යුද්ධය අවසන් වී ඇත. එහෙත් යුද්ධයේ අදුරු මතක අදුරු සෙවනැලි තවම අවසන් වී නොමැති තරම්ය. බලය යන්න මුල්කරගෙන ද‍්‍රවිඩ සිංහල දෙපිරිස අතර ඇති වූ ගැටුම කෙමෙන් කෙමෙන් විශාල වී පාර්ශව දෙකක දරුණු යුද්ධයක්ව වසර ගණනාවක් පැවතුණි. එහෙත් 2010 වසරේ මෙම කුරිරු යුද්ධයේ නිමාව සනිටුහන් විය. නිතර නිතර ඇසෙන්නට ලැබුණු බොම්බ පිපිරීම් පිළිබද විස්තර යුද්ධයේ බිහිසුණු වාර්තාකරණයන් ටිකෙන් ටක අපේ ජීවිත වලින් ඈත් වෙන්න පටන් ගත්තා. නිදහසේ රටට සාමයේ පණිවිඩ ගලාගෙන ආවේ හැමදෙනාටම අලුත් බලාපොරොතුතුවක් අරගෙන. එත් අපි ඒ දකින්න ආස කළ රටට අද අපිට දකින්න පුලුවන ද?
සංහිදියාව යන වචනය අප භාවිතයට එන්නේ යුද්ධය අවසන් වීමත් සමග ජාතීන් අතර සුහදත්වය ඇතිකිරීම යන කාරණය මුල්කර ගනිමින්. සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම මින්ස්සු. එහෙනම් ඇයි අපි හැමෝටම හිතන්න බැරි අපි හැමා්ම ශ‍්‍රී ලාංකිකයන් කියනදේ. අපේ භාෂාව අපේ සංස්කෘතිය අපේ ආගම මේ දේවල් වෙනස් උනත් අපි හැමෝම ඇට ලේ මස් වලින් නිර්මාණය වුණ මේ ලෝකෙ ජීවත් වන තවත් ජීවින් කොටසක්. ඒත් මිනිස්සු එය තේරුම් නොගන්න තාක් කල් සංහිදියාවක් ගැන කතාකළ නොහැකියි.
විශ්වවිද්‍යාලය කියන්නෙ ජාති කුල ආගම් මේ කිසිම සීමාවකට මායිම් නොවී සෙහා්දරත්වය යන පදනම මත අත්වැල් බැදගෙන සිටින පිරිසක් ජීවත් වෙන භූමියක්. ඒත් එහෙම සහොදරත්වයක් තියෙනවා නම් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් එකිනෙකාට ගහ මරාගන්න පෙළඹුණේ ඇයි...? වඩාත් අවධානය යොමුකළ යුතු කාරණයක් නොවන්නෙද?සංස්කෘතික අංගයක් වෙනුවෙන් මෙතරම් විරසකයක්....... රටේ අනාගත පරපුර මෙලෙස හැසිරෙන්නේ නම් අනාගතය ගැන දකින සුබ සිහින කොතනින් කෙළවර වෙයිද.....? විශ්වවිද්‍යාල වල ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒත් මෙම ගැටුම සාමාන්‍ය දෙයක් ලෙසට පමණක් සිතා ඉවත දැමිය නොහැකි දෙයක්.මෙම ගැටුම ඇතිව ඇත්තේ ජනවර්ග දෙකක සිසුන් පිරිසක් අතරවීම එයට හේතුවයි. මේ කාරණය පිළිබදව විවිධ පිරිස් විවිධ මත පළ කර අවසානයි. බුකියේද දැං ප‍්‍රධාන කතාන්දරය මේ සිදුවීමයි...එහෙත් කියන කරන දේවල් සිහිබුද්ධියෙන් යුතුව යොදාගන්න ඔය කොයි කවුරුත් උත්සාහ කරනවනම් එය තමයි වැදගත්ම කාරණය....
විවිධ සමාජ සංවිධාන දෙශපාලඥයන් පසුගිය සිදුවීම් සදහා දුන් අර්ථකථනයන් අපි දුටුවෙමු. ඇසුවෙමු. දේශපාලන වාසි පමණක් තකා මෙම සිදුවීමත් ඒ අයුරින්ම යොදානොගන්නේ නම් එය රටටද කරන යහපතකි.
අදුරු කලු වලාවන්ගේ ඇදෙන රිදී රේඛාවන් තවම ඇත්තේ පෙනී පෙනී් නොපෙනෙන මට්ටමේය. රුදුරු යුද්ධයේ ගිනි පුපුරු තවමත් අලුයට සැගව ඇත. මේ ගිනි පුපුරු ගිනි කන්දක් වන්නේ සමාජයේ අතළොස්සකගේ ඇතැම් වැරදි ක‍්‍රියාකාලාපයන් නිසාය. ජනමාධ්‍ය නවමාධ්‍ය සමාජ වගකීමෙන් යුතුව තම අදහස් පළ කරන්නේ නම් ඉතා යහපත්තය.
සංහිදියාව තුළින් අලුත් ලෝකයේ සහජීවනය අපිත් අපේක්ෂා කරමු.
No comments:
Post a Comment