Thursday, August 11, 2016

මගේ රටට දළදා හිමි සරණයි





උත්තම මුනි දළදා වඩම්වන
මොක්පුර රන් නෞකා බලන් සකි
සත් සමුදුර ගැඹුරේ........

ශී‍්‍ර ලංකාවාසි මෙන්ම ලෝකවාසි බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ දළදා වහන්සේ. කිත්සිරි මෙවන් රජු දවස අපට උරුම වූ දළදා හිමි අපේ රටේ පූජනීයම වස්තුව. විවිධ කාල වල විවිධ තැන් හී වැඩ විසු දළදා වහන්සේ අප රටේ දේශපාලනික සමාජීය ආගමික සංකේතය ලෙසද හැදින්වීම වරකදක් යැයි මා සිතන්නේ නෑ.රජ කාලයේ දළදා වහන්සේගේ උරුමකරුවන් රටේ පාලනකයෝ වූයේත් මේනිසා. 1815 බි‍්‍රතාන්‍යයන් ද මහනුවර යටත් කර ගැනීමෙන් උදම් වූයේ දළදා වහන්සේගේ උරුමය ඔවුනට හිමි වීම නිසා. දැන් තොපේ දළදා වහන්සේ අපේ යැයි බි‍්‍රතාන්‍යයෝ ප‍්‍රකාශ කළේ දළදා හිමි රටේ උත්තරීතරම පුජනීයම සංකේතය වූ නිසාවෙනි.

හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් මෙරටට වැඩමවාගෙන ආ දළදා වහන්සේගේ ඓතිහාසික කතා පුවත් රාශියකි. දළදා වංශය දළදා අෂ්ඨක දළදා විත්ති දළදාවලිය දළදා හටන දළදා සිරිත මෙන්ම මහා වංශය ථූප වංශය වැනි කෘති හරහා අපට මේ පිලිබද තොරතරු ලබා ගැනීමට හැකියාව තිබේ. දළදා වහන්සේ මෙරටට වැඩමවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් අටකට පසුවයි. ඒ ක‍්‍රිස්තු වර්ෂ අටවන සියවසේදී. දළදා වහන්සේ මෙරටට වැඩමවන්නේ ඒ වෙනුවෙන් විවිධ කණ්ඩායම් ඇති කරගත් යුද වතාවරණය හේතු කොට ගනිමිනි.


මේ අයුරින් අපට උරුම වන දළදා වහන්සේ අප රටෙත් හටගත් විවිධ යුදමය වාතාවරණයන් නිසා විවිධ ස්ථාන වලට වැඩම කරවා තිබේ. එහෙත් ඒ සෑම තැන්හීම දළදා වහන්සේට පූජෝපහාර නිසි ලෙස සිදුකිරීමට අප බෞද්ධයො ්කිසි විටෙකවත් අමතක නොකළෝය.මහනුවර දළදා මාළිගයට දළදා වහන්සේ වැඩමකරවීමෙන් පසුව නොකඩවා සිදුකළ පූජෝපහාරයකි ඇසළ මංගල්‍ය. මේ නිසාවෙනි ඇසළ මාසය පිංබර මාසයක් වන්නේ. දළදා වහන්සේට සිදුකරන ඉහළම පූජෝපහාරය සිදුවන්නේ ඇසළ මාසයේ..ඒ අභිමානවත් විචිත‍්‍රවත් ඇසළ පෙරහැරයි. බෞද්ධ ජනතාවගේ අභිමානවත් පෙරහැර මංගල්‍ය වන්නේද ඇසළ පෙරහැරයි. විවිධ සංස්කෘතික අංග වලින් හැඩවෙන ඇසළ පෙරහැර නැරඹීමට ලංකාවාසී ජනතාව  ජාති ආගම් භේදයකින් තොරව මහනුවර නගරයට පැමිණෙන අතර විවිධ රට රටවල් වල පිරිස්ද වැල නොකැඩි පැමීණීම දක්නට ලැබේ.

දළදා පෙරහැර වීදි සංචාරය කරන්නේ මාළිගාවේ නැකත්කරු විසින් සකස් කරන ලද නැකත් සීට්ටුවකට අනුවය. පෙරහැර මංගල්‍යයේ පළමු වන කාර්ය වන්නේ කප් සිටුවීම වන අතර මෙම චාරිත‍්‍රය සිදු කරන්නේ පෙරහැරේ සියලු කටයුතු සාර්තකව කර ගැනීම මුලික කරගෙනය. කප් සිටුවීමෙන් පසුව පුරා දින පහක් සතර මහ දේවාල වටා කුඩා පෙරහැරවල් සිදු කරන අතර ඉන්පසුව කුඹල් පෙරහැර පවත්වනු ලබයි. කුඹල් පෙරහැරට අනතුරුව රන්දෝළි පෙරහැර පවත්වනු ලබන අතර පෙරහැරේ විචිත‍්‍රවත්ම දින කිහිපය ආරම්භ වන්නේ මෙදින සිටය. මෙම රන්දොලි පෙරහැරේ විශේෂත්වය වන්නේ මෙහි උඩරා සම්ප‍්‍රදාය පමණක් මුල්කරගත් නැටුම් පැවතීමයි. එවගේම මෙහි පවතින තවත් විශේෂත්වයකි මාළිගාවේ පෙරහැර් පිරිමි අය පමණක් නර්තනයේ යේදීම. අතීත අපේ උරුමයන් විදහා දැක්වෙන අපේ සම්ප‍්‍රසායන් අපට දායාද කරන අපේකම ලොවට කියාපාන උතුම් දළදා මංගල්‍යයේ දළදා කරඩුව වඩම්වන හස්තිරාජයාද අපේ රටේ සම්පතකි. පා ගමනින්ම මාළිගාවට සැපත්වන මේ හස්ති රාජයාණන් දළදා පෙරහැරත් සමග අපට කියන කාරණාද බෝහෝය.

“කලට වැසී වසී වා
කෙත් වතු සාර වේ වා
ලොව සතුටු වේ වා
නිරිඳු සැම කල් දැහැමි වේ වා”







11 comments: