Monday, July 25, 2016

මවක් වීමට සිහින දකින ඔබට.......



ගැහැණු දරුවෙකු මව්කුසින් මෙළොව එළිය දුටුපසු නැවත තුන්වරක් ඇය උපත ලබන බව ඔබ දන්නවාද? මෙය පුදුම විය යුතුු කරුණක් බව සැබෑවකි. එහෙත් එය විශ්වාස කළ යුත්තක.ි ගැහැණු දරුවෙකු මල්වර වීමෙන් ඇය නැවත පළමු වරට ඉපෙදෙනු ලබයි. මල්වර වූ පසු ගැහැණු දරුවෙකු අලුත් ජීවිතයක් අරඹන්නේ එහිදී ඇය මවක් වීමට අවශ්‍ය පළමු සුදුසුකම ලබන නිසාවෙනි. ද ගැහැණු දරුවෙකු දෙවෙනි වරට උපත ලබන්නේ ඇය පතිනියක් ලෙස කිරුළ දිනදා ය. අලූත් ලේ ඥාතීත්වයක් හා නව සම්බන්ධතා සමූහක් ඇති කරගනු ලබන්නීය. ඇය නව නිවසකට සෞභාග්‍ය සතුට සම්පත රැුගෙන යන්නීය. ගැහැණු දරුවෙකු තෙවැනි වරට උපත ලබන්නේ ඇය මවක් වූ පසුවයි. මව් පදවිය යනු ලොව ඇති උතුම්ම පදවියයි. 

දෙදෙනෙකුගේ විවාහ වීමෙන් පසුව ඔවුනගේ එකම බලාපෙරොත්තුව වන්නේ තමන්ගේම ලෙයින් උපන් දරු පැටියෙකුගේ සිනා හඩ සුරතල් කතාවන් ඇසීමයි. මේ හීනය සැබෑවන දින යනු ඔවුනගේ ජීවිත වලට නව බලාපොරොත්තු එක් වීමකි. එහෙත් හිතන පතන විදිහටම පුංචි පැටවෙකු තමන්ගේ පුංචි කැදැල්ලට ගෙන ඒමට නොහැකි වුවහොත්...... ඇතිවන ප‍්‍රශ්න මහ මෙරක් තරම්. ඇස් අද්දර දැකපු හැම හීනයක්ම බො`දවෙලා යන්නේ හිතන්නෙවත් නැති විදිහට. ඒත් ඔබ දන්නවාද.........? මවක් වීමේ වරම් ඔබෙන් ගිලිහී යන්නේ ඔබේම ඇතැම් නොසැළිකිලිමත් බව හා නොදැනුවත්කම් නිසාවෙන් බව. අද මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නේ මවක් වීමට නොහැකි වන රෝග කිහිපයක් පිළිබ`දවය.

ලිංගාශි‍්‍රත රෝග නිසා අදවන විට තරුණියන් මෙන්ම කාන්තාවන්ද පීඩාවට පත්වේ. ඒත් මෙම රෝගී තත්වයන්ගෙන් පීඩා විදින කාන්තාවන් ඊට නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට මැලිකමක් දක්වනු ලබයි. මීට හේතුව ඔවුහු මෙම රෝග සම්බනධයෙන් දක්වන හැ`ගීමයි. ඒත් මෙම රෝග ඔබේන් මවක් වීමේ අවස්ථාව උදුරා ගන්නා බව අමතක කරන්න් එපා......

වැඩිවියට පත්වුණූ යුවතියකගේ ඔසප් චක‍්‍රය නියමාකාරයෙන් සිදුවිය යුතුය. එසේ නොවීම ඇමිනොරියාව නම් රෝගයේ රෝග ලක්ෂණයකි. මෙහිදී යුවතියකගේ ඔසප් වීම සිදුනොවෙනු ලබයි. මෙය දරුවෙකු පිළිස`ද ගැනීමේදී ප‍්‍රබලව බලපාන සාධකයකි. මෙම රෝගය ඇතිවීමට විවිධ ඖෂධ වර්ග වල බලපෑම, අධික ලෙස ව්‍යායාම් වල නිරතවීම, මානසික ආතතිය, ශරීරයේ බර අඩුකම, වැනි සාධක බලපානු ලබයි. කෙසේවුවද ඔබ මෙම රෝගයෙන් පීඩාවි`දින්නේ නම්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම යහපත්ය.

එන්ඩොමෙට්රෝසිස් නම් රෝගයද ඔබේ මවක් වීමේ සිහිනය ඔබෙන් දුරස්කරනු ලබයි. ඔබ දන්නවාද.....? එන්ඩොමෙට්රෝසිස් නම් රෝගය ඇති කාන්තාවන්ගෙන් 30% ත් 40% ත් අතර කාන්තාවන් ප‍්‍රමාණයක් දරුවෙකු පිළිසි`ද ගැනීමේ අපහසුතාවයෙන් පසුවෙන බව. මෙම රෝගී තත්වයේදි සිදුවන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තිවල ඇති එන්ඩොමෙට්රෝසිස් නම් පටලයට හානි සිදුවීමයි. සමාන්‍යයෙන් කාන්තාවකට දින 28කට වරක් සිදුවන ඔසප් වීමේදී මෙම පටලය ගැලවීයාම සිදුවේ. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ මෙම පටලය පැලෝපීය නහර තුළින් උදර කුහරයේ තැන්පත් වෙනු ලබයි.මෙයින් පැලෝපීය නහර වලට මෙන්ම ඩිම්බ කෝෂ වලටද හානි සිදුවන අතර එය දරුවෙකු පිලිසි`ද ගැනීමේදී බලපානු ලබයි. මෙම රෝගයේ ප‍්‍රධානම රෝග ලක්ෂණය වන්නේ ඔසප් වීමේදී අධික වේදනාවක් ඇති වීමයි.

ගර්භාෂයේ මෘදු පටලවල ඇතිවන ගෙඩි නිසා ඔබ වේදනාවට පත්වී සිටින්නේද? මෙය ෆයිබ්‍රොයිඞ් නම් රෝගීතත්වය වන අතර ආයුර්වේදයේ මෙම රෝගය හ`දුනවන්නේ සුත‍්‍රාර්බුද රෝගය නමිනි. මෙම රෝගීතත්වය ඇති වීමට තවම නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. රුධිරයේ ඇති ඊස්ට‍්‍රජන් අධික වීම ඇතැම් විට මෙයට හේතුවක් වනු ඇතැයි ඇතැම් පිරිස් මත පළ කරනු ලබයි. කේසේවෙතත් මෙම රෝගයද ඔබේ මවක් වීමේ සිහිනය බො`දකරනු ලබයි.

මවක් වීමට පෙරුම් පුරන ඔබ මෙම රෝග පිළිබදව වඩා සැළකිලිමත් වන්න. 


අන්තර්ජාලය ඇසුැරනි.*
සටහන: හිමාලි ප‍්‍රියංගිකා

No comments:

Post a Comment