Friday, July 8, 2016

කට වරද්ද ගන්න එපා..........


 කට වරද්ද ගන්න එපා..........
ඇයි අපිට කන් දෙකක් ලැබිලා එක කටක් ලැබිල තියෙන්නෙ. අමුතු ප‍්‍රශ්නයක් නම් තමයි....... ඒත් ඉතිං ඒ ගැනත් දැන ගන්න එක කොයි කාටත් හො`දවෙයි කියල මට හිතුනා. මොකද ඉතිං අද කට නිසා හිත නරක්වෙන අවස්ථානේ වැඩිපුර අහන්න දකින්න තියෙන්නෙත්........ දන්නවාද අපිට කන් දෙකක් එක්ක එක කටක් දීල තියෙන්නේ අඩුවෙන් කතා කරල වැඩියෙන් අහන්න ඉන්න. වැඩියෙන් අහන්න කිව්වේ අවශ්‍ය දේවල් මිස අනවශ්‍ය දේවල් නම් නෙවෙයි  ඕං...... අද නම් අඩුවෙන් කතා කරල වැඩියෙන් අහන් ඉන්න අය ඉන්නේ හරිම අඩුවෙන් කියන එක නම් විශේෂයෙන් ම කියන්න  ඕනි. ඒ වැටවල් නැත් කටවල් නිසාමනේ අද මේතරම්ම ප‍්‍රශ්න සමාජයේ ඇතිවෙලත් තියෙන්නේ.

මා`එවා නහින්නෙත් කට නිසා කියල කොයි කවුරුත් අහල ඇතිනේ. මොන වැඩක් කරන්න ගත්තත් අපේ පැරණ්ණෝ වටේ හිටිය අයට කට වරද්ද ගන්න එපා කිව්වෙත් කට කහනවට නොවෙයි කියන එකත්  අමතක කරන්න එපා........ මේ දේවල් අමතක කරල කට වරද්දගෙන පොට වරද්ද ගත්තු අපේ නායකයොත් කොයි තරම් නම් ඉන්නව ද?...... ඒ දෙවලූත් මේ වෙලාවේ මතක් කළේ ආයේ ආයේ කට වරද්ද ගන්න කලින් කොහි කාටත් මතක්වෙන්න......

නැවෙන දිව නැමෙන නැමෙන පැත්තට හරවලා කට මැට දොඩවල ලෝකයාට විහ`එවක් වෙන ඇතැම් නායකයො කියාගත්තු අය, අටපට්ටම් මූණූ හදාගෙන කරළියෙන් ම විසිවෙලා යන්නේ ඔය කට වරද්ද ගත්ත නිසාම තමයි......

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑ වගේ කියපු වචන ආයේ ගන්න එකත් කරන්න පු`එවන් දෙයක් නම් නෙවෙයි. කියන කතාවකට හිතක් රි`දුනොත් බි`දුණ වීදුරුව වගේ හදනව බොරු...... ඒ නිසා මතක තියාගන්න..........
කට වරද්ද ගන්න එපා....... 

2 comments: