Friday, August 12, 2016

ඉන්දීය ටෙලි සිතුවම් ඉවතට විසිකළ අපේ සරණා



පුංචි කාලේ අපි දැක්ක හඩ කවපු ටෙලි නාට්‍ය හරි ලස්සනයි...මතකද ඔෂීන්, මල්ගුඩියේ දවසක්....මගේ ජීවිතේ මම රසවින්ද ආසාවේන් නරඹපු කතා. මගේ විතරක් නෙවෙයි මම හිතන්නේ ගොඩක් අයගේ එහෙමයි. ඒත්.... අද....? ඒ සමාජයට හිතන්න යමක් ඉතිරිකළ සුන්දර ටෙලි නාට්‍ය දක්නට නොලැබීම කෙතරම් අභාග්‍යයක්ද? වාණිජත්වය කරපින්නාගෙන දිවයන සමාජයේ අවශ්‍යතාව රූප පෙට්ටිය මගින් වෙනස්කර ඇති අපූරූව.......

හඩ කවපු ටෙලි නාට්‍ය අද අපේ ටෙලි නාට්‍ය කලාවටම විෂ බීජයක් වෙලා. සුජාතා ඉන්දීය ටෙලි නාට්‍යයෙන් ඇරඹී ඉන්දීය මේගා ටෙලි නාට්‍ය ආකෘතීන් අද සියලුම නාලිකාවන් වල විකාශය වන ප‍්‍රධාන ටෙලි නාට්‍යන් බවට පත්වී තිබේ. දිනපතාම විකාශය වන මෙම ටෙලි නාට්‍යයන් සදහා ලොකු පොඩි බේදයකින් තොරව සියලු පේ‍්‍රක්ෂකයන්  අබ්බැහි වීම ඛේදවාචකයකි. ජනප‍්‍රියත්වය යන්නට පමණක් මුල්තැන දෙමින් නාලිකාවන් සිදු කරන මෙම ක‍්‍රියාව කෙතරම් උචිතද යන්න ඔවුනොවුන්ම තම හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුත්තකි. 


සිංහල ටෙලි නාට්‍ය කලාවට අලුත් ඉරක් පයා ඇත්තේ මෙවන් වතාවරණයකයි. මාධ්‍ය තුළ අද නව මාධ්‍යට හිමිවෙලා තියෙන්නේ විශේෂ තැනක්...ටෙලි නාට්‍ය ගැන කතා කරපු මම ඇයි මේ නව මාධ්‍ය ගැන කතා කරන්නේ......ඔබට ප‍්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් මට මේ කාරණාව ගැන හිතන්න හේතුව මේ නව මාධ්‍ය.ඒ කියන්නේ අද අපි ඇබ්බැහිවෙලා ඉන්න ෆේස් බුක්’(බුකිය*  පහුගිය දවස් වල අලුත්ම ඉන්දීය මෙගාවක් සිරස නාලිකාව විසින් පේ‍්‍රක්ෂකයාට ගෙනත් දුන්න මොහෙතේ   මේ ගැන බුකියේ ගොඩක්  පෝසට් දක්නට ලැබුණා. වැඩියෙන්ම දුක්වුණේ ඉෂි අම්මා....එත් අද....අද ලංකාවේ සරණා නිසා ඉෂි අම්මයි ශිවන්න්‍යා ඉෂානි ස්වප්නා ගොඩක් දුකට පත්වෙලාලු. මේක කියන්නෙත් ඉතිං අපේ්ම අය. මෙතනයි වෙනස.....ඉන්දීය ටෙලි තරු වලට වඩා අපේ සරණා ජනප‍්‍රිය වෙලා.

”කොච්චර කිව්වත් මේ සරණ නම් හදන්නම බෑනේ...කැරපොත්තෝ මීයෝ අල්ලන එකමයි කරන්නේ.”
”සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ....දුවන්නම වෙනවා.”

මේ දෙබස් අද කා අතරත් ජනප‍්‍රිය වේලා ඇත්තේ කාලකින් සෑබැ ටෙලි වෘතාන්තයක ආගමනය සිදුවූ නිසා විය හැකියි.

අද කොයි කවුරුත් පුංචි තිරයේ ආදරය කරන අපේම පොඩි නමක් ඉන්නවා...ඇයි අපේම හුරතලෙක් ඉන්නවා..එතන අපේකම හැංගිලා තියෙනවා. දෙන්නම්වාලේ දෙන හැමදේම ගන්නවට වඩා හිතල බලලා දෙන දේවල් ගන්න එක තමයි හොදම දේ. අද අපි හැමෝට බලන්න පුලුවන් ලස්සන කතාවක් අපේ ආලින්දයට ඇවිත්..මේ පිම්ම අපේ ටෙලි නාට්‍ය කලාවට අලුත් බලාපොරොත්තුවක් එක් කරනු නොඅනුමානයි. පොඩි නමයි සරණයි අපේ ටෙලි නාට්‍ය කලාවේ අලුත් පෙරළියක් කරවි....එය ඉන්දීය මේගා ටෙලි නාටකයන්ට දරුණු කුනාටුවක් වේනම් අපේ කලාව අපට ඉතිරි වේවි.

6 comments: