවේ සීතල යුද්ධය නිසා තවත් දරුවෙකු මුහුදට බිලි වූවා ඔබට මතක ඇති. යුද්ධය නිසා සරණාගතයන් ලෙසින් රටින පිටව තම මව්පියන් සමග  මුහුදු ගමනක යෙදුණ මේ කුඩා බිළිදා මුහුදට බිලි වූයේ යුද්ධයේම අනිටු ප‍්‍රතිවිපාකයක් ලෙසිනි. තුර්කි මුහුදට ගොඩ ගලා තිබු කුඩා සිගිත්තාගේ නිසල දේහය ලොව කෙතරම් කම්පා කළේද? ලොවට කෙතරම් දෑ සිතන්නට ඉතිරි කළේද? එහෙත් ඉන් පලක් වී නම් නොමැත. සිරියා යුද්ධයේ ආරම්භය කොතැතනද? එහි අවසානය කුමක් වේවිද?

සිරියාවේ ඒකාධිපති පාලනයට විරුද්ධව පිරිසක් හඩ නගද්දි ඇමරිකාව එයට සහාය වන්නේ අරමුණු රුසකට බලාපොරොත්තු තබා ගනිමිනි. එහෙත් එම පිරිසෙහි විරොධතාවය පුස්සක් බවට පත්වෙමින් බසාර් අල් හසාඩ් තම බලය තහවුරු කර ගන්නේ රුසියාවේද සහය ඇතිවය. ඇමරිකාව විරෝධකරුවන්ට ආයුධ පවා සපයන ලද්දේ ලිබියාවේ ගඩාෆිගේ පාලනය මෙන් අල් හසාඩ් ගේ පාලනයද නිමා කරවීමේ හීන දකිමිනි. එහෙත් රුසියාවේ සහය නිසා ඇමරිකානුවන්ට එය හීනයක්ම විය. මේ සිහිනයේ යථාර්තය පසක් කර ගැනීමට ඇමරිකානුවන් ලොවටම රහසේ අයිඑස් අයිඒස් නමින් වෙනමම කණ්ඩායමක් නිර්මානය කළේ. අවාසනාවක මහත වන්නේ අද ඔවුන් මුලු ලෝකයටම තර්ජනයක් වී ඇත. සිරියාව තුළ වෙසෙමින් ඔවුන් ලෝකයටම තර්ජනය කරයි. සිරියාවට ආදරය කළ රුසියානුවන්ද දැං දැං සිරියාව බෝම්බ හෙළති. ඔවුනගේ නිර්මාපකයා වූ ඇමරිකානුවොද දැං සිටින්නේ කර කියා ගත නොහැකිවය. කෙසේ වුවත් මේ පිල්් ගැසීම 
නිසා ජීවිත වලින් වන්දි ගෙවන්නේ අසරණ සිරියාවේ සිවිල් වැසියන්ය. නොදරුවන්ය. 

පළමු ලෝකය යුද්ධය හා දෙවන ලෝකය යුද්ධය නිසා ලෝකයම දරුණු ව්‍යසනයකට මුහුණ පෑවේය. එවන් අභාග්‍ය සම්පන්න අවධියකට නැවත් ලෝකය ගමන් කරනවාවත්ද? ලෝක බලවතුන් සියල්ලගේම පූර්ණ අවධානය සිරියාව වෙත යොමු වී ඇතත් ඔවුන්ගේ ඒ අවධානය සිරියාවේ සිවිල් වැසියන් කෙරේ යොමු නොවීම කනගාුටවට කරුණකි.

අවසාන වශයෙන් කිව යුත්තේ එකම දෙයකි. එනම් සාධාරණ යුද්ධයකට වඩා අසාධාරණ සාමය ඉතාමත් හොද දෙයක් යන්නය.


Tuesday, August 16, 2016

කලු පටි විරෝධය පවා ආ මොකද්ද මේ පනත





මොකද්ද මේ අතුරුදහන් වූවන් පිළබද සෙවීමේ කාර්යාලය පහිටුවීමේ පනත කියන්නේ. අද සමාජයේ දැවැන්ත ලෙස කතා බහට ලක්වෙන මාතෘකාවක්. එත් මේ පනත පිළිබදව හරිහැටි අවබෝධයක් සමාන්‍ය ජනතාවට නොමැති තරම්. දේශපාලකයෝ කල්ලි බේදී මෙයට එකගතාවය මෙන්ම හා විරෝධතාව පානවා. දේ්ශපාලකයන් උත්තරීතර පාර්ලිමේනතුවට යවපු ඡුන්දදායකයෝ මේ නාඩගම දිහා බලන් ඉන්නවා. කොහොම වූනත් අවුරුදු හතරකට සැරයක් මහජනතාවගේ කකුල් ළගට එන දේශපාලකයා කරන කියන හැම දෙයක්ම ජනතාව හඅවුරුදු හත්රක් බලාසිටිය යුතුයි. අනේ මෙහෙමත් ලෝකයක්.
යහපාලන ආණ්ඩුව බලයට එන විට ජනතාවට පොරොන්දු මල්ලක් අරගෙන ආ විත්තිය අපි හැමෝම දන්න කරුණක්. ඒ පොරොන්දු මල්ලේ විශේෂයෙන්ම තොරතුරු දැන තැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන බවට කළ පොරොනදුව විශේෂයි. එය ජනතාවට ඒ අයුරින්ම ඉටු කර දුන්නත් මේ අතුරුදහන් වූවන් පිළබද සෙවීමේ කාර්යාලය පහිටුවීමේ පනත නම් මේ පොරොන්දු මල්ලේ තිබුණේ නෑ. මේ පනත ගෙන ඒමේ මූලිකම පරමාර්ථය මොකද්ද කියන දෙය නම් ජනතාවට අභිරහසක්. කොහොම වුනත් ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා පිරිස පසුගිය සතියේ කලු පට් පැළද පාර්ලිමේන්තු සංකීර්ණයට ගියේ මේ පනතට විරෝධය පළ කරමින්. එහෙත් පනත සම්මත වී අවසන්. කලු පටියේ විරෝධය වත් ආණ්ඩුව සැළකිල්ලට නොගත් හැටි.......

මෙම පනත යහපත් යැයි කියන පිරිස කියා සිටින්නේ මෙම පනත සම්මත වීම ශී‍්‍ර ලංකාව ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයක් වන බවයි. එමෙන්ම මෙරටට ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය අර්ථවත් කිරීමටද මෙම පනත ඉවහල් වන බවයි.ජනතා විමුක්ති පෙරමුණත් පනතට සහය දී ඇත්තේ 1971 සිට මේ දක්වා සිදු වූ අතුරුදහන් වූ වන්ට හා ඔවුනගේ පවුල් වලට මෙමගින් සාධාරණයක් ඉටුවන බව විශ්වාස කරමින්ය. එහෙත් මෙම පනත සම්මත වීම ගැන අපට වඩා අද සතුටු වී ඇත්තේ ජාත්‍යන්තරයයි. නොර්වේජියානු අගමැතිවරිය මෙය සම්මත වීම මෙරට ලද ජයග‍්‍රහණයක් බව පවසන අතරම මේනිසාම එරට සහයෝගය මේ රටට ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. 

පනතට විරෝධය පාන පිරිස කියා සටින්නේ මෙය ජාත්‍යන්තර බලවේගයන්ගේ අදිසි හස්තයේ ක‍්‍රියාත්මක වීමක් බවයි. එමෙන්ම රටේ රණ විරුවන් හා ඉදිරි අනාගතයම බිල්ලකට හසුවී ඇති බවයි. සංහිදියාවේ පනත මෙහි ඉදරි පිම්ම බවත් මොවුනගේ අදහසයි. මොවුන් පෙන්වා දෙන්නේ අතුරුදහන් වූවන් පිළබද සෙවීමේ කාර්යාලය පහිටුවීමේ පනතේ 27 වන වගන්තිය මේ පනතේ යටි අරමුණු පැහැදිලි ලෙස විද්‍යාමාන කරන බවයි. එහි දැක්වෙන අයුරින් උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන් වීම් පිළිබද කෙළින්ම සදහන් කර තිබේ. ඔවුන්ගේ ප‍්‍රශ්නය වන්නේ උතුරු නැගෙනහිරට පමණක් විශේෂත්වයක් ලබා දී ඇත්තේ ඇයිද යන්නයි.

නීතිය තැන සාමාන්‍ය මිනිසා දන්නේ අල්ප වශයෙනි. ඇතැම්වටි කිසිම දෙයක් නොදන්නවා විය හැකිය. එහෙත් පාලකයෝ තම කටයුතු වලදී සමාන්‍ය ජනයා දැනුවත කළ යුතුය. මේ රටට පාලකයන්ගේ නොව අනාගත පරම්පරාවට අයිති දෙයකි. ඔවුන් කරන අමනෝඥ ක‍්‍රියා බලපාන්නේ රටේ අනාගතයට මිස ඔවුනට නොවේ. මේ නිසා කළ ගෙඩියක් තරම් ඔලුවේ ඇති අඹ ඇටයක් තරම් මොළය ක‍්‍රිපා කරවිය යුත්තේ වඩාත් සිතා බලාය. ජනතාව ඔවුන්ව පාර්ලිමේනතුවට යවන්නේ පාර්ලිමේනතුවේ ඩෙගා නැටීමට නොව රටට යහපතක් කිරීමටය. මෙය තේරුම් ගෙන කටයුතු කරන්නේ නම් මැනවි.


Monday, August 15, 2016

අනාවැකි බොරු කළ ජැමෙයිකානුවා රියෝ ඔලිම්පික්ද ජයගනී......






අවුරුදු හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උළෙල ලෝකයේ සෑම රටකටම වැදගත් කී‍්‍රඩා උළෙලක්. මෙවර එනම් 2016 වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ දකුණු ඇමරිකාවේ බ‍්‍රසීලයේ රියෝද ජැනේරේ නගරයේ. මේනිසාම මෙවර ඔලිම්පික් උළෙල රියෝ ඔලිම්පික් ලෙසත් බොහෝදෙනා නම් කරනවා. මෙහි සමාරම්භක උළෙල මේ මස 06 වන දින මැරකන ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත් වුණා. මම  අද කතාකරන්න යන්නේ මේ රියෝ ඔලිම්පික් ගැන නෙවෙයි. මේ ඔලිම්පික් ආරම්භයේ සිටම ඉතා දැවැන්ත ලෙස කතා බහට ලක් වූ එක් ක‍්‍රීඩකයෙකු ගැන........ ඔහු වෙන කවුරුත් නෙවෙයි ලොව වේගවත්ම ධාවන ශුරයා වූ උසේන් බොල්ට්.

මෙවර ඔලිම්පික් ගැන වගේම උසේන් බොල්ට් ගැන විවිධ අනාවැකි පළ කරන්න අනාවැකි කාරයෝ අමතක කළේ නෑ. මේ අනාවැකි වලට අනුව නම් මෙවර ඔලිම් ශුරයා වන්නට තිබුණේ උසේන් බොල්ට් නොව. ඒ නිසාම සියල්ලන්ගේම අවධානය මෙවර උසේන් බෝල්ට් තරග වදින ධාවන ඉසව් කෙරෙහි යොමුවෙලා තිබුණා. ඒත් අනාවැකි විහිලූවක් කරමින් මෙවර රියෝ ඔලිම්පික් හී වාර්තාවක්ද තබමින් බෝල්ට් නැවතත් තම රටට රන් පදක්කමක් හිමිකොට දී අවසන්ය. එතකොට කෝ මේ සාස්තරකාරයෝ ටිකයි...අනාවැකි ටිකයි. අනාවැකි බොරුවක් කරමින් ජැමෙයිකා ධාවන ශූරයා විසින් තම ශක්තියේ හා වාසනාවේ බල මහිමය ලොවට පෙන්වා අවසන්ය.

1986 අගෝස්තු මස 21 වන දින ජැමෙයිකාවේ උපත ලැබූ උසේන් බෝල්ට්ගේ කුඩා කළ බලාපොරොත්තුව, ආශාව වූයේ; ක‍්‍රිකට් කී‍්‍රඩකයෙකු වීමයි. එහෙත් දිනක් උසේන්ගේ පියා ”පුතා උඔට කි‍්‍රකට් හරියන්නේ නෑ. උඹ දුවපන්. උඹ ඒකට දක්ෂයි. ජැමෙයිකානුවන් කෙටි දුර දුවන්න උපන් හපන් ජාතියක්.” යැයි උසේන්ට කියු ඒ කතාව ඔහුගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වීමේ ආශාව යටපත් කොට ධාවන පථයට යොමුවිය. ඔහුගේ පියාගේ අනාවැකිය නම් අද සත්‍ය වී තිබේ. ඔහු අද වාර්තා පිට වාර්තා බිද හෙළමින් ක‍්‍රීඩාවේ හීනිපෙත්තටම ළ`ගා වී තිබේ.
හුසේන් බෝල්ට් නම් චරිතය ලෝකයේ වැඩි වශයෙන් කතාවට ලක්වෙන්නේ 2009 වසරේ චීනයේ බීජිං නුවර පැවති ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේදීය. ඒ ඔහු එහිදී 100, 200, 100×4 යන තරග වලින් රන් පදක්කම් දිනාගෙන ලොව විශිෂ්ඨතම ක‍්‍රීඩකයා බවට පත්වීමෙන් පසුවය. මෙහිදී 100 ඉසව්ව තප්පර 9.58 කින් නිම කරමින් ලෝක වර්තාවකටද හිමිකම් කියන ලදි. 2009 වසරේදී බීජිං නුවරදීම මීටර් 200 තරග ඉසව්ව තප්පර 19.19 කින් නිමකරමින් තවත් නව ලෝක වාර්තාවක් තබන ලදී.
මෙලෙස වාර්තාපිට වාර්තා තබමින් ලෝකයේ වේගවත්ම ධාවන ශූරයා ලෙසට පත් වූ උසේන් බෝල්ට් මෙවර ඔලිම්පික් උළලේදී අනාවැකි පවා බොරු කරමින් වාර්තාද තබමින් යළිත් තම ජය තහවුරු කරගෙන ඇත්තේ ලෝකයටම ආදර්ශයක් සපයමිනි. 

කාල් ලූවිස්ලා තැබු වාර්තා උසේන් බොල්ට් විසිින් බි`ද දැමුවේ වසර 15කට හෝ 20කට පසුවය. මෙනිසාම උසේන් බෝල්ට් තැබු වාර්තාද බිද වැටෙන්නේ තව අවුරුදු 15කට හෝ 25කට පසුව වීම ස්ථිරය. අනාවැකි කරුවන් එම කාරණය පමණක් අවබෝධ කොට ගන්නේනම් වටින්නේය. අපිද බලා සිටිමු මීළ`ග ධාවන ශූරයා බිහිවන්නේ කුමන රටින්ද කියා.......




Friday, August 12, 2016

ඉන්දීය ටෙලි සිතුවම් ඉවතට විසිකළ අපේ සරණා



පුංචි කාලේ අපි දැක්ක හඩ කවපු ටෙලි නාට්‍ය හරි ලස්සනයි...මතකද ඔෂීන්, මල්ගුඩියේ දවසක්....මගේ ජීවිතේ මම රසවින්ද ආසාවේන් නරඹපු කතා. මගේ විතරක් නෙවෙයි මම හිතන්නේ ගොඩක් අයගේ එහෙමයි. ඒත්.... අද....? ඒ සමාජයට හිතන්න යමක් ඉතිරිකළ සුන්දර ටෙලි නාට්‍ය දක්නට නොලැබීම කෙතරම් අභාග්‍යයක්ද? වාණිජත්වය කරපින්නාගෙන දිවයන සමාජයේ අවශ්‍යතාව රූප පෙට්ටිය මගින් වෙනස්කර ඇති අපූරූව.......

හඩ කවපු ටෙලි නාට්‍ය අද අපේ ටෙලි නාට්‍ය කලාවටම විෂ බීජයක් වෙලා. සුජාතා ඉන්දීය ටෙලි නාට්‍යයෙන් ඇරඹී ඉන්දීය මේගා ටෙලි නාට්‍ය ආකෘතීන් අද සියලුම නාලිකාවන් වල විකාශය වන ප‍්‍රධාන ටෙලි නාට්‍යන් බවට පත්වී තිබේ. දිනපතාම විකාශය වන මෙම ටෙලි නාට්‍යයන් සදහා ලොකු පොඩි බේදයකින් තොරව සියලු පේ‍්‍රක්ෂකයන්  අබ්බැහි වීම ඛේදවාචකයකි. ජනප‍්‍රියත්වය යන්නට පමණක් මුල්තැන දෙමින් නාලිකාවන් සිදු කරන මෙම ක‍්‍රියාව කෙතරම් උචිතද යන්න ඔවුනොවුන්ම තම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුත්තකි. 


සිංහල ටෙලි නාට්‍ය කලාවට අලුත් ඉරක් පයා ඇත්තේ මෙවන් වතාවරණයකයි. මාධ්‍ය තුළ අද නව මාධ්‍යට හිමිවෙලා තියෙන්නේ විශේෂ තැනක්...ටෙලි නාට්‍ය ගැන කතා කරපු මම ඇයි මේ නව මාධ්‍ය ගැන කතා කරන්නේ......ඔබට ප‍්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් මට මේ කාරණාව ගැන හිතන්න හේතුව මේ නව මාධ්‍ය.ඒ කියන්නේ අද අපි ඇබ්බැහිවෙලා ඉන්න ෆේස් බුක්’(බුකිය*  පහුගිය දවස් වල අලුත්ම ඉන්දීය මෙගාවක් සිරස නාලිකාව විසින් පේ‍්‍රක්ෂකයාට ගෙනත් දුන්න මොහෙතේ   මේ ගැන බුකියේ ගොඩක්  පෝසට් දක්නට ලැබුණා. වැඩියෙන්ම දුක්වුණේ ඉෂි අම්මා....එත් අද....අද ලංකාවේ සරණා නිසා ඉෂි අම්මයි ශිවන්න්‍යා ඉෂානි ස්වප්නා ගොඩක් දුකට පත්වෙලාලු. මේක කියන්නෙත් ඉතිං අපේ්ම අය. මෙතනයි වෙනස.....ඉන්දීය ටෙලි තරු වලට වඩා අපේ සරණා ජනප‍්‍රිය වෙලා.

”කොච්චර කිව්වත් මේ සරණ නම් හදන්නම බෑනේ...කැරපොත්තෝ මීයෝ අල්ලන එකමයි කරන්නේ.”
”සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ....දුවන්නම වෙනවා.”

මේ දෙබස් අද කා අතරත් ජනප‍්‍රිය වේලා ඇත්තේ කාලකින් සෑබැ ටෙලි වෘතාන්තයක ආගමනය සිදුවූ නිසා විය හැකියි.

අද කොයි කවුරුත් පුංචි තිරයේ ආදරය කරන අපේම පොඩි නමක් ඉන්නවා...ඇයි අපේම හුරතලෙක් ඉන්නවා..එතන අපේකම හැංගිලා තියෙනවා. දෙන්නම්වාලේ දෙන හැමදේම ගන්නවට වඩා හිතල බලලා දෙන දේවල් ගන්න එක තමයි හොදම දේ. අද අපි හැමෝට බලන්න පුලුවන් ලස්සන කතාවක් අපේ ආලින්දයට ඇවිත්..මේ පිම්ම අපේ ටෙලි නාට්‍ය කලාවට අලුත් බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානයි. පොඩි නමයි සරණයි අපේ ටෙලි නාට්‍ය කලාවේ අලුත් පෙරළියක් කරවි....එය ඉන්දීය මේගා ටෙලි නාටකයන්ට දරුණු කුනාටුවක් වේනම් අපේ කලාව අපට ඉතිරි වේවි.