Tuesday, August 16, 2016

කලු පටි විරෝධය පවා ආ මොකද්ද මේ පනත





මොකද්ද මේ අතුරුදහන් වූවන් පිළබද සෙවීමේ කාර්යාලය පහිටුවීමේ පනත කියන්නේ. අද සමාජයේ දැවැන්ත ලෙස කතා බහට ලක්වෙන මාතෘකාවක්. එත් මේ පනත පිළිබදව හරිහැටි අවබෝධයක් සමාන්‍ය ජනතාවට නොමැති තරම්. දේශපාලකයෝ කල්ලි බේදී මෙයට එකගතාවය මෙන්ම හා විරෝධතාව පානවා. දේ්ශපාලකයන් උත්තරීතර පාර්ලිමේනතුවට යවපු ඡුන්දදායකයෝ මේ නාඩගම දිහා බලන් ඉන්නවා. කොහොම වූනත් අවුරුදු හතරකට සැරයක් මහජනතාවගේ කකුල් ළගට එන දේශපාලකයා කරන කියන හැම දෙයක්ම ජනතාව හඅවුරුදු හත්රක් බලාසිටිය යුතුයි. අනේ මෙහෙමත් ලෝකයක්.
යහපාලන ආණ්ඩුව බලයට එන විට ජනතාවට පොරොන්දු මල්ලක් අරගෙන ආ විත්තිය අපි හැමෝම දන්න කරුණක්. ඒ පොරොන්දු මල්ලේ විශේෂයෙන්ම තොරතුරු දැන තැනීමේ අයිතිය ජනතාවට ලබා දෙන බවට කළ පොරොනදුව විශේෂයි. එය ජනතාවට ඒ අයුරින්ම ඉටු කර දුන්නත් මේ අතුරුදහන් වූවන් පිළබද සෙවීමේ කාර්යාලය පහිටුවීමේ පනත නම් මේ පොරොන්දු මල්ලේ තිබුණේ නෑ. මේ පනත ගෙන ඒමේ මූලිකම පරමාර්ථය මොකද්ද කියන දෙය නම් ජනතාවට අභිරහසක්. කොහොම වුනත් ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා පිරිස පසුගිය සතියේ කලු පට් පැළද පාර්ලිමේන්තු සංකීර්ණයට ගියේ මේ පනතට විරෝධය පළ කරමින්. එහෙත් පනත සම්මත වී අවසන්. කලු පටියේ විරෝධය වත් ආණ්ඩුව සැළකිල්ලට නොගත් හැටි.......

මෙම පනත යහපත් යැයි කියන පිරිස කියා සිටින්නේ මෙම පනත සම්මත වීම ශී‍්‍ර ලංකාව ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයක් වන බවයි. එමෙන්ම මෙරටට ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය අර්ථවත් කිරීමටද මෙම පනත ඉවහල් වන බවයි.ජනතා විමුක්ති පෙරමුණත් පනතට සහය දී ඇත්තේ 1971 සිට මේ දක්වා සිදු වූ අතුරුදහන් වූ වන්ට හා ඔවුනගේ පවුල් වලට මෙමගින් සාධාරණයක් ඉටුවන බව විශ්වාස කරමින්ය. එහෙත් මෙම පනත සම්මත වීම ගැන අපට වඩා අද සතුටු වී ඇත්තේ ජාත්‍යන්තරයයි. නොර්වේජියානු අගමැතිවරිය මෙය සම්මත වීම මෙරට ලද ජයග‍්‍රහණයක් බව පවසන අතරම මේනිසාම එරට සහයෝගය මේ රටට ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. 

පනතට විරෝධය පාන පිරිස කියා සටින්නේ මෙය ජාත්‍යන්තර බලවේගයන්ගේ අදිසි හස්තයේ ක‍්‍රියාත්මක වීමක් බවයි. එමෙන්ම රටේ රණ විරුවන් හා ඉදිරි අනාගතයම බිල්ලකට හසුවී ඇති බවයි. සංහිදියාවේ පනත මෙහි ඉදරි පිම්ම බවත් මොවුනගේ අදහසයි. මොවුන් පෙන්වා දෙන්නේ අතුරුදහන් වූවන් පිළබද සෙවීමේ කාර්යාලය පහිටුවීමේ පනතේ 27 වන වගන්තිය මේ පනතේ යටි අරමුණු පැහැදිලි ලෙස විද්‍යාමාන කරන බවයි. එහි දැක්වෙන අයුරින් උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන් වීම් පිළිබද කෙළින්ම සදහන් කර තිබේ. ඔවුන්ගේ ප‍්‍රශ්නය වන්නේ උතුරු නැගෙනහිරට පමණක් විශේෂත්වයක් ලබා දී ඇත්තේ ඇයිද යන්නයි.

නීතිය තැන සාමාන්‍ය මිනිසා දන්නේ අල්ප වශයෙනි. ඇතැම්වටි කිසිම දෙයක් නොදන්නවා විය හැකිය. එහෙත් පාලකයෝ තම කටයුතු වලදී සමාන්‍ය ජනයා දැනුවත කළ යුතුය. මේ රටට පාලකයන්ගේ නොව අනාගත පරම්පරාවට අයිති දෙයකි. ඔවුන් කරන අමනෝඥ ක‍්‍රියා බලපාන්නේ රටේ අනාගතයට මිස ඔවුනට නොවේ. මේ නිසා කළ ගෙඩියක් තරම් ඔලුවේ ඇති අඹ ඇටයක් තරම් මොළය ක‍්‍රිපා කරවිය යුත්තේ වඩාත් සිතා බලාය. ජනතාව ඔවුන්ව පාර්ලිමේනතුවට යවන්නේ පාර්ලිමේනතුවේ ඩෙගා නැටීමට නොව රටට යහපතක් කිරීමටය. මෙය තේරුම් ගෙන කටයුතු කරන්නේ නම් මැනවි.


1 comment:

  1. විකල්ප විචාර ප්‍රවේශයකට පැමිණ ඇත. සමාජයේ පොදු අවධානය යොමුවිය යුතු ප්‍රශ්න විචරාක්ෂියට යොමු කිරීම වි වි සිසුන් ලෙසත් වැදගත්. විචාරාත්මක බව වැඩි දියුණු කර ගන්න

    ReplyDelete