Sunday, August 28, 2016

කැමරන් නිමවු ටයිටැනික්

Image result for titanic movie


තවමත් සිනමා ලෝලින් ආදරයෙන් වැළදගන්නා සිනමා පටය ටයිටැනික්. අපේ කාලයේ ආදර අන්දරය ඒ ටයිටනික්. ජැක් රෝස් ආදර අන්දරය තවමත් පෙම්වතුන් දකින සැබෑ සිහිනයක්. ආදරය ත‍්‍රාසය මෙන්ම වෛරය එක්ව දැවෙන මේ අපූරු සිනමාපටය ලෝක වාර්තා රාශියකට හිමිකම් කියන්නක්. මේ ඒ ටයිටැනික් ගැන නැවත විමසුමක්.

20 වන සියවස යනු යුරෝපය සාගරය පිළිබදව මෙන්ම නෞකා පිළිබදව දැඩි විමසිල්ලෙන් පසු වූ කාල වකවානුවකි. මේ නිසාම යුරෝපය තුළ අද්වීතීය නිර්මාණයක් ලෙස ටයිටැනික් නෞකාව නිර්මාණය වෙනු ලබයි. මෙය අති සුඛෝපභෝගී අයුරින් නිර්මාණය වූවක් නිසාම මෙහි යාත‍්‍රා කිරීමේ පූර්ණ අයිතිය හිමිවූයේ ඉහළ ධනපති පංතියට පමණි. මේනිසා ප‍්‍රභූවරු එකාට එකා පරයමින් මෙහි මුහුදු ගමනකට පොර කෑවෝය. එහෙත් ඔවුන් මේ පොර කන්නේ තමන්ගේ අවසන් ගමන යන්නට බව ඔවුන් නොදත් කරුණකි. මේ අපූරු නෞකාව මුහුදු ගමන් අරබන්නේ සොදුරු මතකයන් ගොන්නකට ඉඩහසර වෙන් කරමින් වුවද අවසන වූයේ එය සදා අමරණිය වූ අවාසනාවන්ත මතකයක් බවට පත් වීමය. එහෙත් මෙම සිදුවීම ලෝකයේ සිනමා නිෂ්පාදකයින්ට අධ්‍යක්ෂකයින්ට නම්  සිනමාව තුළ අද්විතිය නිර්මාණයක් සිදු කිරීමට අපූරු තේමාවක් විය.

Image result for real titanic rose
මුලින්ම ටයිටැනික් නමින් සිනමා පටයක් නිර්මාණය වන්නේ 1943 වර්ෂයේ ජර්මනියේ ගර්බට් සෙල්ෆින් අතිනි. ඒ සැබෑ ටයිටැනික් නැව මුහුදුබත් වී වසර 31කට පසුවය. පසුව 1950 1979 1980 යන වර්ෂ වලදීද මෙම සිදුවීම මුල් කර ගනිමින් විවිධ ප‍්‍රබන්ධයන් ඔස්සේ ටයිටැනික් නමින් සිනමා නිර්මාණයන් සිදු වූවද සිනමා රසිකයින් උන්මාදයට පත් කරමින් සිනමාවේ පෙරළියක් කළේ 1997 ජේම්ස් කැමරන් අතින් නිමැවුනු ටයිටැනික් සිනමා පටය වේ. 


කම්කරු පංතියක් නියෝජනය කරන තරුණයෙකු හා ඉහළ මධ්‍යම පංතියක් නියෝජනය කරන තරණියක් අතර ඇතිවන පේ‍්‍රම කතාන්දරයක් රැගත් මෙම ටයිටැනික් සිනමාපටය ඔස්කාර් සම්මාන 11ක් හා වෙනත් සම්මාන 81 හිමි කරගෙන තිබේ. එමෙන්ම සමාජය තුළ මේ සිනමා පටය පාදක කොට ගෙන අපූරු සංස්කෘතියක්ද නිර්මාණය වීමද විශේෂය. ටයිටැනික් හී අන්තර්ගත වූ Every night in my dream නම් ගීතය අදටත් කොයි කා අතරත් ප‍්‍රසිද්ධ ගීතයකි. එමෙන්ම වසර 10ක් යන තෙක්ම අඛණ්ඩව ආදායම් වාර්තා තිබූ සිනමා පටය වන්නේ ද කැමරන්ගේ මෙම ටයිටැනික් සිනමා පටයයි.

කැමරන් යනු අවි ආයුධ බෝම්බ මෙන්ම ගින්දර වලට මුල්තැන දෙමින් ත‍්‍රාස්‍යජනක සිනමාපට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමා අධ්‍යයක්ෂක වරයෙකි. ආදරය තේමාවක් කර ගනිමින් ඔහු නිර්මාණය කළ ප‍්‍රථම සිනමාපටය ටයිටැනික් වීම ද විශේෂ කාරණයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සිනමාපටය දිවෙන නැතිනම් තිරගත වන පැය 2යි මිනිත්තු 45ක කාලය සැබෑ ටයිටැනික් නෞකාව මුහුදු බත් වීමට ගතවූ කාලයට සමාන වීම. රෝස්ගේ මහල් චරිතයට පණ පොවන Gloria Stuart නම් නිළිය සැබෑ ටයිටැනික් අනතුරෙන් දිවි ගලවාගත් අයෙක් වීමද විශේෂ කරුණකි.

ටයිටැනික් නෞකාව
අයිස් පරයේ ගැටිණ 
ජැක් රෝස් නූඹ තවම පේ‍්‍රමයේ  
සිහිනයක.....
එක් වෙන්න නිව්යෝක් නගරයේ තොටුපලක
දුටුවාට සිහිනයක් එකම පෙම් ලොවක හිද....
දන්නවාද ටයිටැනික් තව ටිකෙන් ගිලෙන බව
ජැක් නුඹට රෝස් හැර යන්න වෙන බව
මූදු පතුලට......

Image result for titanic movie

6 comments: