මිත්‍යාව යන්න අද සමාජයේ බහුල වශයෙන් ව්‍යාප්තව ඇති විෂ බීජයක් යැයි කීම වරදක් නොවෙතැයි සිතමි. ශී‍්‍ර ලංකාව මිත්‍යාව යන්න බහුලව යොදා ගන්නා රටකි. ජාති ආගම් බේදයකින් තොරව සාමාන්‍ය මිනිසාගේ සිට ප‍්‍රභූ පැළැන්තියද මේ මිථ්‍යාව පසුපස හඹායනු දක්නට ලැබීම අරුම පුදුම කාරණයකි. මිථ්‍යාව යන්න ඉහ මුදුනේ තබා පිළිගන්නා අපේ රට දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් වීමද විශේෂ කාරණයකි. වර්තමානයේ මෙය ජාවාරමක් ලෙසට ද උඩු දුවන ලද පිළිකාවක් බවටද පත්ව තිබේ.

අතීතයෙ ද මිත්‍යාව යන්න නොපිළිගත් කාරණයක් නොවන්නේය. එහෙත් අතීතයේ සංස්කෘතියේ ඇතැම් සංදිස්ථාන කරණ කොටගනිමින් පුද්ගලයා මිත්‍යාව යන්න විශ්වාසයක් බවට පත්කර ගෙන තිබිණ. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මිනාසා තම සියල්ලක් සදහාම මිථ්‍යා විශ්වාසයන් පසුපස ගමන් කරන්නෝය. වර්තමානයේ මාධ්‍ය ද විවිධ වැඩසටහන් තුළින් මිථ්‍යාව යන්න සමාජයේ පතුරනු දක්නට ලැබීම කනගාටුවට කරුණකි.වර්තමානයේ මාධ්‍ය සියල්ලක්ම පාහේ සතියකට පැය කිහිපයක්ම මෙවන් වැඩසටහන් සදහා යොදවා ඇති ආකාරයද දැකිය හැකිය.මාධ්‍ය මගින් විකාශ්‍ය කරන ඇතැම් ටෙලිනාට්‍ය වල පවා මෙම මිත්‍යා විශ්වාස යන්න උද්ධෘත කර පෙන්වයි.

මාධ්‍යයේ වගකීම විය යුත්තේ සමාජයට පුරවැසියාට වටිනාකමක් ඇතිදෑ ලබා දීමය. එහෙත් මාධ්‍ය සිදු කරන්නේ සමාජ වගකීමෙන් බැහැරව කටයුතු කිරීමය. බොහො පුවත්පත් මාධ්‍ය මගින් අතිරේක වශයෙන් දිනපතාම සමාජය තුළ මෙකී මිත්‍යා විශ්වාස පතුරවනු ලබයි. මේ මෑත දිනයන්හි තුඩා බිළිදෙක් හා මවක් කොච්චියට පැන සියදිවි හානි කරගැනීමට උත්සහකළෙත් තවත් ප‍්‍රදේශයක කාන්තාවන් දෙදෙනෙකු පොළිසිය ඉදිරිපිටදීම මහපාරේ මරණයට පත්වූයෙත් මෙම මිත්‍යාවන් පසුපස යෑමේ ප‍්‍රතිඵලයන් ලෙසටය.
තාක්ෂණය දිනෙන් දින නව නිපැයුම් සිදුකරනු ලබන්නේය. ලෝකයද ඒ හා වේගයෙන් ඉදිරියට ඇදෙන්නේය. එහෙත් ඇතැම් සමාජ පිළිලයන් තවමත් රටට වින ක්රන්නේය. අපි වශ්වාස කළ යුත්තේ සොබාව දහම මිස ගුප්ත බලවේගයන් නොවන්නේය. බුදු දහමින් ද ලොවට පෙන්වා දී ඇත්තේ මෙම දර්ශනයයි. මාධ්‍ය මගින් ද මෙය මැනවින් වටහාගෙන සමාජයට එය පසක් කර දෙන්නේ නම් ඉතා අගනේය.
.
No comments:
Post a Comment