Tuesday, August 9, 2016

රග මඩලෙන් නිවී ගිය පහන් තරුව

Image result for vijaya nandasiri






















සටහනඃ හිමාලි ප‍්‍රයංගිකා

වේදිකාවට සිනමාවට අලුත් මූණු එකතු වන්නේ නිරන්තරයෙන්. එත් ඒ මූණූ අතරේ ප්‍රෙක්ෂක මනසේ රුදෙන්නේ ඔවුන් ආදරය කරන සිත් දිනා ගත් මුහුණූ පමණයි. ඒ ලෙස සිනමාවට ටෙලි නාටක වලට වේදිකා නාට්‍ය වලට එන මූණූ අතරේ කාටත් අමතක නොවන සුන්දර නිහතමානි සිනහවකින් යුතු කලාකරුවෙකි විජය නන්දසිරි කලාකරුවාණෝ. ඔහු රංගනයන් මෙන්ම ගායනයෙන්ද පේ‍්‍රක්ෂක හදවත් තුළ නවාතැන් ගත්තේය .එහෙත් ලොකු පොඩි කොයි කවුරුත් ආදරය කළ ඒ තරුව අද රග මඩලෙන් මෙන්ම ජීවන මංපෙතෙන්ද සමුගෙන අවස්න්ය.

ඔහුගේ සමුගැනීම පුවත්පත් රූපවාහිනිය ගුවන් විදුලිය නොයෙක් ආයුරින සිදු කරනු ලැබීය. බුකියෙහිද වැඩිමනක් පොස්ට් වෙන්ව ඇත්තේ මේ අසහය කලාකරුවා වෙනුවෙන්ය. මේනි සාවෙනි ඔහු පිළිබද යමක් ලියන්නට මා ද අදහස් කළේ. ඔහු නිසා සිනහ නොවූවන් නොමැතිතරම්ය. මේ විජය නන්දසිරියන් ගැන මගේ සටහනයි.

සීනාවීමට අප කාටත් පුලුවන්. එත් කෙනෙක්ට සීනාවක් දීමට පුලුවන් එහෙමත් අයෙක්ට පමණයි. විහිලුකරුවන් අනන්තව පුංචි තිරයෙ කොතෙකුත් සිටියත් ඔහුට සමකළ හැකි අයෙක්නම් මා ඒ අතර දුටුවේ නැත. ඔහු සැබෑ දක්ෂයෙකි. මා විජය නන්දසිරි කලාකරුවා දන්නනේ නොනාවරුන් මහත්වරුන් ටෙලි නාට්‍ය නැරඹු නිසාවෙනි. එවක් පටන් මාගේ ප‍්‍රියතම විකට නලුවා වුයේ ඔහුය. ප‍්‍රහසන කලාවේ සැබෑ රංගධරයා යැයි කීම වරදක් නොවන්නේ ඒ නිසාවෙනි. ගොන් ටොක් යොදා මිනිසුන් සිනාසීමට උත්සාහ කරන නලුවන් අතර ඔහු නිරායාමයෙන් අප මුවගට සිනාහව කැන්දන් එන ලදි.

1972 වර්ෂයේ උපත ලබන විජය නන්දසිරි මහතා මුලින්ම කේෂ්ත‍්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය ශිල්පියෙකු ලෙසයි. ඒ 1966 අමරදාස ගුණවර්ධනයන්ගේ විදුර දිව වෙිදිකා නාට්‍යට රංගන දායකත්වය ලබාදෙමිනි. ඉන්පසුව මනමම් වේදිකා නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතය හරහා පේ‍්‍රක්ෂක හදවත් දිනාගත් මොහු මනමේ කුමරු චරිතය හරහා වේදිකා නාට්‍ය තුළ දැවැන්ත චරිතයක් බවට පත්විය. මීට අමතරව වෘෂභ රජු සුබ හා යස සිංහබාහු කුවේණි කුස පබාවති ආදි වේදිකා නාට්‍ය රුසකට රංගනයෙන් දායක වී තිබේ.

මෑත කාලයේ බල්ලොත් එක්ක බෑ කකුල් හතරේ ඉලංදාරියා අලුත් හොරෙක් වේදිකා නාට්‍ය ඔහුගේ් රංගනයෙන් විචිත‍්‍ර වු වේදිකා නාට්‍ය කිහිපයකි.  විජය නන්දසිරි මහතා මිය යාමට දින දෙකකට කලින් රංගනයෙන් දායකත්වය දැක් වූ වේදිකා නාට්‍ය වන්නේ අලුත් හොරෙක් වේදිකා නාට්‍යයි. අලුත් හොරා අපේ සිත් හොරෙන් ගෙන රග මඩලට සමු දී ඇත.

විජය නන්දසිරි මහතා ටෙලි නාට්‍ය හා සිනමා පට වලටද තම රංගනයෙන් දායක වී තිබේ. ඒ අතර යර්ස් බොස් නෝනාවරුන් මහත්වරුන් සටකපට වැනි ටෙලි නාට්‍යද සිකුරු හතේ සුහද කොකා වැනි සිනමා පටද විශේෂය.

රටක් සිනාහ සාගරේ ගිල්වුුු ඔබ අද රටක් හඩවා නිහඩ වී ඇත. එහෙත් ඔබේ මතකයන් ඔබේ නිරහංකාර සිනාහව කිසිදින අමතක නොවෙනු ඇත. විජය නන්දසිරි.......අසහය කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා......



6 comments: