Monday, July 25, 2016

මවක් වීමට සිහින දකින ඔබට.......



ගැහැණු දරුවෙකු මව්කුසින් මෙළොව එළිය දුටුපසු නැවත තුන්වරක් ඇය උපත ලබන බව ඔබ දන්නවාද? මෙය පුදුම විය යුතුු කරුණක් බව සැබෑවකි. එහෙත් එය විශ්වාස කළ යුත්තක.ි ගැහැණු දරුවෙකු මල්වර වීමෙන් ඇය නැවත පළමු වරට ඉපෙදෙනු ලබයි. මල්වර වූ පසු ගැහැණු දරුවෙකු අලුත් ජීවිතයක් අරඹන්නේ එහිදී ඇය මවක් වීමට අවශ්‍ය පළමු සුදුසුකම ලබන නිසාවෙනි. ද ගැහැණු දරුවෙකු දෙවෙනි වරට උපත ලබන්නේ ඇය පතිනියක් ලෙස කිරුළ දිනදා ය. අලූත් ලේ ඥාතීත්වයක් හා නව සම්බන්ධතා සමූහක් ඇති කරගනු ලබන්නීය. ඇය නව නිවසකට සෞභාග්‍ය සතුට සම්පත රැුගෙන යන්නීය. ගැහැණු දරුවෙකු තෙවැනි වරට උපත ලබන්නේ ඇය මවක් වූ පසුවයි. මව් පදවිය යනු ලොව ඇති උතුම්ම පදවියයි. 

දෙදෙනෙකුගේ විවාහ වීමෙන් පසුව ඔවුනගේ එකම බලාපෙරොත්තුව වන්නේ තමන්ගේම ලෙයින් උපන් දරු පැටියෙකුගේ සිනා හඩ සුරතල් කතාවන් ඇසීමයි. මේ හීනය සැබෑවන දින යනු ඔවුනගේ ජීවිත වලට නව බලාපොරොත්තු එක් වීමකි. එහෙත් හිතන පතන විදිහටම පුංචි පැටවෙකු තමන්ගේ පුංචි කැදැල්ලට ගෙන ඒමට නොහැකි වුවහොත්...... ඇතිවන ප‍්‍රශ්න මහ මෙරක් තරම්. ඇස් අද්දර දැකපු හැම හීනයක්ම බො`දවෙලා යන්නේ හිතන්නෙවත් නැති විදිහට. ඒත් ඔබ දන්නවාද.........? මවක් වීමේ වරම් ඔබෙන් ගිලිහී යන්නේ ඔබේම ඇතැම් නොසැළිකිලිමත් බව හා නොදැනුවත්කම් නිසාවෙන් බව. අද මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නේ මවක් වීමට නොහැකි වන රෝග කිහිපයක් පිළිබ`දවය.

ලිංගාශි‍්‍රත රෝග නිසා අදවන විට තරුණියන් මෙන්ම කාන්තාවන්ද පීඩාවට පත්වේ. ඒත් මෙම රෝගී තත්වයන්ගෙන් පීඩා විදින කාන්තාවන් ඊට නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට මැලිකමක් දක්වනු ලබයි. මීට හේතුව ඔවුහු මෙම රෝග සම්බනධයෙන් දක්වන හැ`ගීමයි. ඒත් මෙම රෝග ඔබේන් මවක් වීමේ අවස්ථාව උදුරා ගන්නා බව අමතක කරන්න් එපා......

වැඩිවියට පත්වුණූ යුවතියකගේ ඔසප් චක‍්‍රය නියමාකාරයෙන් සිදුවිය යුතුය. එසේ නොවීම ඇමිනොරියාව නම් රෝගයේ රෝග ලක්ෂණයකි. මෙහිදී යුවතියකගේ ඔසප් වීම සිදුනොවෙනු ලබයි. මෙය දරුවෙකු පිළිස`ද ගැනීමේදී ප‍්‍රබලව බලපාන සාධකයකි. මෙම රෝගය ඇතිවීමට විවිධ ඖෂධ වර්ග වල බලපෑම, අධික ලෙස ව්‍යායාම් වල නිරතවීම, මානසික ආතතිය, ශරීරයේ බර අඩුකම, වැනි සාධක බලපානු ලබයි. කෙසේවුවද ඔබ මෙම රෝගයෙන් පීඩාවි`දින්නේ නම්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම යහපත්ය.

එන්ඩොමෙට්රෝසිස් නම් රෝගයද ඔබේ මවක් වීමේ සිහිනය ඔබෙන් දුරස්කරනු ලබයි. ඔබ දන්නවාද.....? එන්ඩොමෙට්රෝසිස් නම් රෝගය ඇති කාන්තාවන්ගෙන් 30% ත් 40% ත් අතර කාන්තාවන් ප‍්‍රමාණයක් දරුවෙකු පිළිසි`ද ගැනීමේ අපහසුතාවයෙන් පසුවෙන බව. මෙම රෝගී තත්වයේදි සිදුවන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තිවල ඇති එන්ඩොමෙට්රෝසිස් නම් පටලයට හානි සිදුවීමයි. සමාන්‍යයෙන් කාන්තාවකට දින 28කට වරක් සිදුවන ඔසප් වීමේදී මෙම පටලය ගැලවීයාම සිදුවේ. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ මෙම පටලය පැලෝපීය නහර තුළින් උදර කුහරයේ තැන්පත් වෙනු ලබයි.මෙයින් පැලෝපීය නහර වලට මෙන්ම ඩිම්බ කෝෂ වලටද හානි සිදුවන අතර එය දරුවෙකු පිලිසි`ද ගැනීමේදී බලපානු ලබයි. මෙම රෝගයේ ප‍්‍රධානම රෝග ලක්ෂණය වන්නේ ඔසප් වීමේදී අධික වේදනාවක් ඇති වීමයි.

ගර්භාෂයේ මෘදු පටලවල ඇතිවන ගෙඩි නිසා ඔබ වේදනාවට පත්වී සිටින්නේද? මෙය ෆයිබ්‍රොයිඞ් නම් රෝගීතත්වය වන අතර ආයුර්වේදයේ මෙම රෝගය හ`දුනවන්නේ සුත‍්‍රාර්බුද රෝගය නමිනි. මෙම රෝගීතත්වය ඇති වීමට තවම නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. රුධිරයේ ඇති ඊස්ට‍්‍රජන් අධික වීම ඇතැම් විට මෙයට හේතුවක් වනු ඇතැයි ඇතැම් පිරිස් මත පළ කරනු ලබයි. කේසේවෙතත් මෙම රෝගයද ඔබේ මවක් වීමේ සිහිනය බො`දකරනු ලබයි.

මවක් වීමට පෙරුම් පුරන ඔබ මෙම රෝග පිළිබදව වඩා සැළකිලිමත් වන්න. 


අන්තර්ජාලය ඇසුැරනි.*
සටහන: හිමාලි ප‍්‍රියංගිකා

Friday, July 22, 2016

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න ඔබ සුදානම් ද?



ජීවිතයේ කුමන අවස්ථාවකදි හෝ අපට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. එහිදී නිවරදිව එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව ඔබ දැනුවත් ද? සම්මුඛ පරීක්ෂණයකට සාර්ථකව මුහුණ දීමට සමහරවිට ඔබට මෙය ප‍්‍රයෝජනවත් වේවි.සම්මුඛ පරීක්ෂණයකදී ඔබව නිරීක්ෂණය කිරීමට අවම වශයෙන් දෙදෙනෙකුගෙන්වත් යුතු පැනලයක්(මණ්ඩලයක්) සිටිය හැකිය. එහිදී ඒ සියලුදෙනාගේ අවධානය ඔබ වෙත රදවා ගැනීමට ඔබ සමත්විය යුතුය. එහිදී ඔබේ හැසිරීම ඔබේ චරිත ස්වභාවය ආත්ම විශ්වාසය අන්අය සමග ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව යන මෙම විවිධ පැතිකඩයන් ඔස්සේ ඔබව පරීක්ෂාවට ලක්කරනු ලබයි. එහිදි ඔබ කෙතරම් වටිනා සහතික රැුගෙන ගියද ප‍්‍රායෝගිකව ඔබ කෙරෙන් ඉහත ලක්ෂණ විද්‍යාමාන නොවන්නේ නම් ඔබ පරීක්ෂණයෙන් අසමත් වනු ඇත. මෙනිසා ඔබට වටින අදහස් කිහිපයක් මම අද කියන්න සුදානම්.

නියමිත වෙලාවට මිනිත්තු 15 කට පමණ පෙරාතුව ඔබ අදාළ ස්ථානයට යායුතුයි. 

සම්මුඛ පරික්ෂණයට යන ස්ථානය ඔබට නුහුරු නුපුරුදු තැනක් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. සම්මුඛ පරීක්ෂණයට ඔන්න මෙන්න තියා ඔබ එහි ගියහොත් ඔබට යම්කිසි ගැස්මක් හෝ අවිනිශ්චිත හැගීමක් ඇතිවීම පුදුමයක් නොවන්නේය. එයින් ඔබේ මනසද ව්‍යාකූලභාවයට පත්වීම ඒකාන්තය. මේනිසා නියමිත වේලාවට මිනිත්තු කිහිපයකට හෝ පෙරතුව ඔබ අදාළ ස්ථානයට යා යුතුය. එසේ වුවහොත් අදාළ පරිසරයට යම්තාක් දුරකට හෝ ඔබට අනුගත වීමේ හැකියාව ඇතිවෙනු ලබයි.  එසේම ඔබට නිරවුල් මනසින් යුතුව සාර්ථකව සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට හැකියාව ලැබේ.

සම්මුඛ පරීක්ෂණ කමිටුවට ආචාර කිරීමේදී වඩාත් ගරුසරු ඇතිව ආචාර කළ යුතුයි.

සම්මුඛ පරීක්ෂණ පැනලය ඔබව නිරීක්ෂණයට ලක්කරන්නේ සම්මුඛ පරීක්ෂණයට ඔබ අදාළ දොරටුවෙන් ඇතුල්වන මොහොතේදී පටන්ය. මෙනිසා සිනාමුසු මුහුණින් යුතුව ඔබ අදාළ ස්ථානයට පිවිසිය යුතු අතර Good morning sir/mis/ madam යනාදි ලෙස ගරුසරු ඇතිව ඔබ විසින් ඔවුනට ආචාර කළයුතුය. එවිට විනිසුරු මඩුල්ලට ඔබ කෙරෙහි යහපත් ප‍්‍රතිරූපයක් ඇතිවෙනු නොඅනුමානය.

ඔබේ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත කරන්න

ජංගම දුරකථනයද ඇතැම්විට සම්මුඛ පරීක්ෂණයකදී ඔබ ඉවතට විසිවන සාධකයක් විය හැකිය. ඔබ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත නොකර තිබීමෙන් අවධානය ඒ වෙත යොමුවීමේ ඉඩකඩ වැඩිය. මේනිසා ඔබ සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටින සෑම මොහොතකම ඔබේ ජංගම දුරකථනය ක‍්‍රියාවිරහිත කරන්න.

ඔබ කතාකරන සෑම විටම විනිසුරුමඩුල්ලේ දෑස් දෙස කෙලින් බලා කතාකරන්න.

සම්මුඛ පරීක්ෂණයකදී Eye Contact මනා ලෙස පවත්වා ගැනීමද ඉතා විශේෂ කාරණයකි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔබට යොමු කරන ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන විට ඔවුනගේ දෑස් දෙස කෙලින් බලා පිළිතුරු දිය යුතු අතර මුහුණේ සිනාහවද පවත්වා ගත යුතුය. එසේ සිදුකළ විට ඔබ පිළිබදව විශ්වාසයන් ඔවුනට ඇතිවීම ස්ථිරය. 

ඔබ වැඩිපුර කතාවට නොයා යුතුයි.

කතා කරනවිට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කතා කිරීමට ඔබ විසින් වැඩිපුර ඉඩප‍්‍රස්ථාව සළසාදිය යුතුයි. ඔබ කතාකළ යුත්තේ අවශ්‍යම මොහොතේ දි පමණි.

විනිසුරුවන් කතාකරන විට ප‍්‍රශ්න ඇසීම බාධා කිරීම සිදුනොකළ යුතුය.

විනිසුරුවන් කතාකරන විට නිසිවිටෙක ඔවුනගේ කතාවට බාධා නොකළ යුතු අතර ඔවුනට අවශ්‍ය දේ කියා නිමකළ පසු ඔබ ඔබේ මතය හෝ ගැටලුව ඉදිරිපත් කළ යුතුවේ.

සෘජුව වාඩිවෙන්න. යම් තරමක් ඉදිරියට නැමෙන්න.

මේ ආකාරයෙන් සිටීමෙන් ඔබ ඔවුනගේ කතාවට ඇහුමිකන් දෙන බව ඔවුනට වැටහෙයි. ඔබ පිළිබද යහපත් ප‍්‍රතිරූපයක් ඇතිවීමට මෙයද හේතුවෙයි.
අමතක කරන්න එපා.......... සම්මුඛ පරීක්ෂණය අවසන්වන්නේ ඔබ අදාළ ස්ථානයෙන් පිටවුවාට පසුවයි. මේනිසා ඒවන තෙක් ඔබ ඔබේ හැසිරීම් රටාව මනාව හසුරුවා ගතයුතුයි. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය අවසන්වන තෙක්ම එයට සාර්ථකව ඔබට හැකි උපරිම ආකාරයෙන් මුහුණ දීමටද ඔබ වගබලා ගත යුතුවේ. එය ඔබේ පෞර්ෂයටද මනා හේතු සාධකයක් වේ.

Thursday, July 21, 2016

මිත්‍යාව මාධ්‍ය දේශපාලඥයා හා පුරවැසියා

මිත්‍යාව මාධ්‍ය දේශපාලඥයා හා පුරවැසියා
මිත්‍යාව යන්න අද සමාජයේ බහුල වශයෙන් ව්‍යාප්තව ඇති විෂ බීජයක් යැයි කීම වරදක් නොවෙතැයි සිතමි. ශී‍්‍ර ලංකාව මිත්‍යාව යන්න බහුලව යොදා ගන්නා රටකි. ජාති ආගම් බේදයකින් තොරව සාමාන්‍ය මිනිසාගේ සිට ප‍්‍රභූ පැළැන්තියද මේ මිථ්‍යාව පසුපස හඹායනු දක්නට ලැබීම අරුම පුදුම කාරණයකි. මිථ්‍යාව යන්න ඉහ මුදුනේ තබා පිළිගන්නා අපේ රට දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් වීමද විශේෂ කාරණයකි. වර්තමානයේ මෙය ජාවාරමක් ලෙසට ද උඩු දුවන ලද පිළිකාවක් බවටද පත්ව තිබේ.


අතීතයෙ ද මිත්‍යාව යන්න නොපිළිගත් කාරණයක් නොවන්නේය. එහෙත් අතීතයේ සංස්කෘතියේ ඇතැම් සංදිස්ථාන කරණ කොටගනිමින් පුද්ගලයා මිත්‍යාව යන්න විශ්වාසයක් බවට පත්කර ගෙන තිබිණ. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මිනාසා තම සියල්ලක් සදහාම මිථ්‍යා විශ්වාසයන් පසුපස ගමන් කරන්නෝය. වර්තමානයේ මාධ්‍ය ද විවිධ වැඩසටහන් තුළින් මිථ්‍යාව යන්න සමාජයේ පතුරනු දක්නට ලැබීම කනගාටුවට කරුණකි.වර්තමානයේ මාධ්‍ය සියල්ලක්ම පාහේ සතියකට පැය කිහිපයක්ම මෙවන් වැඩසටහන් සදහා යොදවා ඇති ආකාරයද දැකිය හැකිය.මාධ්‍ය  මගින් විකාශ්‍ය කරන ඇතැම් ටෙලිනාට්‍ය වල පවා මෙම මිත්‍යා විශ්වාස යන්න උද්ධෘත කර පෙන්වයි.
පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේදි මාධ්‍යයේ ප‍්‍රමුඛ කාර්ය භාර්ය වුයේ රටේ සිටින විවිධ ජොතිෂ්‍යවේදියෝ ගෙන්වා රටටම අනාවැකි පළකිරීමය. ඇතැම් ජොතිෂ්‍යවේදියෝ තම අනාවැකි වැරදුනහොත් සියදිවි හානි කරගන්නා බවද ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා වලදි ප‍්‍රකාශ කර සිටියහ. එතරම් බාල නිහීන මෙන් අඥානයින් ජීවත් වන රටක් බවට අද ශී‍්‍ර ලංකාව පත්ව තිබීම අතිශය දුක්ඛිත කාරණයකි. ජනාධිපතිවරණයට දින පවා යෙදවන්නේ ජොතිෂ්‍යවේදින්ගේ අනාවැකි මුල්කර ගනිමිනි. දේශපාලඥයෝ වැසිකිළියට යෑමට පවා නැකත් බලන යුගය වැඩි ඈතක නොවන බව කිව යුතුමය. පසුගිය නියං කාලයේ දී ඇතැම් දේශපාලඥයින් දේව කන්නලව් සිදුකළේ තම මෝළයේ ඇති විශාලත්වය සැමට පසක්කර දෙමිනි

මාධ්‍යයේ වගකීම විය යුත්තේ සමාජයට පුරවැසියාට වටිනාකමක් ඇතිදෑ ලබා දීමය. එහෙත් මාධ්‍ය සිදු කරන්නේ සමාජ වගකීමෙන් බැහැරව කටයුතු කිරීමය. බොහො පුවත්පත් මාධ්‍ය මගින් අතිරේක වශයෙන් දිනපතාම සමාජය තුළ මෙකී මිත්‍යා විශ්වාස පතුරවනු ලබයි. මේ මෑත දිනයන්හි තුඩා බිළිදෙක් හා මවක් කොච්චියට පැන සියදිවි හානි කරගැනීමට උත්සහකළෙත් තවත් ප‍්‍රදේශයක කාන්තාවන් දෙදෙනෙකු පොළිසිය ඉදිරිපිටදීම මහපාරේ මරණයට පත්වූයෙත් මෙම මිත්‍යාවන් පසුපස යෑමේ ප‍්‍රතිඵලයන් ලෙසටය. 

තාක්ෂණය දිනෙන් දින නව නිපැයුම් සිදුකරනු ලබන්නේය. ලෝකයද ඒ හා වේගයෙන් ඉදිරියට ඇදෙන්නේය. එහෙත් ඇතැම් සමාජ පිළිලයන් තවමත් රටට වින ක්රන්නේය. අපි වශ්වාස කළ යුත්තේ සොබාව දහම මිස ගුප්ත බලවේගයන් නොවන්නේය. බුදු දහමින් ද ලොවට පෙන්වා දී ඇත්තේ මෙම දර්ශනයයි. මාධ්‍ය මගින් ද මෙය මැනවින් වටහාගෙන සමාජයට එය පසක් කර දෙන්නේ නම් ඉතා අගනේය.

Sunday, July 17, 2016

සංහිදියාව

සංහිදියාව
යුද්ධය අවසන් වී ඇත. එහෙත් යුද්ධයේ අදුරු මතක අදුරු සෙවනැලි තවම අවසන් වී නොමැති තරම්ය. බලය යන්න මුල්කරගෙන ද‍්‍රවිඩ සිංහල දෙපිරිස අතර ඇති වූ ගැටුම කෙමෙන් කෙමෙන් විශාල වී පාර්ශව දෙකක දරුණු යුද්ධයක්ව වසර ගණනාවක් පැවතුණි. එහෙත් 2010 වසරේ මෙම කුරිරු යුද්ධයේ නිමාව සනිටුහන් විය. නිතර නිතර ඇසෙන්නට ලැබුණු බොම්බ පිපිරීම් පිළිබද විස්තර යුද්ධයේ බිහිසුණු වාර්තාකරණයන් ටිකෙන් ටක අපේ ජීවිත වලින් ඈත් වෙන්න පටන් ගත්තා. නිදහසේ රටට සාමයේ පණිවිඩ ගලාගෙන ආවේ හැමදෙනාටම අලුත් බලාපොරොතුතුවක් අරගෙන. එත් අපි ඒ දකින්න ආස කළ රටට අද අපිට දකින්න පුලුවන ද?


සංහිදියාව යන වචනය අප භාවිතයට එන්නේ යුද්ධය අවසන් වීමත් සමග ජාතීන් අතර සුහදත්වය ඇතිකිරීම යන කාරණය මුල්කර ගනිමින්. සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම මින්ස්සු. එහෙනම් ඇයි අපි හැමෝටම හිතන්න බැරි අපි හැමා්ම ශ‍්‍රී ලාංකිකයන් කියනදේ. අපේ භාෂාව අපේ සංස්කෘතිය අපේ ආගම මේ දේවල් වෙනස් උනත් අපි හැමෝම ඇට ලේ මස් වලින් නිර්මාණය වුණ මේ ලෝකෙ ජීවත් වන තවත් ජීවින් කොටසක්. ඒත් මිනිස්සු එය තේරුම් නොගන්න තාක් කල් සංහිදියාවක් ගැන කතාකළ නොහැකියි.


විශ්වවිද්‍යාලය කියන්නෙ ජාති කුල ආගම් මේ කිසිම සීමාවකට මායිම් නොවී සෙහා්දරත්වය යන පදනම මත අත්වැල් බැදගෙන සිටින පිරිසක් ජීවත් වෙන භූමියක්. ඒත් එහෙම සහොදරත්වයක් තියෙනවා නම් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් එකිනෙකාට ගහ මරාගන්න පෙළඹුණේ ඇයි...?  වඩාත් අවධානය යොමුකළ යුතු කාරණයක් නොවන්නෙද?සංස්කෘතික අංගයක් වෙනුවෙන් මෙතරම් විරසකයක්....... රටේ අනාගත පරපුර මෙලෙස හැසිරෙන්නේ නම් අනාගතය ගැන දකින සුබ සිහින කොතනින් කෙළවර වෙයිද.....? විශ්වවිද්‍යාල වල ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒත් මෙම ගැටුම සාමාන්‍ය දෙයක් ලෙසට පමණක් සිතා ඉවත දැමිය නොහැකි දෙයක්.මෙම ගැටුම ඇතිව ඇත්තේ ජනවර්ග දෙකක සිසුන් පිරිසක් අතරවීම එයට හේතුවයි. මේ කාරණය පිළිබදව විවිධ පිරිස් විවිධ මත පළ කර අවසානයි. බුකියේද දැං ප‍්‍රධාන කතාන්දරය මේ සිදුවීමයි...එහෙත් කියන කරන දේවල් සිහිබුද්ධියෙන් යුතුව යොදාගන්න ඔය කොයි කවුරුත් උත්සාහ කරනවනම් එය තමයි වැදගත්ම කාරණය....


විවිධ සමාජ සංවිධාන දෙශපාලඥයන් පසුගිය සිදුවීම් සදහා දුන් අර්ථකථනයන් අපි දුටුවෙමු. ඇසුවෙමු. දේශපාලන වාසි පමණක් තකා මෙම සිදුවීමත් ඒ අයුරින්ම යොදානොගන්නේ නම් එය රටටද කරන යහපතකි.


අදුරු කලු වලාවන්ගේ ඇදෙන රිදී රේඛාවන් තවම ඇත්තේ පෙනී පෙනී් නොපෙනෙන මට්ටමේය. රුදුරු යුද්ධයේ ගිනි පුපුරු තවමත් අලුයට සැගව ඇත. මේ ගිනි පුපුරු ගිනි කන්දක් වන්නේ සමාජයේ අතළොස්සකගේ ඇතැම් වැරදි ක‍්‍රියාකාලාපයන් නිසාය. ජනමාධ්‍ය නවමාධ්‍ය සමාජ වගකීමෙන් යුතුව තම අදහස් පළ කරන්නේ නම් ඉතා යහපත්තය.
සංහිදියාව තුළින් අලුත් ලෝකයේ සහජීවනය අපිත් අපේක්ෂා කරමු.

Saturday, July 16, 2016

සිව්වෙනි ආණ්ඩුව හා ජනතා ආණ්ඩුව

සිව්වෙනි ආණ්ඩුව හා ජනතා ආණ්ඩුව

සිව්වෙනි ආණ්ඩුව යනු කුමක්ද ඇතමෙක් තුළ මේ පිළිබදව ගැටලුවක් ඇති වුනත් සමහර අය නම් සිව්වෙන් ආණ්ඩුව පිළිබදව දැනුවත්. සව්වෙනි ආණ්ඩුව යනු ජනමාධ්‍යයට කියන තවත් නමක්.සමහරවිට කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇයිමේ ජනමාධ්‍යට සිව්වෙනි ආණ්ඩුව කියන්නේ කයන දේ. ඒත්.....එහි වරදක් නම් දැකිය නොහැකයි. ඒ මන්දයත් අදවන විට සමාජයේ සෑම කටයුත්තකම තීරකයා බවට පත්වී ඇත්තේ ජනමාධ්‍ය නිසාවෙනි.සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික යන මෙම සෑම අංශයකම තීරකයා මෙහෙයවන්නා වන්නෙද ජනමාධ්‍යයි. ජනමාධ්‍ය යන්නට මුලිනම මෙම සිව්වෙනි ආණ්ඩුව යන නම භාවිතා කරනල ගද්දේ තොමස් කාලයිල් විසින් බව ඔබ දන්නවාද?


සිව්වෙනි ආණ්ඩුව ජනමාධ්‍ය වන විට ජනතා ආණ්ඩුව වන්නේ ජනතා ඡන්දයෙන් තේරීපත් වන මණ්ඩලයක් ලෙසට හදුන්වාදිය හැකිය. ශී‍්‍ර ලංකාවේ මෙම ජනතා ආණ්ඩුව පත් වන්නේ අවුරුදු හතරකට වතාවකි. මේ සිව්වෙනි ආණ්ඩුවත් ජනතා ආණ්ඩුවත් අතර පවතින්නේ සමීප සබදතාවයකි. මෙම දෙකට රදා පවතින්නේ ජනතා කැමැත්ත රුචිකත්වය මතවීම ඉන් එක් හේතුවක්. අනෙක් හේතව වන්නේ මේ ආණ්ඩු දෙකම සංදේශ ලබාදෙන්නේ ජනතාවට වීමයි.ජනතා ආණ්ඩුව පාලකයින වැඩිදෙනෙක් තම සංදේශ නැතිනම් පණිවිඩ ජනතා ගත කරන්නේ සිව්වෙනි ආණ්ඩුව හෙවත් මෙම ජනමාධ්‍ය මාධ්‍ය කොටගෙන. වර්තමානය වන විට මාධ්‍ය මැදිහත්වීමකින් තොරව ආණ්ඩුවක ක‍්‍රියාකාරිත්වය සර්ව සම්පූර්ණ නොවන්නාසේය.ජනතා ආණ්ඩුවක් පත්වන කාල සීමාවේදි සිව්වෙනි ආණ්ඩුව කැපී පෙනෙන කාරය භාර්යක් ඉටු කරනු දක්නට ලැබේ.

මාධ්‍ය මගින් මිනිසුන් තුළ විවිධ මතවාද ඇති කිරීම දැකිය හැකි කාරණයක්. ඔවුන් කාලෙන් කාලයට ගෙන එන මතවාද පරස්පර විරෝධි මතවාදයන්.  ඒ කොහොම වුනත් ආයාලේ යන ජනතා නියෝජිතයන්ගෙන් යුත් ජනතා ආණ්ඩුව නිවරදි මගට ගැනීමේ හැකියාවනම් මාධ්‍යට කළ හැකි කාරණයක්. එහෙත් ගොනා බැදි කරත්තය පිටුපස යන රෝදය මෙන් දේශපාලඥයෝ පසුපසම මාධ්‍යද ගමන් කරන්නේ නම් මාධ්‍ය මගින් ඉටු විය යුතු සැබෑ කාර්ය ඉටු වන්නේද යන්න පිළිබදව පවතින්නේ සැකයකි.රටක ප‍්‍රශ්න ඇති වු අවස්ථාවන්හිදී ඊට සෘජුව මැදිහත් වීමේ හැකියාව මාධ්‍ය සතුවේ. රටත ආණ්දඩු පෙරළිමේදී වුවද මාධ්‍ය සැළකිය යුතු කාර්යන් කළ අවස්ථා ඉතිහාසයේ නැතුවාම නොවේ. මේනිසා මාධ්‍ය නිදා නොසිට ජනතා ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නේනම් කෙතරම් වටින්නේද?

පෑන්තුඩ අගිස්සේ
නලියන තීන්ත බිදු........
හඩ නගයි ලියන්නට
ජනතා කදුලු කැට ගැන.......
කඩුවට කළ නොහැකිදෙය
කළ හැකිය තීන්ත බිදු වලට
ලියන්නට කියන්නට අවසරයි
සිව්වෙනි ආණ්ඩුව නුඹට............
ජනතා ආණ්ඩුවේ සැර බහින්නට

Wednesday, July 13, 2016

සැමට සැමවිට ගුණදෙන වටිටක්කා..........

සැමට සැමවිට ගුණදෙන වටිටක්කා..........


අතීතයේ අපේ පැරුන්ණෝ තමනට අවශ්‍ය ආහාර සපයා ගනු ලැබුවේ තම ගෙවත්තෙන්ම වන අතර වම ආහාර ප‍්‍රණීතය රසවත්ය ගුණදායකය. දේශීය කෘෂි තර්මාන්තය සෞඛ්‍යයට අහිතකර නොවන අයුරින් පැරුන්ණෝ භාවිතයට ගෙන ඇත. එහෙත් අද වනවිට මිනිසා තාක්ෂණයත් සමග අත්වැල් බැදගනිමින් ඊනියා හරිත විප්ලවය යැයි කියමින වස විස මිශ‍්‍ර වූ ගොවිතැන් ක‍්‍රමයකට හුරු වී සිටිති. මෙහි ප‍්‍රතිඵලය වන්නේ දිනෙන් දින අපේ සෞඛ්‍යය තත්වයට වන හානිය ඉහළ යාමයි.එහි අතුරු ප‍්‍රතිඵලය ලෙස අද බොහෝ දෙනා දියවැඩියාව හෘද රෝග වකුගඩු රෝග පිළිකා අම්ල පිත්තය වැනි රොග වලින් පීඩා විදිති. 

දේශීය ආහාර භෝග අතරින් ඇතැම් භෝගයන් සතුව විශාල ඖෂධ ගුණයන්ගෙන් යුත් වටිනාකම් ඇත.වට්ටක්කා වල එවන් ඖෂධීය ගුණයක් ඇති බව ඔබ දැන සිටියා ද? එහෙත් අපේ පැරැන්ණෝ නම් වට්ටක්කා වල ඖෂධීය ගුණය ඉතා හොචින් අවබෝධ කරගෙන සිටියහ. හේනේ කමතේ ගෙවත්තේ වට්ටක්කා වැලක් වවා ගැනීමට ඔවුහු කිසිදාක අමතක නොකළේ ඒ නිසාවෙනි. අදටත් බොහෝ ග‍්‍රාමීය පළාත්වල ගෙවතු වල මෙය දැකිය හැකිය. මෑගක් වන තුරුම වට්ටක්කා ව්‍යංජනය මළ ගෙදරක මළ බතට අත්‍යාවශ්‍යම වූ ව්‍යංජනයක් වී තිබිණ. මෙය අතීතයේ පටන් ආ සිරිතක් ලෙසටද දැක්විය හැකිය. ඔබ දන්නවාද වට්ටක්කා වල පවතින ශරීරයේ හීන වූ ශක්තිය ලබා දීමේ හැකියාව මීට හේතුව බව.  වට්ටක්කා වල පවතින මෙම ඖෂධීය ගුණය පෙන්වා දී ඇත්තේ කෝදාගොඩ මහතා විසිනි. 

වකුගඩු රෝගය නම් මාරාන්තික රෝගය අද වනවිට දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල සීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබේ. ඉන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ රජරට කලාපයේ ගොවි ජනතාවයි. එහෙත් මෙම රෝගය අතීතයේ මෙතරම් දරුණු අන්දමින පැතිර තිබූවක් නොවන බව බොහෝ දෙනාගේ මතය යි. ඇතැම් විට මෙයට හේතුව වවී ඇත්තේ ඔවුන් තම ආහාර වේලට නිරන්තරයෙන් වට්ටක්කා ව්‍යංජනය එකතු කර ගැනීම විය නොහැකි ද? ඔබ දන්නව ද? වට්ටක්කා ඇට මූත‍්‍රා හා වකුගඩු රෝග මර්ධනය කරන දිව ඔසුවක් වන බව. ඒ විතරක් ම නොවෙයි වට්ටක්කා පණු රෝග නාශකයක් ලෙසටද හදුන්වා දිය හැකියි. 
එහෙත් අද වනවිට මෙතරම් ගුණ වට්ටක්කා ව්‍යංජනය අප ආහාර වේලෙන් නම් ඈත්වී ගොස් තිබේ. විවිධ රසකාර යෙදු ආහාර වලට හුරු වී ඇති අප ආහාරයේ පවතින රසය ගැන මිස ගුණය පිළිබ`ද සැළකිලිමත් නොවන්නේ ය. 

දේශිය ආහාර භෝගයක් වක වට්ටක්කා වල පවතින ඖෂධීය ගුණය මළ බද්දය රෝගයටද ස්නායු හා රුධිර නාල ශක්තිමත් වීමට ද ඉතා යෝග්‍ය වේ. වට්ටක්කා ආහාරයක් ලෙසට පමණක් ම නොව පිපිඤ්ඤා කොමඩු ඩ‍්‍රැගන්ෆුට් වැනි යුෂ මෙන් ඉතාම රසවත් පානයක් ලෙසටද භාවිගයට ගත හැකි ය. ඒ විතරක්ම නොවේ ඇතැමුන් විසින් වට්ටක්කා විවිධ රසකැවිලි සෑදීමටද යොදා ගනී.

දේශිය ආහාර භෝගයක් වක වට්ටක්කා වල පවතින ඖෂධීය ගුණය මළ බද්දය රෝගයටද ස්නායු හා රුධිර නාල ශක්තිමත් වීමට ද ඉතා යෝග්‍ය වේ. වට්ටක්කා ආහාරයක් ලෙසට පමණක් ම නොව පිපිඤ්ඤා කොමඩු ඩ‍්‍රැගන්ෆුට් වැනි යුෂ මෙන් ඉතාම රසවත් පානයක් ලෙසටද භාවිගයට ගත හැකි ය. ඒ විතරක්ම නොවේ ඇතැමුන් විසින් වට්ටක්කා විවිධ රසකැවිලි සෑදීමටද යොදා ගනී.

අපේ දේශීය අාහාර අපි නිරන්තරයෙන් අපේ දිනපතා කෑම වේලට ඒක් කර ගනිමු.

Monday, July 11, 2016

වකුගඩු රෝගය

වකුගඩු රෝගය ගැන ඔබ දැනුවත් ද? 


ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ ප‍්‍රදේශ වල ඇති වකුගඩු රෝගය වර්තමානයේ සමාජයේ විශාල කතිකාවතකට ලක්ව තිබේ.කොදු ඇට පෙළ දෙපැත්තෙහි බෝංචි හැඩයකින් යුක්තව ඉණට පහළින මෙම අවයව පහිටා තිබෙන අතර මිනිස් සිරුරේ ඉතා වැදගත් භූමිකාවක් මෙමගින් ඉටුවෙනු ලබයි. ශරීරයේ ලේ පෙරීමට හා පිරිසිදු කිරීමට එය ඉවහල් වන අතර ශරීරයේ වැඩිපුර ඇති ජලය හා අපද‍්‍රව්‍ය ඉවත් කිරීමද සිදු කරයි.  කැල්සියම් සෝඩියම් පොස්පරස් හා පෙටෑසියම් වැනි අප ශරීරයේ ඇති වැදගත් ඛනිජ මට්ටම් පාලනය කිරීමද වකුගඩු මගින් සිදු කරනු ලබයි. මීටත් අමතරව අස්ථි පවත්වා ගැනීමට විටමින් ක‍්‍රියාත්මක කිරීමට හා හෝමෝන නිෂ්පාදන ක‍්‍රියාවලියටද වදුගඩු උපකාරි වෙනු ලබයි.

වකුගඩු රෝගය යනු කුමක් ද?
වකුගඩු වලින් නිසි කාර්යක් ඉටු නොවීම යන්න වකුගඩු රෝගය ලෙස හදුන්වනු ලබයි. වකුගඩු රෝගය නිසා ශරීරයේ අපද‍්‍රවය හා ජලය ඉවත් කිරීම වීම සිදු නොවන අතර එවන් රෝගීන්  ක‍්‍රම ක‍්‍රමයෙන් මන්දගාමී තත්වයන්ට පත්වෙනු ලබයි. වකුලඩු වලට හානි වීම එකවර හදුනා ගත නොහැකි අතර මෙය කාලයක් තිස්සේ ශරීරය තුළ සැගව පවතින්නකි. මේ නිසා මෙම තත්වය බරපතල රෝගී තත්වයක් ලෙසට ද පෙන්වාදිය හැකිය. 

වකුගඩු රෝගය බිහිවීමේ හේතු හා අවධානම් සාධක
වකුගඩු රෝගීන් ලොව පුරා මිලියන ගණනක මිනිසුන් පත්ව ඇති අතර මෙය ඇති වීමට ප‍්‍රධානතම සාධක ලෙස වාර්තාවී ඇත්තේ දියවැඩියාව හා අධි රුධිර පීඩනය යි. මීට අමතරව බැක්ටීරිය හා විවිධ ආසාත්මිකතා වකුගඩු වල නිර්මාණය වන ගල් රසයානික ද‍්‍රව්‍ය ද වකුලඩු වලට හානි පමුණුවන මුලාශ‍්‍ර ලෙසට පෙන්වාදිය හැකිය. මීට අමතරව හෘද රෝග තරබාරු බව අධික කොලෙස්ටරෝල් හා දුම්පානය ජානමය නැඹුරුතාවන්ද වකුලඩු රෝගය බිහිවීමට මුගාශ‍්‍ර වේ.

ශ‍්‍රී ලංකාවේ පවතින වකුගඩු රෝගය
ශ‍්‍රී ලංකාවේ පවතින වතුගඩු රෝගය දෙස අවධානය යොමු කරන විට මෙය වෙස්ම තත්වයකි. මෑත කාලය තුළ මෙය ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවටද පත්ව ඇත. මෙයට මූලික හේවක් තවම නිශ්චිතව සොයා ගෙන නොමැත. මුල් කාලයේ උතුරු මැද ඌව හා වයඹ දකුණ නැගෙනහිර හා මධ්‍යම පළාත් තුළ මෙම රෝගය දක්නට ලැබිණ. 
ශ‍්‍රී ලංකාවේ පවතින වතුගඩු රෝගය දෙස අවධානය යොමු කරන විට මෙය වෙස්ම තත්වයකි. මෑත කාලය තුළ මෙය ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවටද පත්ව ඇත. මෙයට මූලික හේවක් තවම නිශ්චිතව සොයා ගෙන නොමැත. මුල් කාලයේ උතුරු මැද ඌව හා වයඹ දකුණ නැගෙනහිර හා මධ්‍යම පළාත් තුළ මෙම රෝගය දක්නට ලැබිණ. 

වකුගඩු අක‍්‍රිය වීමෙන් සිදුවන දේ...........
වකුගඩු රෝගය නිසා හෘදය අකර්මන්‍ය වීම පෙනහලු වල විවිධ රෝගාබාධ ඇතිවීම සිදුවේ. රතු රුධිර ෙසෙල නිපදවීම අවම වීම නිසා නීරක්තිය නම් රෝගය හා අස්ථිෙ රෝග ඇතිවීමේ ප‍්‍රවණතාවක් පවති.


වකුගඩු රෝග ලක්ෂණ
මුත‍්‍රා පහ වීම හා ඒවායේ වඒණ වල වෙනස්කම්.  
දෙපා දණ හිස් හා මුහුණ ඉදිමීම.
තෙහෙට්ටුව හා අධික මහන්සිය.
හුස්ම ගැනීමේ අපහසුතාවය හා පපුවේ ඇතිවන වේදනාව.
ආහාර අරුචිය.

වකුගඩු රෝගයෙන් ආරක්ෂාවීමටනම්..........

සීනි ලුණු පැණිරස බීම ක්ෂණික ආහාර ගැනීම අවම කිරීම.
දිනකට වතර වීදුරු අටක්වත් පානය කිරීම.
නැවුම් පළතුරු හා එළවලු වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීම.
පැනඩෝල් වැනි ක්ධණික ඖෂධ භාවිතයෙන් වැළකීම.
දුම්පානය අත්හැරීම.

වකුගඩු රෝගයට ප‍්‍රතිකාර කළ හැක.මේහි මුලික අවදියේම වෛද්‍ය උපදෙස් නිවරදිව පිළිපදින්න. දෙන ඖෂධ නියමාකාරයෙන් භාවිතයට ගන්න.