Wednesday, October 3, 2018

මුල් ළමාවිය සංවර්ධනය

https://jeffblock.files.wordpress.com/2016/07/chidlren-sharing.jpg
නිසි මුල් ළමාවිය සංවර්ධනය මනා පෞරුෂයකින් හෙබි දරුවන් බිහි කරයි...
 
වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන න්‍යෂ්ටික පවුල් ක‍්‍රමය හා විවෘත ආර්ථික ක‍්‍රමය තුළ බොහෝ මවුපියෝ තම දරුවා නිසි වයස් පූර්ණය කිරීමට ද මත්තෙන් එනම්  අවුරුදු 2 සම්පූර්ණ වූ පසු පෙර පාසල් හෝ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වෙත ඇදගෙන යාමට පෙලඹෙති. එහෙත් සාමාන්‍යයෙන් දරුවෙකුගේ  පෙර පාසල් අවධිය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 3 ත් 5ත් අතර කාලයයි. මේ නිසා වාණිජකරණ සමාජයට අනුගත වෙමින් මව්පියන් විසින් මේ සිදු කරන ක‍්‍රියාව අනුමත කළ නොහැකිය. එයට හේතුව වන්නේ, පූර්ව ළමා විය තුළ අන් කවර කාලයටත් වඩා ආරක්ෂාව පෝෂණය හා සෙනෙහස ලබා දීම දරුවාගේ කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි ද ඉවහල් වන නිසාවෙනි. මේ නිසා අවම වශයෙන් වයස අවුරුදු තුන සම්පූර්ණ වන තෙක් හෝ දරුවා මවුපිය ඇසුරේ තබා ගැනීම මවුපියන්ගේ වගකීමක් වේ.

මව් ඇකයේ හැදෙනා කුඩා දරුවා සමාජයට පිවිසීමේ මුල්ම අඩිතාලම දමන්නේ පෙර පාසල් අධ්‍යාපනය තුළින් වන නිසා  ළමා පෞරුෂය සවිබල ගැන්වීමෙහි ලා මහඟු මෙහෙවරක් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන මඟින් ඉටු විය යුතුය. එනිසා පෙර පාසල් අධ්‍යාපනය සකස් විය යුත්තේ නිසි ප‍්‍රමිතියකට අනුකූලවය. 1943 කන්නන්ගර වාර්තාවෙන් මෙන්ම 1961 ජයසූරිය කොමිසම් වාර්තාවෙන්ද පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම හා අවශ්‍යතාව මතුකර දක්වා ඇත. මුල් ළමාවියේ පූර්ණ සංවර්ධනයක් සඳහා පෙර පාසල් අධ්‍යාපනයේ අන්තර්ගතය මෙන්ම පරමාර්ථ රටින් රටට වෙනස් වන අතර ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ පරමාර්ථ හා අරමුණු වන්නේ, දරුවාගේ නීරෝගි ශාරීරික වර්ධනය, දෛනික වැඩකටයුතු ස්වෝත්සාහයෙන් ඉටු කිරීමට උත්සාහ කිරීම, තම සිතැඟි අන්‍යයන්ට ප‍්‍රකාශ කිරීමේ හැකියාව දියුණු කිරීම, ආචාර ධර්ම සිරිත් විරිත් හා ගෞරව සත්කාර කිරීමට පෙලඹවීම හා ඉදිරිපත් වීමේ හැකියාවට මඟ පෑදීම යනු කරුණුය.
https://ronefoxync.files.wordpress.com/2017/06/14948659136237.jpg?quality=80&strip=all&strip=all 
වර්තමාන පෙර පාසල් සංකල්පයේ ක‍්‍රියාත්මක වන මොන්ටිසෝරි මූලධර්ම සංකල්පයේ නිර්මාතෘවරිය වන්නේ මාරියා මොන්ටිසෝරි මැතිනියයි. මෙතුමිය විසින් හඳුන්වා දෙන ලද මොන්ටිසෝරි මූලධර්මයන් අද වන විට තරමක විවේචනයට ලක් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ, මොන්ටිසෝරි මූලධර්ම තුළ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන රටාවක් අන්තර්ගත වී ඇති බැවිණි. පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයන්ගේ මුඛ්‍ය කාර්යභාරය විය යුත්තේ, මුල් ළමා වියේ පූර්ණ සංවර්ධනයක් උදෙසා අවශ්‍ය ක‍්‍රියාකාරකම් මඟින් ළමා මනස හැඩගැස්වීමයි. එහෙත් පවතින පෙර පාසල් අධ්‍යාපනය මඟින් ළමයාගේ සංකල්පනාත්මක ශක්‍යතා වර්ධනය වීමක් සිදු නොවන බවත්, යාන්ත‍්‍රික ඒකාකාරී අධ්‍යාපනයක් ඒ තුළ ගැබ්ව ඇති බවත්,  අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත. මේ නිසා ඔබේ දරුවාගේ පෙර පාසල හෝ පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය දරුවා පදනම් කර ගත් අධ්‍යාපන රටාවකට අනුකූලව ඉගෙනුම් ක‍්‍රියාවලියේ යෙදෙන්නේද යන්න සොයා බැලීම ඔබේ වගකීමකි.

මානව ජීවිතයේ ඉතා සංවේදී අවධියක් වන ළමා ළපටියන්ගේ මුල් ළමා විය සංවර්ධනය වගකීම් සහගත ලෙස ඉටු කළ යුත්තකි. එයට හේතුව වන්නේ, මව් ඇකයෙන් මිදී පැමිණෙන ළදරුවාගේ පෝෂණය, ආදරය, සෙනෙහස, රැුකවරණය හා සමාජානුයෝජනය ද අධ්‍යාපනයට පිවිසුම් මං තනන්නේ පෙර පාසල් ගුරුවරියන් වීමයි. මේ නිසා පර පාසල් ගුරුවරියන් ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් වීම අනිවාර්ය විය යුතු අතර, ළමා මනස ළමා අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් ඇති, සුදුසුකම් සපුරාලන ලද අයෙකු විය යුතුය. එසේම, අත්‍යවශ්‍ය උපකාර තුළින් නිපුණත්වයට සහාය වීම, දරුවාට මැනවින් සවන් දීම, ළමා මනසට හා වයසට යෝග්‍ය ක‍්‍රියාකාරකම්හි නියුක්ත කරවීම, තීරණ ගැනීමට අවස්ථාව ලබා දීම, හැකි සෑම අවස්ථාවකදීම දරුවා ප‍්‍රශංසාත්මකව ඇගයීම, අනෙක් දරුවන් හා සංසන්දනය නොකිරීම, ප‍්‍රියජනක ගති ලක්ෂණ පැවතීම, ඉවසීම හා මනා සන්නිවේදන ශක්‍යතාවය යන ගුණාංගයන්ද පෙර පාසල් ගුරුතුමියන් සතු විය යුතුය. එහෙත් සෑම පෙර පාසල් ගුරුවරියක් තුළම මෙම සුදුසුකම් ඇතිද යන්න ගැටලූවකි. මන්ද අද වන විට හතු පිපෙන්නාක් මෙන් පෙර පාසල් බිහිවීමද සිදු වන නිසොවෙනි.  එමෙන්ම හුදෙක් මුල්‍යමය අරමුණු මත පදනම් නොවී, දෙවැනි මවක ලෙසින්  සිඟිත්තන්ට සැබෑ ගුරු මවක් වීම සෑම පෙර පාසල් ගුරුවරියකගේම ජීවනාදර්ශය විය යුතුය.

දරුවාගේ කායික හා මානසික වර්ධනය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව තම දරුවන්ට ලිවීමට කියවීමට හැකියාව ලබා දෙන මෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින මවුපියෝ නිසා  පුහුණු හා අත්දැකීම් අතින් කෙතරම් දක්ෂ පෙර පාසල් ගුරුවරියන්ට වුවද,  ඔවුනගේ කාර්යයන් නිසි ලෙස කරගෙන යාමට නොහැකි අවස්ථාවන්ද නැතිවාම නොවේ. ඇතැම් මව්පියන් පෙර පාසල් තෝරා ගැනීමේ දී අංක එකට සලකා බලනු ලබන්නේ, අක්ෂර මාලාව මුළුමනින් උගන්වන, ලිඛිත අභ්‍යාසවලට වැඩි නැඹුරු ඇති පෙර පාසල්ය. මෙනිසා මුලින්ම කළ යුත්තේ, පෙර පාසල හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන යනු අධ්‍යාපනයට පෙර සූදානම් කරවීමේ ස්ථානයක් මිස පාසල් අධ්‍යාපනයෙන් ලබා දෙන තැනක් නොවන බව ම්වපියන්ට වටහා දීමයි . දරුවන් අක්ෂර ලිවීමට යොමු කරන්නේ, පළමු වන ශ්‍රේණියේ දී අත හුරු කරවීමේ සරල ක‍්‍රියාකාරකම් කරවීමෙන් පසුවය. පෙර පාසල හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවලින් සිදුවෙනුයේ, දරුවාට නිදහස් මනසින් ස්වයං ඇගයුම් ක‍්‍රියාකාරකම් හි නියැළීමට අවස්ථාව ලබාදීම හා පරිසරයට අනුගත කිරීමයි. ක්ෂණික ප‍්‍රගතියක් දරුවා කෙරෙන් අපේක්ෂා කරමින් පෙර පාසලින් කඩිනම් අධ්‍යාපනයක් ලබාදීමට තැත් කිරීම වූ කලී අත්තිවාරමකින් තොරව නිවසක් තැනීමක් බඳුය. මේ නිසා බුද්ධියෙන් විමසා බලා කටයුතු කිරීමට මව්පියන් වග බලා ගත යුතුය.

සංකීර්ණ හා ව්‍යාකූල ක‍්‍රියාකාරකම්වලින් බැහැරව සැලසුම්සහගත හා සරල බවින් යුත් ක‍්‍රියාකාරකම් තුළින් දරුවා මෙහෙයවීම පෙර පාසල් අධ්‍යාපනයේ සැබෑ දායකත්වය විය යුතු අතර පෝෂණ වැඩසටහන් ද නිසි ප‍්‍රමිතියකට අනුව නිසි පරිදි ඉටුකරන්නේදැයි සැලකිලිමත් වීම මවුපියන්ගේ වගකීමයි. ඔබේ දරුවාගේ පූර්ණ සංවර්ධනය නිසි පරිදි සිදු වුවහොත් මනා පෞරුෂයකින් හෙබි දරුවෙකු අනාගතයේ බිහිවනු ඇත යන කාරණය මව්පිය ඔබ අවධාරණයේ තබා ගත යුත්තකි.
 https://theintelligentnest.files.wordpress.com/2013/08/sf-pano-toddlers-in-a-row.jpg
හිමාලි ප‍්‍රියංගිකා

Saturday, May 13, 2017

වෙසක්...... සැණකෙළියක් ද????


Image result for wesak

වෙසක් සිරිය හැමතැනම සතියක් තිබුණ එක ඇත්ත. එත් ඒ සතියේ ඇත්තටම අපි සැමරුවේ වෙසක්ද? දන්න හැටියට නම් වෙසක් පෝය බෞද්ධ අපට ඇති උතුම්ම පෝයයි. අමා මෑණි බුදුරදුන්ගේ ඉපදීම බුදුවීම පිරිිනිවණ සිදුවුණේ මේ පෝය දවසේ. බුදුන් සියල්ල අත්හළ දිනයේ මේ සිදු කරන්නේ කා බී ප‍්‍රීති වීම නොවේද

Image result for wesak dansalආමිස පූජා නම් හැම තැනම. ඒත් කෝ ප‍්‍රතිපත්ති පූජා. බුදුන් දේශනා කළ දහම පසෙකලා මොනවද මේ මිනිසුන් සිදු කරන්නේ. දන්නසල් දිය යුතුයි. නැති බැරි මිනිසුන්ට. අඩියක් අඩියක් ගාණේ දන්සල්, තොරණ්. සැබෑ මුහුණු වෙනුවට වෙස් මුහුණු. මේ වෙසක් ද? වෙසක් යනු සැණකෙළියක් නොවේ. එහෙත් එය අද සැණකෙළියක් කරගෙනය. 

මාධ්‍ය සැමටම හපන්ය. අනෙකා අභිබවා තමන් නැගෙන්නට දහසකුත් විගඩම්ය. බුදුන්ගේ ධර්මය විකුණන් කන්නේ සිත්පිත් නැත්තවුන් සේය. අහෝ සැදැහැවතුන්ද සාදු නද දී පොර කන්නේ බුදුන් වදින්නටය. එහෙත් ශ‍්‍රද්ධාවක් නම් නැත්තේ ය. 

ජාත්‍යන්තර වෙසක් සැමරුමත් හරි අපූරුයි. රට රටවලින් පැමිණි උදවිය වෙසක් බැලුවෝය. දැන් දහසකුත් දේවල් කියනුත් නොඅනුමානය. 

සැබවින්ම අපි වෙසක් සැමරුවෙමු. එහෙත් වෙසක් පෝය යනු සැමරුමක් නොවන බව නොදන්නෙමු. තවත් එක් සැණකෙළියක් නිම විය. සසර ගමන තවත් දිගු විය. 

Wednesday, August 31, 2016

පැපරාසියන්ගේ සිහිනය වූ රජ ගෙදරට අමතකවූ ඩයනා කුමරිය

Image result
වේල්ස් හී රජ කුමරිය. ඩයනා.....බ‍්‍රිතාන්‍යයේ මෙන්ම ලොව සියලූ ජනතාව ඇයට ආදරය කළේ ය. ඒ ඇයගේ රූප ස්වභාවට මෙන්ම ඇය ළග තිබූ මිනිසත්කම හේතු කරගෙනය.  අවුරුදු 19 යේදී විවාහ දිවියට මුල පුරන ඩයනා කුමරිය එතැන් පටන් බ‍්‍රිතාන්‍ය පුවත්පත් වල පුවත් මවන්නියක්ද වුවාය.... එහෙත් අද ඒ කුමරිය සියල්ලටම අමතක වී ඇති අයුරු......

Image result for prince dayanaඩයනා ස්පෙන්සර් නම් වූ ඇය උපත ලබන්නේ 1961 ජූලි 01 වන දින එවකට 8වන අර්ල්වරයා වූ ජෝන් ස්පෙන්සර්ට හා ෆ‍්‍රාසන් ෂාන්ඞ් කීඞ්ට උපන් පස්වන දරුවා ලෙසිනි. ඇය උපතින්ම රූමතියක වූවාය. ඩයනා කුමරියට අවුරුදු 13 ලබන විට තම මව හා පියා දික්කාසාද වන්නේ ඇයට පිය සෙනෙහස අහිමි කරමිනි. එතැන් පටන් ඇය තම මවගේ උණුසුමෙහි පමණක් හැදී වැඞී ඇත. ඩයනා කුමරිය රූමතියක් වූවත් ඇය ඒතරම් ඉගෙනීමට දක්ෂ තැනැත්තියක් නොවුනාය. මේනිසාම ඇයට පළමු පෙළ විභාගය දෙවරක්ම අසමත් වන්නටද විය. එහෙත් ඇය පියානෝ වාදනයට හා පිහිනනීමට අති දක්ෂ විය. මව යටතේ පමණක් හැදී වැඩුනත් ඇය අධි සුඛෝපභෝගී දිවියකට හිමිකම් කීවාය.

ඩයනා හා චාල්ස් එකිනෙකා මුණගැසෙන්නේ 1978 වර්ෂයේ ඩයනා කුමරියගේ සහෝදරයාගේ සාදයකට පැමිණි අවස්ථාවකය. එලෙස ලියලන ඔවුනගේ ආදර කතාව 1981 ජූලි 9 වන දින ලොවම කතා බහට ලක් කරන විවාහ මංගල්‍යකින් අවසන් වෙයි. ඩයනා කුමරිය විවාහ වන විට අවුරුදු 19ක් වන අතර ඒ වන විට චාල්ස් කුමරු පසු වූයේ 32වන වියේය. විවාහ වී අවුරුද්දක් යාමට මත්තෙන් 1982 ඩයනා කුමරිය මව් පදවියට උරුමකම් කියන අතර ඇය මුලින්ම රජ පවුලට උරුමක්කාරයෙක් ලබාදෙන්නීය. ඔහු නමින් විලියම් නම් විය. ඉන්පසුව ඇය නැවතත් 1984 දී මව් පදවිය ලබන අතර ඇය එවරද බිහිකරන්නේ පිරිමි දරුවෙකි. ඔහු හැරි කුමරු නම් විය.
Image result for prince dayana
දරු දෙදෙනාගේ උත්පත්තියෙන් පසුව චාල්ස් හා ඩයනා අතර කැම්ලා නම් තරුණිය සමග චාල්ස්ගේ පැවති අනියම් සම්බන්ධය නිසා ඇතිවන විරසක උත්සන්න වන්නට වූයේ විවාහ ජීවිතයද දෙකඩ කරමින්ය. ඩයනා කුමරිය වරෙක මාධ්‍යට කියා සිටියේ දෙමාව්පියන්ගේ වෙන්වීම නිසා තමා විදී දුක් තම දරුවන්ට ලබා නොදෙන බවයි. එහෙත් ඇය 1992 චාල්ස් කුමරු හැරයන්නේ අවුරුදු 11ක විවාහ දිවියට තිත තබමිනි. ඉන්පසුව ඇය 1996 පෙබරවාරි මස 28 වන දින චාල්ස් කුමරු හා නීතියෙන්ද වෙන් විය..

Image result for prince dayanaචාල්ස් කුමරු හා නීතියෙන් වෙන් වූවද ඇයට වේල්ස් හී කුමරිය යන නම්බු නාමය හිමි වන්නේ අනාගත බ‍්‍රිතාන්‍ය රජුගේ මව ඇය වන නිසාවෙනි. චාල්ස්ගෙන් නිතියෙන්ම වෙන් වූ පසු ඩයනා කුමරිය ඉතා සැහැල්ලූ ජීවිතයකට හුරුවන අතර ඇය තම දිවියෙන් වැඩි කාලයක් අසරණයන්ට පිහිට වීමට යෙදෙවන ලදි. මේ කාලය තුළ ඇය තරුණයන් කිහිපදෙනෙකු සමගම සමීප ඇසුරක් පවත් වන අතර නමුත් ඇයගේ පෙම්වතා බවට ප‍්‍රසිද්ධ වන්නේ අරාබි ජාතිකයෙකු වූ ඬේවිඞ් අල්යාඞ්ය. කෙසේ වූවද ඇය මෙළෙවින් සමුගන්නේද තම පෙම්වතා වූ ඬේවිඞ් අල්යාඞ් සමගින් ඇයට ආදරය කළ දෙනෝදහක් ජනතාවගේ දෙනෙතට කදුළක් එක්කරමිනි. ඒ 1997 අගෝස්තු 31 වන දිනය. 

ආදරණිය ඩයනා කුමරිය මෙළොවින් සදහටම නික්ම ගොස් අදට වසර 19ක් ගෙවී ගොස් ඇත. මේ කාලය තුළ ඇයගේම දරුවන්ට හා සැමියාට ඇය ගැන කිසිදු මතකයක් නොමැති අයුරු කනගාටුවට කරුණකි. දින හතක් ඇය වෙනුවෙන් ශෝක වූ ඔවුන් අද ඇය වෙනුවෙන් දේව මෙහෙයක්වත් නොපවත්වයි. එහෙත් ඇය නිසා ජීවය ලද අසරණ මිනිසුන් නම් ඇය වෙනුවෙන් යාඥා කරනු නො අනුමානයි.ලොවක් කතා කළ විවාහ මංගල්‍යකින් යුග දිවියට පත්ඇය ලොවක් කතා කළ අවමංගල්‍යකින් අවසන් ගමන්දගියේය. රජපෙළපත විසින්ම සිතාමතා අහිමි කරගත් ඒ අපූරු ගැහැණිය අද තනිවම සාමාදානයෙන් මිහිකත තුරුලේ සැනසෙනු ඇත. 
Image result for prince dayana

Monday, August 29, 2016

ලොව කැතම කාන්තාව වූ ඇය...... එහෙත් ඇය ලොව ජයගත්තාය.


Image result for lizzie velasquez
Image result for lizzie velasquez childනමින් ඇය ලීසි වැලස්ක්වෙස්ට  නම් විය. ඇය උපත ලබන්නේ රීටා හා වැලස්ක්වෙස්ට නම් යුවළට දාව 1989 මාර්තු 13 වන දිනය. අඩු මාසකින් මෙන්ම අවම උපත් බරකින් යුත් ඇය උපතින්ම රූපයෙන් අවලස්සන බිළි`දියක වූවාය. වෛද්‍යවරුන් අය පිළිබ`ද මව්පියන්ට දැන්වූයේ සිත් දෙගෙඩියාවෙන් වූවද ඇයගේ මව්පියන් ඇයව ආදරයෙන් වැළදගත්තේය. ඒ අපිරිමිත දරු සෙනෙහස නිසාවෙනි. උරූලැවට ඌගේ පැටියා මැණිකකි. ඒ අපිරිමිත මව්සෙනෙහස නිසාවෙනි. රීටා හා වැලස්ක්වෙස්ට නම් යුවළටද තම කැදැල්ලට ආ ප‍්‍රථම අමුත්තිය කුමන රූපයකින් සිටියද ඇයව සුරගනක් විය.

ලීසි කෙමෙන් කෙමෙන් වැඩිවියට පත්වන විට ඇයට දැනුම්තේරුම් ඇති අවධිය වෙන විට ඇය තම රූපය කෙරෙහි කළකිරීමට පත් වූ බව ඇය වරෙක් සදහන් කරයි. ලීසි උපතින්ම කිතුනු භක්තිකයෙකි. ඇය ධර්මය බොහෝසේ විශ්වාස කරන්නට වූවාය. මෙනිසාම ඇය උදෑසනම අවධි වී ජනෙල් කවුලූවෙන් පිටත බලා දෙවියන්ට යාඥා කළ බවද ඇය වරෙක ප‍්‍රකාශ කර ඇත. පාසල් අවධිය තරම් අමිහිරි අත්දැකීම් විදි කාලයක් ඇයගේ දිවියේ නොමැති බව ලීසි පවසන්නේ දුක හා සතුට එක් කළ කදුළක් දෙනෙතේ රදවාගෙනය. වරෙක මිතුරන් ඇයව කොන් කළාය. ඇයට අපහස කළාය. ඇයව සිනාහවට ලක් කලාය. එහෙත් ලීසි තම දිවිය ජය ගත්තාය.

Image result for lizzie velasquez
ලීසි උසස් පාසලේ අධ්‍යාපනය ලබන කාලයේ ඇයගේ නමින් වීඩියෝවක් යූ ටියුබ් හී පළ කරන්නේ ඇය පිළිබ`දව මිනිසුන්ගේ සිත්වල යම් හැගීමක් ඇති කිරීමටයි. එහෙත් සිදුවී ඇත්තේ වෙනම දෙයකි. මිලියන 4කට අධික පිරිසක් මෙම වීඩියෝව නරඹා ඇති අතර ලබාදී ඇත්තේ සෘනාත්මක ප‍්‍රතිචාරයන්ය. අයෙක් පවසා ඇත්තේ ඇයට ඇය විසින්ම තම ආත්මය විනාශ කරගන්නේ නම් යහපත් වන බවයි.සමහර අයෙක් ඇයව හදුන්වා ඇත්තේ රකුසෙක් යන නාමයෙනි. ලීසි කියන්නේ ඇය ඒ හැම මොහොතකම ලොවට හොර රහසේම හැඩු බවයි. ඇය පසුව සැනසීමට ලක්ව ඇත්තේ තම හිසකෙස් පිළිබදව සිතාය. ලීසි උපතින් කෙතරම් අවලස්සන වූවත් ඇය අලංකාර කෙස් කළඹකට හිමිකම් කීවාය. ඇය ලද දෙයින් සතුටුවී ඇත්තේ අපටද යමක් කියා දෙමිනි. ලීසි තවත් වරෙක පවසන්නේ තමන්ව පිළිකුල් කෙරූ ජනතාව තුළින්ම ඇය ඇයව සෙවූ බවයි. ඇය අද ලොව ජයගෙන ඇත. ඇය අද ලේඛිකාවකි. උපදේශකවරයකි. ඇයව පිළිකුල් කළ ඇයට අපහස කළ දහස් ගණන්ගේ ජීවිත වලට අද ඇයම සිනාහවක් ගෙනෙන සුරදූතියක් වී ඇත.
සිතන්න..........

ලීසිට ඇත්තේ මොනවාද? අපට නැත්තේ මොනවාද? ලීසිට කෙතරම් අභියෝග තිබුණේද? අපට ඇති අභියෝග මොනවාද? ලීසි කෙතරම් ඉදිරියෙන්ද? අප කෙතරම් පසුපසින්ද? අපට ඇගෙන් ඉගෙන ගත හැකි පාඩම් නම් කොතෙක් ද?  

ලීසි ලියූ පොත්

Lizze Buautiful-The Lizze Velasque-2010
Choosing Happiness- 2014
Be Beautiful Be You



2010 වර්ෂයේ ඇය ලියු පොත Lizzie Buautiful - The Lizzie Velasque Story. ස්වැං චරිතාපදානයක් වේ.

Sunday, August 28, 2016

කැමරන් නිමවු ටයිටැනික්

Image result for titanic movie


තවමත් සිනමා ලෝලින් ආදරයෙන් වැළදගන්නා සිනමා පටය ටයිටැනික්. අපේ කාලයේ ආදර අන්දරය ඒ ටයිටනික්. ජැක් රෝස් ආදර අන්දරය තවමත් පෙම්වතුන් දකින සැබෑ සිහිනයක්. ආදරය ත‍්‍රාසය මෙන්ම වෛරය එක්ව දැවෙන මේ අපූරු සිනමාපටය ලෝක වාර්තා රාශියකට හිමිකම් කියන්නක්. මේ ඒ ටයිටැනික් ගැන නැවත විමසුමක්.

20 වන සියවස යනු යුරෝපය සාගරය පිළිබදව මෙන්ම නෞකා පිළිබදව දැඩි විමසිල්ලෙන් පසු වූ කාල වකවානුවකි. මේ නිසාම යුරෝපය තුළ අද්වීතීය නිර්මාණයක් ලෙස ටයිටැනික් නෞකාව නිර්මාණය වෙනු ලබයි. මෙය අති සුඛෝපභෝගී අයුරින් නිර්මාණය වූවක් නිසාම මෙහි යාත‍්‍රා කිරීමේ පූර්ණ අයිතිය හිමිවූයේ ඉහළ ධනපති පංතියට පමණි. මේනිසා ප‍්‍රභූවරු එකාට එකා පරයමින් මෙහි මුහුදු ගමනකට පොර කෑවෝය. එහෙත් ඔවුන් මේ පොර කන්නේ තමන්ගේ අවසන් ගමන යන්නට බව ඔවුන් නොදත් කරුණකි. මේ අපූරු නෞකාව මුහුදු ගමන් අරබන්නේ සොදුරු මතකයන් ගොන්නකට ඉඩහසර වෙන් කරමින් වුවද අවසන වූයේ එය සදා අමරණිය වූ අවාසනාවන්ත මතකයක් බවට පත් වීමය. එහෙත් මෙම සිදුවීම ලෝකයේ සිනමා නිෂ්පාදකයින්ට අධ්‍යක්ෂකයින්ට නම්  සිනමාව තුළ අද්විතිය නිර්මාණයක් සිදු කිරීමට අපූරු තේමාවක් විය.

Image result for real titanic rose
මුලින්ම ටයිටැනික් නමින් සිනමා පටයක් නිර්මාණය වන්නේ 1943 වර්ෂයේ ජර්මනියේ ගර්බට් සෙල්ෆින් අතිනි. ඒ සැබෑ ටයිටැනික් නැව මුහුදුබත් වී වසර 31කට පසුවය. පසුව 1950 1979 1980 යන වර්ෂ වලදීද මෙම සිදුවීම මුල් කර ගනිමින් විවිධ ප‍්‍රබන්ධයන් ඔස්සේ ටයිටැනික් නමින් සිනමා නිර්මාණයන් සිදු වූවද සිනමා රසිකයින් උන්මාදයට පත් කරමින් සිනමාවේ පෙරළියක් කළේ 1997 ජේම්ස් කැමරන් අතින් නිමැවුනු ටයිටැනික් සිනමා පටය වේ. 


කම්කරු පංතියක් නියෝජනය කරන තරුණයෙකු හා ඉහළ මධ්‍යම පංතියක් නියෝජනය කරන තරණියක් අතර ඇතිවන පේ‍්‍රම කතාන්දරයක් රැගත් මෙම ටයිටැනික් සිනමාපටය ඔස්කාර් සම්මාන 11ක් හා වෙනත් සම්මාන 81 හිමි කරගෙන තිබේ. එමෙන්ම සමාජය තුළ මේ සිනමා පටය පාදක කොට ගෙන අපූරු සංස්කෘතියක්ද නිර්මාණය වීමද විශේෂය. ටයිටැනික් හී අන්තර්ගත වූ Every night in my dream නම් ගීතය අදටත් කොයි කා අතරත් ප‍්‍රසිද්ධ ගීතයකි. එමෙන්ම වසර 10ක් යන තෙක්ම අඛණ්ඩව ආදායම් වාර්තා තිබූ සිනමා පටය වන්නේ ද කැමරන්ගේ මෙම ටයිටැනික් සිනමා පටයයි.

කැමරන් යනු අවි ආයුධ බෝම්බ මෙන්ම ගින්දර වලට මුල්තැන දෙමින් ත‍්‍රාස්‍යජනක සිනමාපට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමා අධ්‍යයක්ෂක වරයෙකි. ආදරය තේමාවක් කර ගනිමින් ඔහු නිර්මාණය කළ ප‍්‍රථම සිනමාපටය ටයිටැනික් වීම ද විශේෂ කාරණයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සිනමාපටය දිවෙන නැතිනම් තිරගත වන පැය 2යි මිනිත්තු 45ක කාලය සැබෑ ටයිටැනික් නෞකාව මුහුදු බත් වීමට ගතවූ කාලයට සමාන වීම. රෝස්ගේ මහල් චරිතයට පණ පොවන Gloria Stuart නම් නිළිය සැබෑ ටයිටැනික් අනතුරෙන් දිවි ගලවාගත් අයෙක් වීමද විශේෂ කරුණකි.

ටයිටැනික් නෞකාව
අයිස් පරයේ ගැටිණ 
ජැක් රෝස් නූඹ තවම පේ‍්‍රමයේ  
සිහිනයක.....
එක් වෙන්න නිව්යෝක් නගරයේ තොටුපලක
දුටුවාට සිහිනයක් එකම පෙම් ලොවක හිද....
දන්නවාද ටයිටැනික් තව ටිකෙන් ගිලෙන බව
ජැක් නුඹට රෝස් හැර යන්න වෙන බව
මූදු පතුලට......

Image result for titanic movie

Wednesday, August 24, 2016

ඔහු සැබෑ ආදර්ශමත් නායකයෙක් විය.

Image result for නෙල්සන් මැන්ඩෙලා


”හොද ඔලුවක් හා හොද හදවතක් හැමවිටම පැරදවිය නොහැකි සවිමත් සබදතාවයකි.”

-නෙල්සන් මැන්ඩෙලා-



ඔහු ලෝක දේශපාලනය තුළ ආදර්ශමත් දේශපාලන නායකයෙකි. ”ඩිබා” මේ නිහතමානි නිරහංකාර නායකයාව ඔහුගේ ජනතාව හැදින්වූ ආදරණිය නාමය. ඔහු මැන්ඩෙලා නම් විය. නෙල්සන් මැන්ඩෙලා දේශපාලන මංපෙතේ ඔහු සැබෑ නායකයෙක් පමණක්ම නොව විප්ලවකාරයෙක් යැයි කිවද වරදක් නොවන්නේ ය. වර්ගවාදය නැති කිරීමේ පිතෘත්වය හිමි වන්නේ මැන්ඩෙලාටය. මේ නිරහංකාර මිනිසාගෙන් වත්මන් ලෝක දේශපාලඥයින්ට ගත හැකි ආදර්ශයන් බොහෝ වුවද ඔහුගේ ගමන් මග යන්නෙක් හමු නොවීම කනගාටුවට කරුණකි.

නෙල්සන් මැන්ඩෙලා  1918 ජූලි 18 වන දින දකුණු අප‍්‍රිකාවේ ඊස්ටන් කේප් ප‍්‍රදේශයේ උම්ටුටාහි මාවේසෝ ගම්මානයේ දී උපත ලබා ඇත. ගොපලූ කොලූ ගැටයකු ලෙස හැදී වැඩුණ මැන්ඩෙලා මුල්ම අධ්‍යාපනය ලබන්නේ මොතෝදිස්ත ක‍්‍රිස්තියානි පාසලෙන්ය. එයට හේතුව වන්නේ මැන්ඩෙලාගේ මවුපියන් ක‍්‍රිස්තු භක්තිකයන් වීමයි. එහෙත් මැන්ඩෙලාගේ පියා මිය යෑමෙන් පසු ඔහුගේ මව තෙම්බු රජ පවුලට මැන්ඩෙලා බාර කරන්නේ ඔහුගේ අනාගතය ගැන හීන දකිමින්ය. මැන්ඩෙලා ද මෙහිදී ඉංග‍්‍රීසි භාෂාව ඉතිහාසය භූගෝල විද්‍යාව ආදී විෂයන් රාශියක දැනුම තම දැනුමට එක් කර ගැනීමට සමත් විය..
මෙතැනින් නොනැවතුන මැන්ඩෙලා තම ද්විත‍්‍රීයික අධ්‍යාපනය සම්පූර්ණ කරගනු ලබන්නේ් ක්ලාන්බරි බෝටරින් විද්‍යාලයෙනි. ඉන්පසුව ගොට්හාරේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන මැන්ඩෙලාට එහිදී විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වන්නේ ඔහු කලූ ජාතිකයේ වීම යන කාරණාව හේතු කොටගෙනය. මෙයින් දැඩි සේ කළකිරීමට හා කෝපයට පත්වෙන මැන්ඩෙලා තම විප්ලවාකාරී ගමන් මගට අවතීර්ණ වීමේ මුල්ම පියවර තබන්නේ තම සගයෙකුගේ ද සහාය මතිනි. ඒ අනුව සුදු ජාතීන්ගේ කෙනෙහිලිකම් වලට විරෝධය පාමින් පෙළපාලියක් සංවිධානය කරන ලදි. මේ ක‍්‍රියාවලිය නිසා මැන්ඩෙලාට පංති තහනමකට මුහුණ දීමට සිදුවන අතර ඔහු තම උපාධිය සම්පූර්ණ කරගන්නේ බාහිරිනි. එයින්ද නොනවතින මැන්ඩෙලා නීතය පිළිබ`දව හැදැරීමට විට්වෝට්ස්ට‍්‍රාන්ට් විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙනු ලබයි.

Image result for නෙල්සන් මැන්ඩෙලාතම අධ්‍යාපනය මෙලෙස අවසන් කරන මැන්ඩෙලා සුදු ජාතීන්ගේ වර්ගවාදි පාලනයට එරෙහිව නැගී සිටින්නේ දකුණු අපි‍්‍රකාව තුළ ඔවුන් ගෙනගිය ඇපතයිඞ් නීති මාලාව පිළිබද කළකිරීමෙන්ය. මේ අනුව ඔහු 1944 දී ඔලිවර් නම් තම පාසල් සගයා හා එක්ව අපි‍්‍රකානු සංගමයේ තරුණ සංගමයක් පිහිටුවන ලදි. එහි සභාපතිවරයා බවට පත්වූයේ ද මැන්ඩෙලාය. එහෙත් දෙවන ලෝක යුද්ධයේ තත්වය දරුණු අතට හැරීමත් සමගම මෙම සංගමය සුදු ජාතීන් විසින් තහනමට ලක් කරන ලදි. එහෙත් මෙයින් පරාජය භාර නොගන්නා මැන්ඩෙලා නැවතත් 1944 වර්ෂයේ සැප්තැම්බර් මස අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් තරුණ ලීගය ආරම්භ කරනු ලබයි. මෙම සංගමය උපයෝගී කරගනිමින් කලූ සුදු වර්ණ භේද වාදයටත් රටේ මුල් උරුමක්කරුවන් වන කලූ ජාතිකයන් රටේ වහලූන් බවට පත් කිරීමත් යන කාරණා මුල් කොට ගනිමින් විරෝධය පා පෙරමගට බසී. මේ කාරණාව නිසා සිවිල් නීති කඩ කළාය යන වරදට මැන්ඩෙලා මුල්ම වරට සිරගත කරනු ලබයි. සිර මැදිරියෙන් නිදහස්ව ආ මැන්ඩෙලා තම ගමන එතැනින් නොනවැත්තු අතර නැවතත් 1962 දී වර්ණ භේදවාදී රජයට එරෙහිව ක‍්‍රියා කරන්නට විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ මැන්ඩෙලාට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වීමය. සිර මැදිරීයේ මැන්ඩෙලා ගෙන ගිය තරම් කටුක ජීවිතයක් වෙනෙකෙකුට හිමිව නැත. එහෙත් ක්ලාර්ක් නම් සුදු ජාතික නායකයා වර්ණවාදයට තිත තබමින් 1990 පෙබරවාරි මස 11 දින මැන්ඩෙලාටද නිදහස ලබා දුන්නේ සැබෑ මිනිසෙකුගේ අගය ඔහු තේරුම් ගත් නිසාවෙන් විය හැකියි.

Image result for නෙල්සන් මැන්ඩෙලාසිර ගෙදරින් නිදහසු වූ මැන්ඩෙලා නැවතත් තම දේශපාලන කටයුතු වල නිරත විය. එහෙත් එතනින් පසු ඔහු රුඩිකල් නායකයෙක් ලෙස කටයුතු නොකළේය. 1994 දී මැන්ඩෙලා අප‍්‍රිකානු ජාතික සංගමයෙන් මැතිවරණයට ඉදිරිපත්වන අතර එහිදී ඔහු පහසු ජයක් හිමි කරගන්නා ලදි. අප‍්‍රිකාවේ ප‍්‍රථම කලූ ජාතික ජනාධිපතිවරයා වන්නේද මැන්ඩෙලාය. මෙලෙස ජනාධිපති බවට පත් වීමෙන් පසුව මැන්ඩෙලා තම ජාතියට මෙන්ම සුදු ජාතීන්ටද සමසේ සැළකීම දක්නට ලැබීම ඔහුගේ චරිතයේ විශේෂ ලක්ෂණයකි. මොහුගෙන් උගත හැකි තවත් පාඩමකි බලයට ලෝභී නොවීම. මැන්ඩෙලා තම පළමු ධූර කලය අවසන් වූ විගසය තම දේශපාලන දිවියටද සමු දුන්නේය. එහෙත් ඔහු තම ජනහිතකාමි වැඩ පිළිවෙලට තිත නොතැබීම විශේෂ ලක්ෂණයකි. එච්.අයි.වී. වෛරසය අප‍්‍රිකාවේ වසංගතයක්ව තිබූ අතර එය අප‍්‍රිකාවෙන් තුරන් කිරීමට මුලිකව කටයුතු කරන්නේද නෙල්සන් මැන්ඩෙලාය. බලය පසුපස පිස්සුවෙන් මෙන්ම වියරුවෙන් පන්නන දේශ පාලූවන්ට මේ අසහයක නායකයා ගුරුවරයෙක් බදුය. 

ලෝක දේශපාලනයේ සැබෑම නායකයෙකු වූ මැන්ඩෙලා පාඩම් රාශියක්ම ලොවට ඉතිරි කර දෙමින් 2013 දෙසැම්බර් මස 15 වන දින ලොවෙන් සමුගත්තේය. ඔහුට කරන ගෞරවයක් ලෙස ජූලි මස 18 වන දින ලෝක මැන්ඩෙලා දිනය නමින් නම් කර තිබීමද විශේෂය. මැන්ඩෙලා නිරන්තරයෙන් කී කතාවකි. එමෙන්ම ඔහුගේ ජීවිතයේ තිබූ නීති තුනකි.
ඔබ නිදහස් වන්න
අන් අය නිදහස් කරන්න
සෑම දිනකම සේවයට වාර්තා කරන්න
සැබෑ දේශපාලන නායකයෙක් වූ මැන්ඩෙලා නම් උතුම් මිනිසටා කළ හැකි උසස්ම උපහාරය වන්නේ ඔහුගේ දේශපාලනය චරිතය ආදර්ශයට ගැනීමයි.
Image result for නෙල්සන් මැන්ඩෙලා

Sunday, August 21, 2016

ඔලිම්පික් යටගියාව හා රියෝ ඔලිම්පික් රසකතා



2016 වර්ෂයෝ රියොද ජැනේරෝ නගරයේ පැවැති 31 වෙනි ඔලිම්පික් නිමා වූයේ අපූරු පුවත් රාශියක් මවමිනි. කි‍්‍රඩාවේ රසබර තැන් සේම කි‍්‍රඩාව නිසා ඇතිවූ අසම්මත ආදරයන් විවාහ යෝජනා ද දැක ගැනීමට මෙහිදී හැකිවුණා. පිරිසක් මෙම කරුණු කාරණා සාධාරණීය කොට සනාසී සතුටු වෙද්දී තවත් පිරිසක් අශෝභන කි‍්‍රයා ලෙස ඉවතලමින් විවේචනයන් කිරීමටද අමතක කළේ නෑ. කොහොම වුවත් දැං රියෝ ඔලිමිපික් නිමාව සනිටුහන් වී අවසන්. පුරා දින පහළවක් උත්සවශී‍්‍රයෙන් පැවැත්තුණු මේ ඔලිම්පික් උළෙලට තිබූ තර්ජනද අතිවිශාලයි. කෙසේවුවත් දකුණු ඇමරිකානුවන් සාර්ථක ලෙස තම රටෙහි පැවති ඔලිම්පික් වසන්තය නිමා කොට තිබේ. අපට නැවතත් ඔලිම්පික් දැකිය හැක්කේ 2020 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නුවරදීය. ඔලිම්පික් සදහා සත්කාරක රට තේරීම සිදුවන්නේ වසර පහකට හෝ අටකට පෙර සිට වීමද විශේෂය.

ඇත්තටම මේ ඔලිම්පික් වල ආරම්භය කුමක්ද? කුමන රටේද? ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නැරඹුවාට ඒ ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඔලිම්පික ක‍්‍රීඩා වල ආරම්භය සිදුවන්නේ පුරාණ ග‍්‍රීසීයේ. පුරාවෘත්තයන්ට අනුව නම් මෙම ඔලිම්පික් කී‍්‍රඩා වල සැබෑ උරුමකරුවන් වන්නේ සියුස් හා ඔහුගේ පුතණුවන් වු හර්කියුලිස් ය. පුරාණ ඔලිම්පික් උළෙලෙහි විශේෂත්වය වන්නේ මෙම ක‍්‍රීඩා සදහා ග‍්‍රීක ජාතික පිරිමින් පමණක් සහභාගීවීමයි. මෙහි පැවැති තරග වූයේ දිවීමේ තරග මල්ලව පොර තරග බොක්සිං තරග හා තුරග තරගයන්ය. ගී‍්‍රසියේ පැවති මෙම ඔලිම්පික් උළෙල අභාවයට යන්නේ රොම් අධිරාජ්‍යයා ග‍්‍රීසිය තම අණසකට නතු කරගත් පසුවය. කෙසේවෙතත් පුරාණ ඔලිම්පික් නිමාවන්නේ කුමන කාල පරාසයකදීද යන්න පිළිබදව තොතුරු වාර්තා වී නොමැත.

මෙලෙස අභාවයට ගිය ඔලිම්පික් නැවත ජීවය ලබන්නේ ක‍්‍රි.ව. 1796 හා 1798 යන කාල පරාසයේදීය. මේ අනුව විවිධ පාර්ශව වල මැදිහත්වීම මත අභාවයට යෑමෙන් පසුව 1896 දී මුල්ම ඔලිම්පික් උළෙල පවත්වනු ලබයි. මේ අනුව විවිධ බාධා මැද පැවති මෙම ඔලිම්පික් වර්තමානයේ ඉතා සාර්ථක ලෙස පවත්වන ආකාරය දැකිමද සතුටට කරුණකි. ඔලිම්පික් හී පරමාර්ථය වන්නේද ඒක් එක් රටවල් අතර සහයෝගීතාව කී‍්‍රඩාව ආශ‍්‍රයෙන් ගොඩ නැංවීමයි. මේ කරුණ මුල් කොට ගනීමින් ඔලිමිපික් සංකේතයද නිර්මානය වී පවති. නිල් කහ කොළ රතු වර්ණයන්ගෙන යුතුව මෙම සගකේතය නිර්මාණය කර ඇත්තේද ඒ නිසාවෙනි. සෑම රටකම ජාතික කොඩියේ මෙම වර්ණයන් දැකිය හැකි වීම ඊට හේතුවයි.

Captureරියෝද ජනේරෝ හී පැවති 31වන ඔලිම්පික් උළෙල අනෙක් ඔලිම්පික් උළෙලවල් හා විමසීමේදි ඉතා විශේෂ සිද්ධීන් වාර්තා කරනු ලබයි. ඒ අතර අන්තර්ජාලය පවා කැළඹු පුවත්ද වාර්තාවීම විශේෂය. මේවර ඔලිම්පික් උළෙල තුළ සිදු වූ අසම්මත පේ‍්‍රමයක ඇරයුම ප‍්‍රථම කතාන්දරය විය. ක‍්‍රීඩාවට හා ආදරයට ඇත්තේ සමීප ලෙංගතු කමකි. එය කාන්තාව කෙරෙහි පිරිමියාට සිදු වන්නේද පිරිමියා කෙරෙහි කාන්තාවට සිදුවන්නේද නැත්නමි එය සම්මතයෙන් පිටත හිද අසම්මතයට අනුව සිදුවන්නෙද එය ආදරය ලෙස කීවද වරදක් නොමැත. මෙතෙක් පැවති කිසිදු ඔලිපික් උළෙලක දැකිය නොහැකි වූ මෙය රියො ඔලිම්පික් හි මතක සැමරුමක් වනු නොඅනුමානයි. රියෝ ඔලිම්පික් ආදර කතා මෙතනින් නිමා නොවෙන අතර කී‍්‍රඩිකාවන් දෙදෙනෙකුටද තම පෙමිවතුන් විසින විවාහ යෝජනා ගෙන එන ලද්දේ ඔවුනට මංගල සීනු හඩවමිනි. 


පේ‍්‍රමයේ සැමරම් එලෙසින් කී‍්‍රඩා පිටියේ දෝලනය වන විට අනාවැකිකරුවන්ගේ සිහින බොද කරමින් රියෝ ඔලිමිපික් වසන්තය උසේන් බොල්ට් විසින් තවත් වර්ණවත් කලේ සමාජයට බොහෝ දෑ පසක් කර දෙමිනි. එමෙන් ම රියෝ ඔලිම්පික් හී කාන්තා වෙරළ වොලිබෝල් තරගයේදී ඊජිත්තුව හා ජර්මනි තරගය පේ‍්‍රක්ෂකයන් උන්මාදයට පත් කළ තරගයක් විය. ඊජිත්තු කී‍්‍රඩිකාවන් තම සිරුර මුලුමනින්ම වසා කී‍්‍රඩාවේ නියෙලෙන විට ජර්මනි කී‍්‍රඩිකාවන් අඩක් ම නිරුවත්ව බිකිනියෙන් තරග වැදුණි. රටවල් දෙකක සංස්කෘතින් දෙකක් තම අනන්‍යතාව විදහා පෑ අවස්ථාව කාගෙත් නෙත් පිනවන් දසුනක වූයේ ද රියෝ වසන්තයේ රස මොහෙතක් වෙමිනි.
කෙසේ වෙතත් මෙලෙස රසබර මතකයන් ඉතිරි කරමින් නිමාවු රියෝ ඔලිම්පික් හී ජය තහවුරු කරගත්තේ ඇමරිකානුවන්ය. පදක්කම් 121 ලබා ගත් ඇමරිකානුවෝ රියෝ ඒමට පෙර රියෝ වර්ජනය කළ බවද අවසාන වශයෙන් කිව යුත්තකි. සනීපාරක්ෂක කටයුතු හී අඩුපාඩුකම් ගැන කතා කරමින් රියෝ ආ ඇමරිකානුවන් රියෝ ඔලිම්පික් කිරුළ ගෙන අද එරටින් පිටව යන්නේ සුන්දර මතකයන් සමගින් බව නම් ස්ථිරය.

තරගයක් ඇත්නම් දිනුමක් මෙන්ම පැරදුමක්ද තිබෙන බවද එය මධ්‍යස්ථව දරා ගත යුතු බවද රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල මුලු ලෝකයටම මතක් කර දී ඇත. තවත් වසර හතරකින් පැමිණෙන ටෝකියෝ ඔලිපික් කවර වෙනසක් කරාවිද......? අපි බලා සිටිමු.