Wednesday, July 6, 2016
උදෑසන ගමන
උදෙන්ම පාරට බැස්සේ දුර ගමනක් යන්න හිතාගෙන. ඉර එළියවත් තවම හරියට වැටිල නෑ. මම හිතුවේ මම විතරක්ම උදේම නැගිටල මේ දවස පටන් ගත්ත කියල. ඒත් ඒ සිතුවිල්ල් වැරදියි කයල තේරුණේ පාරට බැහැල ටික දුරක් ගියාම. නිකමට වගේ මට හිතුන මගේ පස්සෙන් කවුරු හරි එනව කියන එක. ඒත් මේ උදෙන්ම කවුරු එන්නද? කෝකටත් කියල පිටිපස්ස හැරිල බැලූවේ හිතේ තිබුණ පුංච් බයත් එක්කමයි. දෙයියනේ.... උදේ පාන්දර ඇස් දෙකට නොදකින්න ඔනි දෙයක් තමයි මම දැක්කේ. ”අනේ පුතේ මට කීයක් හරි දෙන්න ඊයේ ඉදන්ම මම මොකවත්ම කාල නෑ. පින් අත්වෙයි දරුවෝ......” ඒ වෙලාවේ මට අහන්න හිතට ආව දේවල් කොයිතරම් උනත් වෙවුලන කටහඩ රැුළි වැටුන හම ඒ ඇස්වල තිබුණු කදුඑ මාව නතර කලා. වට පිට බලලා ළ`ග තිබුණ කඬේට ගියේ අර මහලු පුද්ගලයත් එක්කමයි.
”මුදලාලි කෑම මොනවද තියෙන්නේ.....?”
මේ ළමයට ඕනි මොනවද, ඉදි ආප්ප ආප්ප පාන් ඕන දෙයක් දෙන්න පු`එවන්
බත් නැද්ද......
නෑ......තව ටිකක් වෙලා යයි.
තව වෙලා ගත්තොත් මට මගේ ගමන යන්න වෙන්නෙ නෑ. මම මහලූ මව දිහා හැරිල බැලූවේ දෙයක් හිතා ගන්න බැරිව. මම කලින් දැක්කට වඩා ලෙංගතුබවක් දැන් ඒ මූණේ තිබුණේ පුංචි හිනාවකුත් එක්කම.
”කමන්නෑ මට එහෙනම් ඉදි ආප්ප් පාර්සලයක් දෙන්නකෝ....”
මුදලාලි අතින් ඉදි ආප්ප පාර්සලේ ගත්ත මම එය අසරණ මහලූ මවට දිගු කළෙමි. දෝතම ඒ වෙත දිගු කළ ඇය ක්ෂණයකින් පස්සට ඇදුණි. කිසිවක් හිතාගත නොහැකි වූ මා පිටුපස හැරී බැලූවේ නිතැනින්මය.
”කරදරකාර ගෑණි අදත් ආවද..... මේක හරි වැඩක් වුණානේ”
කාරණය වටහාගත් මම සිනාසී ඇයට පාර්සලය දුන්නේ
”මුදලාලි තරහ ගන්නේ මොකටද මේ මම ගත්තු කෑම එකනේ”
යන කාරණය මතක්කර දෙන ගමන්ම ය.
හිතා ගන්න අමාරු වුනත් මම ගොඩක් දේවල් හිතන්න ගත්තා.
ඒත්........
හිතන්න පටන් ගත්ත වෙලේ පටන් ම ඒ හිතුණ දේවල් කිසම දෙයකට විසදුමක් නම් මට හිතාගන්න බැරි වුණා.
Subscribe to:
Post Comments (Atom)
hithsta danena post ekak.api puluvan hama welawema anith ayata udaw karanna one.
ReplyDeleteකැ දේ ගදයි.... දුන් දේ සුවදයි....
ReplyDeleteManussayakuta udau kirima thulin thawath amanusaayek gana wataha ganna puluwan una.me mahalu manussyata karapu udauwa pinak wagema e manussayage hithe ginnath bade ginnath pirenna athi.
ReplyDelete