Tuesday, August 9, 2016

මවක් වීමට නොහැකි වන්නේ ඇයි?




සටහනඃ හිමාලි ප‍්‍රියංගිකා

දෙදෙනෙක් විවාහ වූවාට පසුව ඔවුනට ඇති එකම බලාපොරොත්තුව තම කැදැල්ලට පුංචි සි`ගිත්තෙකු රැුගෙන ඒමයි. තම විවාහ ජීවිතය සම්පූර්ණවූ බව ඔවුන් සිතන්නේ ඊට පසුවයි. කාන්තාවකට මේ ලොව ලබන්නන පු`එවන් උතුම්ම පදවිය වන්නේ මව් පදවියයි. මේනිසාම විවාහයෙන් පසු කාන්තාවකගේ මුල්ම හීනය වෙන්නෙත් මවක් වීමයි. ඒත් ඇයගෙන් ඒ හීනය ඈතට යන්නේනම් විවාහ දිවියද ඇයට කළකිරීමක් ගෙනදීම පුදුමයක් නොවේ. ඔබ දන්නාවද කාන්තාවකට මවක් වීමේ අවස්ථාව පමා කිරීමට විවිධ රෝග හේතුවන බව. අද මේ ලිපියේ ස`දහන් වෙන්නේත් එවැනිම රෝගයක් පිළිබ`දව. ඒමෙනා්රියා රෝගය පිළිබ`දව ඔබ මීට පෙර දැනුවත් වී සිටියේද? නොඑසේනම් මේ කරුණු ඉදිරිපත් කරන්නේ ඔබ වෙනුවෙන්.
ඒමෙනොරියා රෝගය කියන්නේ ගැහැණු දරුවෙකු මල්වර වූවාට පසුව සිදුවන ඔසප් ක‍්‍රියාවලිය සිදු නොවීමයි. කාන්තාවකට මෙම රෝගය ප‍්‍රාථමික මට්ටමේන් මෙන්ම ද්විත‍්‍රික මට්ටමෙන්ද ඇතිවෙනු ලබයි. ඒමෙනොරියා රෝගයේ ප‍්‍රාථමික මට්ටමේ රෝගී කාන්තාවන්ගේ විශේෂත්වය වන්නේ උපතින්ම ඔවුනට මවක් වීමට අවශ්‍ය අවයව සෑදී නොතිබීමයි. මෙවැනි ගැහැණු දරුවන් ඇතැම් විට මල්වර වීමට කල් ගතවනු ලබයි. ගැහැණු දරුවෙකු අවුරුදු 16 වන තෙක්ම මල්වර නොවන්නේ නම් දෙමාව්පියන් වශයෙන් ඔබ සැළකිලිමත් විය යුතුය. ඒමෙනොරියා රෝගයේ ප‍්‍රාථමික මට්ටමේ සිටින කාන්තාවකට නම් මවක් වීමේ හැකියාවට ඇති ඉඩකඩ ඉතාම අවමය. 

එහෙත් ද්විත‍්‍රීක මට්ටමේ කාන්තාවකට නම් ප‍්‍රතිකාර ලබා ගැනීම හරහා මවක් වීමේ හැකියාව පවතී. ඔබ දන්නාවද මෙම රෝගයට බටහිර වෛද්‍ය ක‍්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේද ප‍්‍රතිකාර ඇතිබව. ඒමෙනොරියා රෝගය ද්විත‍්‍රීක මට්ටමේන් ඇතිවීමට බලපාන හේතු කාරණා කිහිපයක්ම පවති. ඔබේ සිරුරෙත් පහත වෙනස්කම් ඇද්දැයි සැළකිලිමත් වන්න.
ශුද්ධවීම සිදුවන මාර්ගය නිවරදිව සකස්ව නොතිබීම ඒමෙනොරියා රෝගය ද්විත‍්‍රීක මට්ටමේන් ඇතිවීමට හේතුවෙයි. මෙහිදී යෝනී මාර්ගය සම්පූර්ණයෙන්ම වසා පටලයක් පැවතීම හෝ සින්ඩ්‍රෝමීය තත්වයන්ගේ බලපෑමක් ඇතිවීම සිදුවේ. 

ඩිම්බකෝෂයේ පවතින ඇතැම් රෝගයන්ද මෙම රෝගයේ ද්වීත‍්‍රීක මට්ටමේදී දැකගත හැකිය. ඩිම්බ කෝෂයේ පවතින රෝග අතර ඩිම්බ කෝෂයේ ඇතිවන බිබිලි, බිත්ති වල පවතින ඝනකම් බව නිසා ඩිම්බ මෝචනය සිදු නොවීම මෙන්ම කුසයේ ඇතිවන වේදනාව යන හේතු කාරණා මුලිකවේ. 
පිටියුටරියේ පවතින රෝග හා හයිප්‍රොතසමයේ රෝගද ඒමෙනෝරියා රෝගයේ ද්වීත‍්‍රීක මට්ටමේදී දැකගත හැකිය. මෙහිදී හෝමෝන නිපදවීම සිදුනොවීම දැකගත හැකිය. මීට හේතුව වන්නේ මොළයෙන් ඩිම්බ කෝෂ වලට පණිවිඩ නොලැබීමයි. අපගේ සිරුරේ සෑම ක‍්‍රියාකාරකමක් ස`දහාම මොලයේ ක‍්‍රියාකාරිත්වය සෘජුවම බලපාන බව ඔබ දන්නවානේද? 

මීට අමතරව පහත හේතු කාරණාද ඒමෙනෝරියා රෝගය ද්වීත‍්‍රීක මට්ටමෙන් ඇතිවීමට බලපායි.

x අධික ලෙස ව්‍යායාම් වල නිරත වීම
x අධික කෙට්ටු බව හා අධික තරබාරුව
x මානසික ආතතිය
x විවිධ ඖෂධ වල බලපෑම
x සිරුරේ පවතින පුරුෂ හෝමෝන වල අධික බව(ශරීරය පුරා පුරුෂයන්ගේ මෙන් රෝම පිහිටා තිබීම*

ඒමෙනොරියා රෝගය ද්විත‍්‍රීක මට්ටමෙන් ඔබට ඇත්තේද යන්න දැනගැනීමට හා නිවරදිව තහවුරු කර ගැනීමට පහත පරීක්ෂණ සිදුකර ගත හැකියි.

x  HCG පරීක්ෂණය
x ප්‍රොලැක්ටීන් පරීක්ෂණය
x තයිරොයිඞ් පරීක්ෂණය
x LH/FH පරීක්ෂණය
x       Scan පරීක්ෂණ
x හිස් කබලේ ගන්නා X-Ray පරීක්ෂණ

මෙම පර්යේෂණ හරහා ඒමෙනොරියා රෝගයේ වර්ගය හදුනාගෙන ඔබට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදෙනු ලබයි.
යෝ්නි මාර්ගය සම්පූර්ණයෙන් වසා පටලයක් පිහිටා ඇත්නම් සැත්කමක් හරහා එය ඉවත් කිරීමේ හැකියාව ඇත. හෝමෝන වල පවතින ගැටලූවක් නම් ඊට අවශ්‍ය හෝමොන වර්ගයන් ලබාදීමත්, ප‍්‍රතිකාර වශයෙන් සිදු කරනු ලබයි. මෙහි ප‍්‍රතිකාර රෝගයේ ස්වභාවය අනුව වෙනස් වෙනු ලබයි.
ඒමෙනොරියා රෝගයට ආයුර්වේද ප‍්‍රතිකර්ම
ආයුර්වේදයේද මෙම රෝගයට ප‍්‍රතිකාර කරනු ලබන්නේ රෝගයේ ස්වභාවය අනුවය. මෙහිදි බාහිරව මෙන්ම අභ්‍යන්තරව ද රෝගියාට ප‍්‍රතිකාර කරනු ලබයි.
පිටියුටරියේ හෝ හයිප්‍රොතසමයේ පවතින දුරවලතාවයක් නම් ආයුර්වේදයේ පවතින් නස්‍ය ක‍්‍රම හරහා මොළයේ පවතින ග‍්‍රන්ථි උත්තේජනය කරනු ලබයි. එමෙන්ම ගර්භාෂයේ පවතින දුර්වලතාවයක් නම් ගර්භාෂයට සිදුකරන උත්තර වස්ති ක‍්‍රම හා ස්නේහ ස්වේද ක‍්‍රම යොදා ගනිමින් ප‍්‍රතිකාර සිදු කරනු ලබයි. මීට අමතරව තෙල් ගැල්වීම් ආදියද සිදු කරනු දැකගත හැකිවේ.
ඔබ දන්නවාද මත්ද්‍රව්‍ය භාවිතය නිසාද ඔබට මෙම රෝගය ඇතිවිය හැකි බව. ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් නැවතත් ඒ පිළිබ`දව සිතා බලන්න. මවක් වීමට අවැසි ඔබ මේ පිළිබ`ද දැනුවත් වී මවක් වීමේ ඔබේ සිහිනය යතාර්ථයක් කර ගන්න.

3 comments: