
2016 වර්ෂයෝ රියොද ජැනේරෝ නගරයේ පැවැති 31 වෙනි ඔලිම්පික් නිමා වූයේ අපූරු පුවත් රාශියක් මවමිනි. කි‍්‍රඩාවේ රසබර තැන් සේම කි‍්‍රඩාව නිසා ඇතිවූ අසම්මත ආදරයන් විවාහ යෝජනා ද දැක ගැනීමට මෙහිදී හැකිවුණා. පිරිසක් මෙම කරුණු කාරණා සාධාරණීය කොට සනාසී සතුටු වෙද්දී තවත් පිරිසක් අශෝභන කි‍්‍රයා ලෙස ඉවතලමින් විවේචනයන් කිරීමටද අමතක කළේ නෑ. කොහොම වුවත් දැං රියෝ ඔලිමිපික් නිමාව සනිටුහන් වී අවසන්. පුරා දින පහළවක් උත්සවශී‍්‍රයෙන් පැවැත්තුණු මේ ඔලිම්පික් උළෙලට තිබූ තර්ජනද අතිවිශාලයි. කෙසේවුවත් දකුණු ඇමරිකානුවන් සාර්ථක ලෙස තම රටෙහි පැවති ඔලිම්පික් වසන්තය නිමා කොට තිබේ. අපට නැවතත් ඔලිම්පික් දැකිය හැක්කේ 2020 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නුවරදීය. ඔලිම්පික් සදහා සත්කාරක රට තේරීම සිදුවන්නේ වසර පහකට හෝ අටකට පෙර සිට වීමද විශේෂය.
ඇත්තටම මේ ඔලිම්පික් වල ආරම්භය කුමක්ද? කුමන රටේද? ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නැරඹුවාට ඒ ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඔලිම්පික ක‍්‍රීඩා වල ආරම්භය සිදුවන්නේ පුරාණ ග‍්‍රීසීයේ. පුරාවෘත්තයන්ට අනුව නම් මෙම ඔලිම්පික් කී‍්‍රඩා වල සැබෑ උරුමකරුවන් වන්නේ සියුස් හා ඔහුගේ පුතණුවන් වු හර්කියුලිස් ය. පුරාණ ඔලිම්පික් උළෙලෙහි විශේෂත්වය වන්නේ මෙම ක‍්‍රීඩා සදහා ග‍්‍රීක ජාතික පිරිමින් පමණක් සහභාගීවීමයි. මෙහි පැවැති තරග වූයේ දිවීමේ තරග මල්ලව පොර තරග බොක්සිං තරග හා තුරග තරගයන්ය. ගී‍්‍රසියේ පැවති මෙම ඔලිම්පික් උළෙල අභාවයට යන්නේ රොම් අධිරාජ්‍යයා ග‍්‍රීසිය තම අණසකට නතු කරගත් පසුවය. කෙසේවෙතත් පුරාණ ඔලිම්පික් නිමාවන්නේ කුමන කාල පරාසයකදීද යන්න පිළිබදව තොතුරු වාර්තා වී නොමැත.


මෙලෙස අභාවයට ගිය ඔලිම්පික් නැවත ජීවය ලබන්නේ ක‍්‍රි.ව. 1796 හා 1798 යන කාල පරාසයේදීය. මේ අනුව විවිධ පාර්ශව වල මැදිහත්වීම මත අභාවයට යෑමෙන් පසුව 1896 දී මුල්ම ඔලිම්පික් උළෙල පවත්වනු ලබයි. මේ අනුව විවිධ බාධා මැද පැවති මෙම ඔලිම්පික් වර්තමානයේ ඉතා සාර්ථක ලෙස පවත්වන ආකාරය දැකිමද සතුටට කරුණකි. ඔලිම්පික් හී පරමාර්ථය වන්නේද ඒක් එක් රටවල් අතර සහයෝගීතාව කී‍්‍රඩාව ආශ‍්‍රයෙන් ගොඩ නැංවීමයි. මේ කරුණ මුල් කොට ගනීමින් ඔලිමිපික් සංකේතයද නිර්මානය වී පවති. නිල් කහ කොළ රතු වර්ණයන්ගෙන යුතුව මෙම සගකේතය නිර්මාණය කර ඇත්තේද ඒ නිසාවෙනි. සෑම රටකම ජාතික කොඩියේ මෙම වර්ණයන් දැකිය හැකි වීම ඊට හේතුවයි.


කෙසේ වෙතත් මෙලෙස රසබර මතකයන් ඉතිරි කරමින් නිමාවු රියෝ ඔලිම්පික් හී ජය තහවුරු කරගත්තේ ඇමරිකානුවන්ය. පදක්කම් 121 ලබා ගත් ඇමරිකානුවෝ රියෝ ඒමට පෙර රියෝ වර්ජනය කළ බවද අවසාන වශයෙන් කිව යුත්තකි. සනීපාරක්ෂක කටයුතු හී අඩුපාඩුකම් ගැන කතා කරමින් රියෝ ආ ඇමරිකානුවන් රියෝ ඔලිම්පික් කිරුළ ගෙන අද එරටින් පිටව යන්නේ සුන්දර මතකයන් සමගින් බව නම් ස්ථිරය.
තරගයක් ඇත්නම් දිනුමක් මෙන්ම පැරදුමක්ද තිබෙන බවද එය මධ්‍යස්ථව දරා ගත යුතු බවද රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල මුලු ලෝකයටම මතක් කර දී ඇත. තවත් වසර හතරකින් පැමිණෙන ටෝකියෝ ඔලිපික් කවර වෙනසක් කරාවිද......? අපි බලා සිටිමු.
Ela..
ReplyDeleteEla..
ReplyDeleteNiyamai himali.. hoda gamnk yana puluwan oyata
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteNiyamai himali..
ReplyDeleteGood job..
ReplyDeleteWow, thats surely exquisite to recognize the fact and I am positive you will also love my article written here fruit fly traps apple cider vinegar approximately Hope so you will love to provide me a go-to.
ReplyDelete