
”හොද ඔලුවක් හා හොද හදවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබදතාවයකි.”
-නෙල්සන් මැන්ඩෙලා-
ඔහු ලෝක දේශපාලනය තුළ ආදර්ශමත් දේශපාලන නායකයෙකි. ”ඩිබා” මේ නිහතමානි නිරහංකාර නායකයාව ඔහුගේ ජනතාව හැදින්වූ ආදරණිය නාමය. ඔහු මැන්ඩෙලා නම් විය. නෙල්සන් මැන්ඩෙලා දේශපාලන මංපෙතේ ඔහු සැබෑ නායකයෙක් පමණක්ම නොව විප්ලවකාරයෙක් යැයි කිවද වරදක් නොවන්නේ ය. වර්ගවාදය නැති කිරීමේ පිතෘත්වය හිමි වන්නේ මැන්ඩෙලාටය. මේ නිරහංකාර මිනිසාගෙන් වත්මන් ලෝක දේශපාලඥයින්ට ගත හැකි ආදර්ශයන් බොහෝ වුවද ඔහුගේ ගමන් මග යන්නෙක් හමු නොවීම කනගාටුවට කරුණකි.
නෙල්සන් මැන්ඩෙලා 1918 ජූලි 18 වන දින දකුණු අප‍්‍රිකාවේ ඊස්ටන් කේප් ප‍්‍රදේශයේ උම්ටුටාහි මාවේසෝ ගම්මානයේ දී උපත ලබා ඇත. ගොපලූ කොලූ ගැටයකු ලෙස හැදී වැඩුණ මැන්ඩෙලා මුල්ම අධ්‍යාපනය ලබන්නේ මොතෝදිස්ත ක‍්‍රිස්තියානි පාසලෙන්ය. එයට හේතුව වන්නේ මැන්ඩෙලාගේ මවුපියන් ක‍්‍රිස්තු භක්තිකයන් වීමයි. එහෙත් මැන්ඩෙලාගේ පියා මිය යෑමෙන් පසු ඔහුගේ මව තෙම්බු රජ පවුලට මැන්ඩෙලා බාර කරන්නේ ඔහුගේ අනාගතය ගැන හීන දකිමින්ය. මැන්ඩෙලා ද මෙහිදී ඉංග‍්‍රීසි භාෂාව ඉතිහාසය භූගෝල විද්‍යාව ආදී විෂයන් රාශියක දැනුම තම දැනුමට එක් කර ගැනීමට සමත් විය..
මෙතැනින් නොනැවතුන මැන්ඩෙලා තම ද්විත‍්‍රීයික අධ්‍යාපනය සම්පූර්ණ කරගනු ලබන්නේ් ක්ලාන්බරි බෝටරින් විද්‍යාලයෙනි. ඉන්පසුව ගොට්හාරේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන මැන්ඩෙලාට එහිදී විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වන්නේ ඔහු කලූ ජාතිකයේ වීම යන කාරණාව හේතු කොටගෙනය. මෙයින් දැඩි සේ කළකිරීමට හා කෝපයට පත්වෙන මැන්ඩෙලා තම විප්ලවාකාරී ගමන් මගට අවතීර්ණ වීමේ මුල්ම පියවර තබන්නේ තම සගයෙකුගේ ද සහාය මතිනි. ඒ අනුව සුදු ජාතීන්ගේ කෙනෙහිලිකම් වලට විරෝධය පාමින් පෙළපාලියක් සංවිධානය කරන ලදි. මේ ක‍්‍රියාවලිය නිසා මැන්ඩෙලාට පංති තහනමකට මුහුණ දීමට සිදුවන අතර ඔහු තම උපාධිය සම්පූර්ණ කරගන්නේ බාහිරිනි. එයින්ද නොනවතින මැන්ඩෙලා නීතය පිළිබ`දව හැදැරීමට විට්වෝට්ස්ට‍්‍රාන්ට් විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙනු ලබයි.
.jpg)

ලෝක දේශපාලනයේ සැබෑම නායකයෙකු වූ මැන්ඩෙලා පාඩම් රාශියක්ම ලොවට ඉතිරි කර දෙමින් 2013 දෙසැම්බර් මස 15 වන දින ලොවෙන් සමුගත්තේය. ඔහුට කරන ගෞරවයක් ලෙස ජූලි මස 18 වන දින ලෝක මැන්ඩෙලා දිනය නමින් නම් කර තිබීමද විශේෂය. මැන්ඩෙලා නිරන්තරයෙන් කී කතාවකි. එමෙන්ම ඔහුගේ ජීවිතයේ තිබූ නීති තුනකි.
ඔබ නිදහස් වන්න
අන් අය නිදහස් කරන්න
සෑම දිනකම සේවයට වාර්තා කරන්න
සැබෑ දේශපාලන නායකයෙක් වූ මැන්ඩෙලා නම් උතුම් මිනිසටා කළ හැකි උසස්ම උපහාරය වන්නේ ඔහුගේ දේශපාලනය චරිතය ආදර්ශයට ගැනීමයි.
Great
ReplyDeleteGreat news
ReplyDeleteGodak hodai himali.. ela
ReplyDeleteGodak hodai himali.. ela
ReplyDeletegreat article
ReplyDeleteWell done
ReplyDeleteWell done
ReplyDelete